මඟ පෙන්වීම යහපත් නම් නිර්මාණ කරුවන්ගේ අඩුවක් නැහැ

දෙසැම්බර් 13, 2019

රට අරාජික නම් පිළිවෙල පිරිසුදුකම, එකමුතුකම යන කිසිවක් පවතින්නේ නැහැ. පසුගිය කාල වකවානුවේ. ඒ නිසාම රට කුණු කන්දල්වලින් පිරුණ අපිළිවෙල සහගත වුණා. අපේ ස්වභාවික සම්පත් රැකගන්න නියම නායකයකු නැති බව දත් පිරිස් ගෙදර කුණු තැන තැන පාරේ දමා යන්නට ගියා වැඩිමනක්ම එසේ වුණේ නිසි පරීක්ෂාවක් ඒවාට දඬුවම් දීමේ ක්‍රමවේදයක්ද නැති නිසා. තව කෙනෙකු කරන දෙයක් අන් අයත් කරනවා මිස එය රටට සමාජයට හොඳ ද නැද්ද යන්න තේරුම් ගත් අයෙක් සිටියේ නැහැ. ඒ නිසා තමයි අපිරිසුදුකම මෙන්ම රටේ ආරක්ෂාව සුරක්ෂිත භාවය නැතැයි බොහෝ දෙනෙක් සිතා ගත්තේ. එසේ සිනා තම සිතැඟියාව අනුව බොහෝ අය කටයුතු කරන්නට වුණා. ඒ අනුව ආත්මාර්ථය අසමානතාව අසමඟිය පතලවූවා පමණක් නොව මුදල් මත පදනම් වූ සමාජය මිනිස්කම පවා උකසට තබන්නට වූවා. එහෙත් අද වර්තමානය එසේ නොවේ. කුමක් හෝ අවාසනාවකට රට සිව්වසරක් පමණ අඳුරට ගොදුරු වී තිබුණත් මෙලොව පාලනයය කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයෙන් ආශීර්වාදයෙන් රට අද හරි අතට පත් වී තිබෙනවා. කිසියම් තැනක කලාව සුන්දරත්වය නැතිනම් රට අරාජිකවනවා වලක්වන්න බැහැ. ඒ තත්ත්වය කණපිට පෙරළෙමින් වූ සමාජ සෝදකත්වය බොහෝ කලාකාමි තරුණ තරුණියන්ගේ කුසලතා මතු වෙමින් රට තොට මග තොට අලංකාර වෙමින් විචිත්‍රවත් වෙමින් කොටින්ම කියනවා නම් චිත්‍රණය වෙමින් පවතිනවා දැකීම තරම් සතුටක් අප අතර වෙනස් නොමැති තරම්. මොන නිර්මාණකරණයට වුවද කෙනෙකුගේ අනුබලය අවශ්‍යයි, සුරක්ෂිතතාව අවශ්‍යයි. ඒ දෙකම නැති තැන අපේක්ෂා භංගත්වය මත තරුණයෝ වල් වැදෙනවා. විවිධ උද්ඝෝෂණ කරනවා. පාරට බහිනවා. රට වගකිව යුත්තන්ට අභියෝග කරනවා. මෙසේ වන්නේ කිසිත් කර කියා ගන්න බැරිව තම අදහස් උදහස් සිතයට සඟවාගෙන ඉන්න විටයි. ඒවා මුදවා හැරීමට පුළුවන් පරිසරයක් තිබේ නම් කිසිම ගැටලුවක් වන්නේ නැහැ. තමා කෙතෙක් හොඳ නිර්මාණයක් කළත් එය අගයන්නේ නැත්නම් එය සුරක්ෂිත කරන කෙනෙක් නැතිනම් එම නිර්මාණය කිරීමෙන් ඵලක් නැතැයි නිර්මාණ කරුවා සිතන්නේ ඒ නිසා ය. ඒ නිසා බොහෝ අය අනාරක්ෂිත රටක සේයා දකිමින් නිකරුණේ හැසිරෙන්න. විවිධ අපරාධවල නියැලෙන්න කුඩු වැනි මත් ද්‍රව්‍ය වලට යොමුව හුදෙකලාව මුළු ගැන්වෙන්න. තමාගේ දෙමාපියනට බරක් වන්නට තරුණ තරුණියෝ පෙළඹුණා පමණක් නොව ඒ අය රටට බරක් වන්නට පවා හේතු වුණා. අද එසේ නොවී විශාල ප්‍රවණතාවයක් ලෙසින් රටේ සැඟව සිව් අපේක්ෂා භංගත්වයෙන් මුළු ගැන්වී සිටි පිරිස එළියට බැස විවිධ නිර්මාණ කරමින් තමාගේ සිතේ ගුලි වී සිටි නිර්මාණ ලොවට හෙළි කිරීමට කැප වෙලා ඒවා දකින සමාජ සේවක සේවිකාවන් ඒ අය තව තවත් එකතු වෙලා පිරිස එකාමෙන් රොද බැඳගෙන එකම කඳවුරක් වෙලා දැකීම තරම් සතුටක් අපිට තවත් නැති තරම්. අද සිය නිර්මාණය අගය කරන්නට එය සුරක්ෂිත කරන්නට සමාජය පිරිසුදුව තබා ගන්නට ඒවාට පොදු වටිනාකමක් දීමට පිරිසුදු සිතක් ඇති පැහැදිලි විනයක් ඇති ජන නායකයකු පහළවීම මේ අරුමයේ හේතුවයි. ඉතින් මේ අරුම සහගත වෙනසට විවිධ අංශයේ නිර්මාණකරුවන් තව තවත් බිහි වේවා.

එවිට අපේ රට සරු සාරවත් අලංකාර අභිමානවත් අභිවෘද්ධි සහගත රටක් වේවි. එයයි අප බලාපොරොත්තු වූ දෙය. එයයි අප බලාපොරොත්තු වූ අනාගතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.