වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඔසු ගුණ පිරි කුරුම්බා
අධික වශයෙන් කෘමිනාශක සහ වල්නාශක යොදා ගොවිතැන් කටයුතු සිදුකරන බැවින් අප පානය කරනු ලබන ජලයද බොහෝ සෙයින් එම විෂ නිසා දූෂිත වී ඇත. මෙම විෂ සහිත ජලය පානය නිසා නිරන්තරයෙන් අපව රෝගී වන බව පැහැදිලි කාරණයකි. වර්තමානයේ බහුල ලෙස රජරට ප්‍රදේශයේ දක්නට ලැබෙන වකුගඩු රෝග මේ සඳහා හොඳම උදාහරණයකි.
මෙවන් තත්ත්වයක් තුළ වෙනත් ගුණදායක පානයක් ගැනීම නිරෝගි බව රැක ගැනීමට බෙහෙවින් හේතු වේ. මෙවන් වූ පානයන් අතුරින් කුරුම්බා වැනි ස්වභාවික පානයක් ගැනීම අතිශයින්ම වැදගත් වේ.
අම්ල පිත්තය, අශ්මරී, මුත්‍රා දැවිල්ල සහ ප්‍රමේහ ආදි රෝග සඳහා ඉතාමත් සහනය ලබා දෙන පිපාසය සහ විඩාව සංසිඳුවන රසවත් ගුණදායක පානයක් ලෙස කුරුම්බා වතුර හැඳින්විය හැකිය. ආයුර්වේදයට අනුව තැඹිලි හා සමානවම කුරුම්බා ප්‍රධාන තැනක් ගනු ලබයි.
විශේෂයෙන් මිනිසාගේ බඩගින්න සංසිඳවීමටත් ශරීරය සිසිල්කිරීමටත් කුරුම්බා වතුර සහ මදය ප්‍රයෝජනයට ගනු ලබයි. තවද, කෑම සහ බීම අඩංගු එකම ඵල වර්ගය ලෙසද කුරුම්බා හඳුන්වනු ලබයි.
සමහර ගම්බද ජනතාව ඇතැම් අවස්ථාවලදී කුරුම්බා වතුර පානය කොට කුරුම්බා මදය ද,ආහාරයට ගෙන වේලක් පිරිමහ ගන්නා අවස්ථාවන්ද දක්නට ලැබෙයි. එසේම සිංහල ගැමියා අතීතයේ පටන් ආගන්තුක සත්කාරය සඳහා කුරුම්බාවලින් සංග්‍රහ කිරීමද සිරිතක් කර ගෙන තිබිණි.
තවද, මුහුදුබඩ ප්‍රදේශවල විශේෂයෙන් දකුණු පළාතේ බොහෝ නගරවල, දුම්රිය හා බස්රථවල කුරුම්බා ගෙඩි විකිණීම ද සුලබ දසුනකි. මුහුදුබඩ ප්‍රදේශවල ලුණු මිශ්‍ර වැලි පසෙහි ඉතා සරුසාරව වැඩෙන පොල් ගස්වල ලපටි ඵලය ලෙස කුරුම්බා ප්‍රයෝජනයට ගනු ලබන අතර මෙම කුරුම්බා මෝරා යාමෙන් පසුව පොල් බවට පත්වේ.
සාමාන්‍යයෙන් එක වල්ලක ගෙඩි දහයකට වැඩි ප්‍රමාණයක් හට ගන්නා අතර සමහර සරුසාර ගස්වල ගෙඩි විසිපහක පමණ වල්ලක් සෑදිය හැක. පොල් ගෙඩි සෙලවූ විට එහි දිය චංචල වන අතර ශබ්දය ද ඇසෙන අතර කුරුම්බා ගෙඩි චලනය කළ විට එහි චලන හඬ නොඇසේ. වතුර පිරුණු කුරුම්බා ගෙඩිය පොල් ගෙඩියට වඩා දෙගුණයක් පමණ බරින් යුතු අතර ඒවායේ දියරවලට අමතරව ඇති මදය ලොඳ ගතියෙන් යුතුය. එහි නැට්ටට සම්බන්ධ ප්‍රදේශයේ ලොඳ ප්‍රමාණය අධික වන අතර අනෙක් ප්‍රදේශයේ ලොඳ ප්‍රමාණය අඩුය.
කුරුම්බා හට ගනු ලබන පොල් ගසේ,
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන