ඔබට ගැළපෙන රැකියාව අත්ලෙන් හඳුනා ගන්න

ඔක්තෝබර් 11, 2024

සමාජයේ ජීවත් වන අප සැමටම එකම ආකාරයේ රැකියාවක් කිරීමට පුළුවන්කමක් නැත. ගොවියන්, කම්කරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් වැනි සෑම කෙනකුගේම සේවය සමාජයේ පැවැත්මට බලපානු ඇත. ඒ ඒ අයගේ අධ්‍යාපන සුදුසුකම් ද ඒ ඒ රැකියාවන් ලබා ගැනීමේ දී බලපායි. මේ කෙසේ වුවත් හස්තරේඛා ශාස්ත්‍රයේ ඉගැන්වෙන සිද්ධාන්තවලට අනුව විවිධ රැකියාවන් ලැබීමේ දී එම සිද්ධාන්තවලට අනුව සිදුවන බව මේ ශාස්ත්‍රය පෙන්නා දේ. ඒ අනුව අපි දැන් බලමු ආරක්ෂක සේවාවන් කෙරෙහි බලපාන හස්තරේඛා සලකුණු මොනවාද කියා.

අතක කුජ පළමු හා දෙවැනි මණ්ඩල බලවත්වීම කුජ රේඛාවන් එකක් හෝ දෙකක් වැටී තිබීම ත්‍රිවිධ හමුදාවන්හි සේවාවන්වල යෙදෙන අයට පිහිටන හස්ත රේඛා සලකුණුය. රූප සටහන බලන්න එහි ඒ.ඒ මඟින් පෙන්නා ඇත්තේ එම සලකුණුය.

මහා චතුරශ්‍රය පළල්වීම. එහි ගුප්ත කතිරය සලකුණු වීම, බුධ මණ්ඩලය ප්‍රබලවීම හා බුධ රේඛාව සලකුණු වීමත් ගුප්ත ශාස්ත්‍ර හා ඡ්‍යොතිෂ හා හස්තරේඛා පරීක්ෂණ කටයුතුවල යෙදෙන අයට පිහිටන හස්ත රේඛා සලකුණුය. රූප සටහනේ ඕ.ඕ සලකුණු බලන්න. අත්ල කලා හස්තයන් වීම රවි රේඛාව නොහොත් කීර්ති රේඛාව පිහිටීම පැහැදිලි ශනි වක්‍රය පිහිටීම වාද්‍ය ශිල්පීන් හා සංගීතඥයනට පිහිටන හස්ත රේඛා සලකුණු වේ. රූප සටහනෙ ඛ්,ඛ් සලකුණු බලන්න. රවි කුජ හා සිකුරු මණ්ඩල බලවත් වීම නළු නිළියන් බිහිවන යෝගයන්ය. රූප සටහනේ ච්.ච් සලකුණ බලන්න. ශීර්ෂ හා හෘද රේඛාව ඒහා බද්ධ නොවීම මහපට ඇඟිල්ල පළල්ව දිගට වැටීම හා රවි, ගුරු මණ්ඩල ප්‍රබල වීමෙන් නීතිය හා අධිකරණ ක්ෂේත්‍රයේ රැකියා කරන අයට පිහිටන යෝගයන්ය. රූප සටහනේ ඡ්.ඡ් සලකුණු බලන්න. ප්‍රධාන රේඛාවන් තුනක් පිහිටීම දෛව රේඛාව නොපිහිටා මහපට ඇඟිල්ල පිටට නෙරාගොස් තිබීම කම්කරුවන්ට පිහිටන හස්ත රේඛා සලකුණුය. අල්ල රළු වීම ප්‍රධාන රේඛා තුනක් පමණක් පිහිටීම ග්‍රහ මණ්ඩල යටට නෙරා ගොස් තිබීම කාර්මික ශිල්පීන් පමණක් පිහිටන හස්ත රේඛා සලකුණුය. බුධ ගුරු මණ්ඩල ප්‍රබලවීම රවි රේඛාව, හෘදය රේඛා අසලින් පිහිටීම වෛද්‍යවරුන්ට පිහිටන හස්ත රේඛා සලකුණු ය. නිය පොතු ඝන වීම අත්ල රෝස පාටින් යුක්තවීම හා බුධ, රවි, ගුරු මණ්ඩල ප්‍රබලවීම විද්‍යුත් හා මුද්‍රිත අංශයේ මාධ්‍යවේදීන්ට පිහිටන හස්ත රේඛා සලකුණුය. අත්ලේ දෛව හා රවි කුජ ගුරු බුධ හා කුජ මණ්ඩලයන් ප්‍රබලවීම ශීර්ෂ රේඛාව අත්ල හරහා ගොස් ශාඛාවන් ගෙන් යුක්ත වීම ගුරු මණ්ඩලයේ ත්‍රිකෝණ හෝ චතුරශ්‍රයන් පිහිටීම දේශපාලනඥයන්ට පිහිටන හස්ත රේඛා සලකුණුය. (ජ්)

දෛව රේඛාවෙන් ශාඛාවන් බුධ හා රවි මණ්ඩල දෙසට ගමන් කිරීම කුජ පළමු හා දෙවැනි මණ්ඩල ප්‍රබලවීමෙන් ඉඩම් යානවාහන හා යකඩ බඩු ව්‍යාපාරිකයන්ට පිහිටන හස්ත රේඛා සලකුණුය. මේ ආකාරයට විවිධ වෘත්තිකයින්ට පිහිටන හස්ත රේඛා සලකුණු කීපයක් පමණක් මෙහිදී ඉදිරිපත් කළෙමි.

 

ඡ්‍යොතිෂවේදී, හස්ත රේඛා විශේෂඥ

නන්දසේන වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.