අත් අකුරු පවසන ඵලාපල

මැයි 31, 2019
ලොකු අකුරු ලියන අය බෙහෙවින් වියදම් කිරීම මෙන්ම අන්‍යයන්ට ධන ධාන්‍ය මුදල් ආදිය ලෝබ නැතිව පරිත්‍යාග කිරීමද ඉතාමත් ඉටුකරන්නෝ ය. රූල් නැති කඩදාසියේ ලිවීමේ දී බොහෝ අයට පේළි එකම ක්‍රමයකට ලිවීමට අපොහොසත් ය. 
 
“එයාගේ අත් අකුරින් නම් පෙනෙන්නේ ලෝභයෙක් වගේ. මේ අත් අකුරින් නම් පෙනෙන්නේ ලෝබ නැති කෙනෙක්නේ.” මෙලෙස විවිධ කතා පැවසෙන්නේ මේ අත් අකුරු පිළිබඳ දන්නා දක්ෂයෙක් නොවෙන්නට ද විය හැකි ය. එහෙත් අත් අකුරු ස්වරූපය අනුව එලෙස නිගමනය කිරීමට ඇතැමුන් ඉදිරිපත් වන මෙම අත් අකුරු පිළිබඳ බොහෝ අය මනා සෙවිල්ලෙන් මෙන්ම සියුම් ලෙස හෝ ඒ අය අත්අකුරු පිළිබඳ යමක් දන්නවා යන්න නොවේද? 
මෙයින් පෙනී යන්නේ අත් අකුරු විද්‍යාව කෙරේ දැනුම නොවූවට අත් අකුරු නිතර දැකීම මෙන්ම ඒ අය ඇසුරින් ඒ අයගේ ගුණ දක්නට ලැබී පැවසෙනවාද යන්න අපට හැඟී යයි. 
එය කෙසේ වුවද අත් අකුරු විද්‍යාවේදී අකුරු හැඩය, ලිවීමේදී පේළිය ඇදවීම, කෙළින් ලලියවීම මෙන්ම විවිධ සැඟවුන තොරතුරු විද්‍යාමානවීම විමසා බලමු. එවැන්නක් විමසීමේදී සෙවිය යුතු විවිධ දේ රාශියකි.කෙනෙකු ලිවීම කරන අවස්ථාවේ වචන අතර, පේලි අතර ඉඩ තැබීමේ පිළිවෙල කඩදාසියේ දෙපැත්ත හිස් තීරු තබන අන්දම අකුර පැත්තට නැමීම ආදිය අකුරක කලාත්මක බවද දක්නට ලැබිය හැකි ය.
මගේ මෙම උත්සාහය එක් එක් අයගේ අකුරු ගෙන විමසා ප්‍රතිඵල විග්‍රහයක් කිරීම නොවේ. අත් අකුරු විද්‍යාව අනුව මූලික කරුණු කීපයක් අවධානයට යොමු කිරීම පමණි.
අරපරිස්සමින් කටයුතු කරන අය මෙන්ම ඉතිරිකිරීමේ අදහස තිබෙන අය පේළි අතර පරතරය ඉතා අඩුව තබයි. දෙපැත්තකින් එක පැත්තක හිස් තීරුවක් ලිවීමට පාව්චිචි කිරීම නිරායාසයෙන්ම ඇතිවේ.
අකුරු ඉතා කුඩාවට ලියන අය එක්තරා තත්ත්වයකට ලෝබ බවද දක්නට ලැබේ. එහෙත් සමහර අය කඩදාසිය ඉතුරු කලාට මුදල් ලැබුණ අවස්ථාවලදී  මුදල් වියදම් කරන්නේ උපයන වේගයටද අඩුවය. මෙවැන්නෙක් කෙනෙකුගෙන් යමක් ඉල්ලා ගැනීම මෙන්ම ණය ගෙවීමට අකමැති බවද බොහෝ විට දක්නට ලැබිය හැකි ය.
ලොකු අකුරු ලියන අය බෙහෙවින් වියදම් කිරීම මෙන්ම අන්‍යයන්ට ධන ධාන්‍ය මුදල් ආදිය ලෝබ නැතිව පරිත්‍යාග කිරීමද ඉතාමත් ඉටුකරන්නෝ ය. රූල් නැති කඩදාසියේ ලිවීමේ දී බොහෝ අයට පේළි එකම ක්‍රමයකට ලිවීමට අපොහොසත් ය. මෙයින් පෙනී යන්නේ එවැන්නෝ ක්‍රමානුකූලව සියුම් වැඩ කිරීමේ අදක්ෂ අය බවය.
බොහෝ විට වැඩි ප්‍රමාණයක් පේළි නියමලෙස එක පේළියට ලියන අය බොහෝවිට ලිවීමේ දැනීමේ දක්ෂ අය වෙති. මේ අය ලිවීමේ දී පේළිය එක් පැත්තකින් පහළට යයි නම් එය අයහපත් ය. 
රවුම් අකුරු ලිවීමේ දක්ෂ අය තේරුම් ගැනීමටද පහසු අය වේ. මේ අය අන්‍යයන්ට විවිධ කාර්යයන්හිදී තැනදී කටයුතු කරයි. එනම් එක සංයමයකින් කටයුතු කරන අතර කෙනෙකු සමාජීය වශයෙන් සමගිව යාමට සිතන නිසා ය.
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
රත්නදේශපි‍්‍රය 
අමරසූරිය
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.