සතියේ පඤ්චාංගය

ඔක්තෝබර් 11, 2024

ශක වර්ෂ 1946ක් වූ කන්‍යා රවි 25 භාග වප් පුර අටවක තිථීය ලත් කිවිදින සිට තුලා රවි 01 භාග වප් පුර පසළොස්වක ලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කන්‍යා (17 දා උදේ 07.43 තුලා)

කුජ - මිථුන

බුධ - තුලා

ගුරු - වෘෂභ

ශුක්‍ර - තුලා ( 13 දා උදේ 06.02 වෘශ්චික)

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - සිත

කුජ - පුනාවස

බුධ - සිත ( 14 දා දහවල් 01.59 සා)

ගුරු - මුවසිරස

ශුක්‍ර - විසා ( 16 දා රාත්‍රී 12.10 අනුර)

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

ඔක්තෝම්බර් 16 බදාදා රාත්‍රී 08.41න් පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා සවස 04.58න් ගෙවේ. 17 බ්‍රහස්පතින්දා සිල්.

චන්ද්‍ර චාරය

11 දා දහවල් 11.38 මකර

13 දා සවස 03.40 කුම්භ

15 දා සවස 04.47 මීන

17 දා සවස 04.22 මේෂ

දිනූ තත්ත්ූවය

ඔක්තෝම්බර් 11 සිකුරාදා

කන්‍යා රවි 25 භාග වප් පුර අටවක තිථියලත් කිවිදින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.57 පුවසල නැකත අලුයම 05.42න් ගෙවී උත්‍රසල නැකත ලබයි. වප් පුර අටවක තිථිය දහවල් 12.04න් ගෙවී පුර නවවක තිථිය ලබයි. අතිගන්ඩ යෝගය අලුයම 04.37න් ගෙවී සුකර්ම යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 12.23න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.04න් ගෙවී බාලවකරණය ලබා එය එදින රාත්‍රී 11.35න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - ගිනිකොන

යෝගිනි - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝම්බර් 12 සෙනසුරාදා

කන්‍යා රවි 26 භාග වප් පුර නවවක ලත් ශනිදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.57 උත්‍රසල නැකත අලුයම 05.26න් ගෙවී සුවන නැකත ලබයි. වප් පුර නවවක තිථිය උදේ 10.56න් ගෙවී පුර දසවක තිථිය ලබා පවතී. සුකර්ම යෝගය අලුයම 02.45න් ගෙවී ධෘති යෝගය ලබයි. කෞලවකරණය උදේ 10.56න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 10.05න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - නැඟෙනහිර

යෝගිනි - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

ඔක්තෝම්බර් 13 ඉරිදා

කන්‍යා රවි 27 භාග වප් පුර දසවක ලත් රවිදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.56. සුවන නැකත අලුයම 04.28න් ගෙවී දෙනට නැකත ලබයි. වප් පුර දසවක තිථිය උදේ 09.07න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. ධෘති යෝගය අලුයම 12.19න් ගෙවී ශුල යෝගය ලබා එය රාත්‍රී 09.22න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. ගරජකරණය උදේ 09.07න් ගෙවී වනිජකරණය ලබා එය එය රාත්‍රී 07.56න් ගෙවී විෂ්ටිකරණය උදා වෙයි.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - උතුර

යෝගිනි - උතුර

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝම්බර් 14 සඳුදා

කන්‍යා රවි 28 භාග වප් පුර එකොළොස්වක හා දොළොස්වක ලත් සඳු දින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.56 දෙනට නැකත අලුයම 02.51න් ගෙවී සියාවස නැකත ලබයි. වප් පුර එකොළොස්වක තිථිය උදේ 06.42න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය සවස 05.58න් ගෙවී වෘධි යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 06.42න් ගෙවී බවකරණය ලබා එය සවස 05.12න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල, බැම

අමෘත කලාව - ඇස, කන

මරු - වයඹ

යෝගිනි - ගිනිකොන, නිරිත

සුබ දිශාව - දකුණ

ඔක්තෝම්බර් 15 අඟහ.

කන්‍යා රවි 29 භාග වප් පුර තෙළෙස්වක ලත් කුජදින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.56 සියාවස නැකත අලුයම 12.41න් ගෙවී පුවපුටුප නැකත ලබා එය රාත්‍රී 10.07න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. වෘධි යෝගය දහවල් 02.12න් ගෙවී ධෘම යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.43න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 02.02න් ගෙවී තෛතිලකරණය උදා වෙයි.

විෂ කලාව - කන

අමෘත කලාව - බැම

මරු - බටහිර යෝගිනි - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

ඔක්තෝම්බර් 16 බදාදා

කන්‍යා රවි 30 භාග වප් පුර තුදුස්වක ලත් බුධදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.55 උත්‍රපුටුප නැකත රාත්‍රී 07.18න් ගෙවී රේවතී නැකත ලබයි. වප් පුර තෙළෙස්වක තිථිය අලුයම 12.19න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා එය රාත්‍රී 08.41න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබයි. ධෘම යෝගය උදේ 10.10න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 12.19න් ගෙවී ගරජකරණය ලබා එය උදේ 10.32න් ගෙවී වනිජකරණය උදා වී එදින රාත්‍රී 08.41න් ගෙවී විෂ්ටිකරණය උදා වෙයි.

විෂ කලාව - ඇස

අමෘත කලාව - නළල

මරු - නිරිත

යෝගිනි - දකුණ

සුබ දිශාව - උතුර

 

ඔක්තෝම්බර් 17 බ්‍රහස්.

තුලා රවි 01 භාග වප් පුර පසළොස්වක ලත් ගුරුදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.55 රේවතී නැකත සවස 04.22න් ගෙවී අස්විද නැකත ලබයි. වප් පුර පසළොස්වක තිථිය සවස 04.58න් ගෙවී වප් අව පෑලවිය තිථිය ලබයි. ව්‍යාඝාත යෝගය අලුයම 05.57න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 06.50න් ගෙවී බවකරණය ලබා එය සවස 04.58න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස්මුදුන

මරු - දකුණ

යෝගිනි - වයඹ

සුබ දිශාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.