බෙහෙත් මංජුසාව

නොවැම්බර් 22, 2024

මැරුණු සම ඉවත් කරන වැටකොළු

ස්වාභාවික විෂ නාශකයක් වන වැටකොළු ආහාරයක් ලෙස මෙන්ම සමේ පැහැය ආදිය පවත්වා ගැනීමට ඉතා වටිනා පෝෂ්‍ය ගුණ සපිරි එළවළුවකි. ආදි කාලයේ සිටම මේරූ වැටකොළු සිවිය වියළා තබා ගන්නේ මැරුණු සම ඉවත් කිරීමට හෙවත් නාන විට කුණු ඉලීමට භාවිත කිරීමටය. මේ වන විට සුපිරි වෙළෙඳසැල්වල ද ඒ වෙනුවෙන්ම සැකැසු වැටකොළු කොසු දක්නට ලැබීම එය නවීකරණය වී ඇති ආකාරයට හොඳ නිදසුනකි.

ආහාර අරුචියට

මිංචි කොළ, ගම්මිරිස්, දිය ලුණු කරාබු නැටි, දෙහි ඇඹුලින් අඹරා දිනකට තුන් වරක් බොන්න.

සවිඳ ලුණු, අමු ඉඟුරු, දෙහි ඇඹුලින් අඹරා ගුළි කර නිවුණු උණු වතුරින් බොන්න.

චූර්ණයක්

කුරුඳු පොතු, කලාඳුරු අල, එනසාල් ඇට, කොත්තමල්ලි කුඩු කර වරකට තේ හැඳි 1ක් උණුවතුරට දිය කර කෑමට පෙර බොන්න.

ඇණ ඇනුණු විට

පෙරුම්කායම් හා අමු කහ, බිලිං ගෙඩියක් තුළට දමා උණු අළු පල්ලේ අඹරා බඳින්න.

තැළුණු විට

පරණ ගොරක පළු කරාබු නැටි සීනක්කාරං සමව ගෙන පොල් විනාකිරෙන් අඹරා තබා බඳිනු.

ඉන්නන්ට

වලාවැන්න යුෂ රත්කර ගාන්න. ගුරළ ගෙඩි පොඩිකර ගාන්න. සුළුනය කොළ හුණු සමඟ අඹරා ගාන්න.

ඉස්හොරිවලට

තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4යි මී තෙල් අවුන්ස 1යි කලතා අව්වේ තබා කකාරා ගාන්න.

උඳුගොව්වන් කනවාට

නියඟලා අල - කළුතල ඇට සෙංකොට්ටන් සමව ගෙන ඇල් වතුරින් අඹරා ගාන්න.

යටිපතුල් පැළෙනවාට

ඉදුණු වැටකේ කොළ පුළුස්සා අළු ගෙන තල තෙලින් දියකර ගාන්න.

තල කබලේ බැද ගිතෙලින් අඹරා ගාන්න.

පොල් ගෙඩියක වතුර ඉවත්කර ඊට දළුක් කිරි පුරවා මූඩිය වසා සතියක් වී ගොඩක් මැත තබා ගෙන එහි උඩට මතු වී ඇති තෙල් රාත්‍රියට පිට ගාන්න.

 

 

ශාන්ති කර්ම ගුප්තවිද්‍යාවේදී එස්.ටී. එස් ද සිල්වා 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.