කෑවොත් මීපැණි ගුණ දෙයි අම මෙනි

මැයි 31, 2024

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

මීපැණි ශරීරගත වූ විට ඉක්මනින්ම සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ඇස්වලට, ධාරණ ශක්තියට, ලිංගික දුබලතාවයන්ට හා කාම ශක්තිය ද ඇති කරවයි. බාල, තරුණ, මහලු කොයිකාටත් එක සේ ගුණ ලබාදෙන මී පැණි දිව්‍ය ඖෂධයකි. යකඩ, තඹ, සිලිකා, මැන්ගනීස්, පොටෑසියම්, සෝඩියම්, පොස්පරස් යන ලෝහ වර්ගද අඩංගු මීපැණිවල ඛනිජ කොටස් එකොළහක් ද මධුර පදාර්ථ අසූ එකක් ද පවතින බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

මීපැණිවල සියයට හැත්තෑතුනක්ම ඇත්තේ ශක්තිය ලබා දීමට අවශ්‍ය කරන සීනි වර්ගයකි. එහි සියයට හැත්තෑ පහේ සිට අසූව දක්වා දක්වා ඩෙක්ස්ට්රෝස් සහ ලිව්රෝස් යන සීනි ද අඩංගුවේ. විටමින් බී තයමින්, විටමින් ඩී ඇප්රිකාබික් අම්ලය ඇතුළු විටමින් වර්ගද අඩංගුව පවතී.

වර්ගීකරණය අනුව මීපැණි වර්ග අටක් ඇති බව ආයුර්වේදයේ දැක්වේ. ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට මීපැණි මහඟු ඖෂධයකි. මහන්සිය මඟහරවා ශක්තිය ඇති කරයි. ඇස් පෙනීම ද වර්ධනය කරන අතර මූත්‍ර අපහසුතා මඟහරවයි. මීපැණි ශරීරගත වීමෙන් සිරුරට ප්‍රබෝධවත් ගතියක් ද ලබා දෙයි. මීපැණිවල ඇති රසය මෙන්ම ගුණය ද කොතෙක් පැරණි වුවත් අඩු නොවේ. පරණ වන තරමට එහි ගුණයද අධික වේ. මීපැණිවලට තුන්දොස් සමනය කරනු ලබන අතර සිරුරට ද සැහැල්ලු බවක් ඇති කෙරේ. කටහඬ මිහිරි වන අතර සෙම්ගතිය අඩු වී බඩගින්න ද ඇති කෙරේ. මීපැණි හැන්දක් පමණ බීමෙන් පාඩම් කිරීමේ රුචිකත්වයෙන් ඇතිවන අතර සිරුර ප්‍රාණවත් බවක් ඇති කෙරේ. කැස්සට ද මීපැණි හොඳ බෙහෙතකි. මීපැණි වටිනා විෂබීජ නසන ඖෂධයක් බැවින් සමේ ආලේප කිරීමෙන් විෂබීජ තුරන් වේ. එමෙන්ම සමේ කාන්තිය ඇති කරලයි. සිරුර පුෂ්ටිමත් කිරීමට ද මීපැණි හොඳ ඖෂධයකි. මී පැණි ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ යන අතර ඉන් ශරීර සෞඛ්‍යද යහපත් කෙරේ.

මීපැණිවලින් ශරීරයේ අධික සෙම හා තෙල් කොටස් ද අඩුවේ. කටහඬේ ගොරෝසු බව නැති කරන අතර සුන්දරබවක් ඇති කෙරේ. ආහාර දිරවීමේ ශක්තිය අඩු අයට මී පැණි ඉතා ගුණදායක වන අතර ආහාර දිරවීම පහසු කරමින් ආමාශයේ අම්ලතාවය දුරු කරයි. කුෂ්ඨ රෝග වැනි සමේ හටගන්නා රෝග රැසකටම ගුණදායක වන මී පැණි පිත් රෝග ලේ සම්බන්ධ රෝග ප්‍රමේහ පණු රෝග ළදරු රෝගවලට ද දෙනු ලබන ඖෂධයකි. කැස්සට මීපැණි කදිම ඖෂධයකි. ප්‍රතිශ්‍යා කැස්සට ඉඟුරු ඉස්ම දොඩම් ඉස්ම හා මීපැණි කලවම් කර වරින් වර තේ හැන්දක් හෝ දෙකක් බැගින් බීමෙන් සහනයක් ලැබේ. අජීර්ණයට බඩේ දැවිල්ලට මෙන්ම ඔක්කාරයටත් වමනය යෑමටත් මීපැණි ස්වල්පයක් බීමට දීමෙන් ගුණ ලැබේ. මානසික හෝ කායික හේතුන් නිසා නින්ද නොයෑමේ හේතුවෙන් අවදිව සිටින අයට රාත්‍රී නින්දට යෑමට පෙර මීපැණි හැන්දක් බීමෙන් සැපවත් නින්දක් ලැබෙන බවත් කියයි.

මී පැණි උෂ්ණ ගතියෙන් යුක්ත වේ. එබැවින් ශරීරය උෂ්ණ අවස්ථාවලදී එය නොගත යුතුය. ඉක්කාව සුවවීමට ද ගනු ලබන මීපැණි අධිරුධිර පීඩනයෙන් පෙළෙන අයට ද ගුණදායකය. මී පැණි කිසිදු ආකාරයකින් අගුණයක් නැත. තද අව්වේ සිටීමෙන් සම වියළුණු විට හා සමේ ඉරි වැටීම් හා ගොරෝසු බවක් ඇති වූ විට මීපැණි බීමෙන් වගේම ශරීරයේ ආලේප කිරීමෙන් ඒවා මැකී ශරීරයේ කාන්තිය ඇතිකරගත හැකියි. සී විටමින්වලින් මීපැණි පරිපූර්ණය ඊට අමතරව ඒ හා බී විටමින් ද අන්තර්ගතය. මීපැණිවල රසායන ගුණය ද දාක්ෂ, සර්කරාථල වාෂ්පශීලී තෛල සර්කරා වර්ණකාරක, ද්‍රව්‍ය හා භෂ්ම අන්තර්ගතය. මීපැණි ප්‍රභේද අතරින් ඉතාමත්ම ගුණදායකය. රසායන ඖෂධ සඳහා අලුත්ම මීපැණිත් වාජීකරණ බෙහෙත් සඳහා පරණ මීපැණිත් වෛද්‍යවරුන් ගන්නේ පැරණි වෙදපොත්වල සඳහන් කරුණු අනුවය.

මීපැණි ග්‍රෑම් 100ක පවතින පෝෂණ ගුණය

ශක්තිය කැලරි 319

මාංසජනක ග්‍රෑම් 0.3

මේදය ග්‍රෑම් 00

පිෂ්ටය ග්‍රෑම් 79.05

කැල්සියම් මිලිග්‍රෑම් 05

පොස්පරස් මිලිග්‍රෑම් 16

යකඩ මිලිග්‍රෑම් 09

විටමින් ඒ මයික්‍රොග්‍රෑම් .0

රයිබොපලේවින් මයික්‍රොග්‍රෑම් 60

විටමින් සී මයික්‍රොග්‍රෑම් 04 වන අතර මීපැණිවල ඇති අම්ලතාව ආහාර දිරවීමටත් පහසු කරයි. ග්‍රහදෝෂ නසන දරුවන්ගේ රෝගවලට දෙනු ලබන අරවින් දාසවය බලය පුෂ්ටිය හා අග්නිය වර්ධනය කරයි. කනකාසවය ජීර්ණ ජ්වර රක්තමිත්ත ස්වාස කාස ආදී රෝග සඳහා දෙනු ලබන කනකාස්වයට ද මී පැණි යොදා ගනී. සාරස්වත චූර්ණය මේ චූර්ණය උන්මාද අපස්මාර බුද්ධිය ධාරණ ශක්තිය ධෛර්ය ස්මරණ ශක්තියට ගුණවේ. ගිතෙල් මීපැණි සමග දෙයි. රත් පිත් උන්මාද රක්ත ප්‍රදර ආදී රෝගයන්ට යෙදේ. අනෙකුත් ඖෂධ සමඟ මහා සරස්වතී චූර්ණයට මීපැණි ගිතෙල් හා එළකිරි ද යොදයි. දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමේ දී මීපැණිවලට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. බොහෝ විට ගුලි කල්කාදී මීපැණි සමඟ දියකර බීමට දෙනු ඇත. මීපැණි උෂ්ණ අධික භාජනවල නොදැමිය යුතු ය. මී පැණි බොහෝ රසායන ගුණයෙන් යුක්ත බැවින් ශරීරයට අවශ්‍ය දෑ නොඅඩුව ලබා දෙයි. මොළය හා කය වෙහෙසා වැඩ කරන අයටද මීපැණි ගුණවත් ඖෂධයකි.

බල වඩන්නට, කළුදුරු, තිප්පිලි, සාදික්කා, කංසා ඇට, සූදුරු, කරාබු, අබිං, මුරුංගා ඇට, අසමොදගම් වසාවාසි , වැල්මී, අත්තන ඇට සම සමව ගෙන මීපැණියෙන් අඹරා ඉඹුල් ඇට පමණට ගුළිකර පවනේ වියළා තබා ගිතෙලින් හා සීනිවලින් වැලඳීම සුදුසුය. බල වඩයි. සතියකින් පසු ස්නානය කරනු කෝල දහ අටට ඔළිඳ කොළ, කුප්පමේනිය කොළ, වංඇපල කොළ, මිල්ලපොතු, බිං කොහොඹ, කටුකරෝසන, කීකිරිඳිය, දුම්මැල්ල, සැවැන්දන, සඳුන්, ඉඟිනි ඇට මේ ඖෂධ කඩපිම්මේ තම්බා යුෂගෙන තනකිරි, සීනි, මීපැණි, තිප්පිලි කුඩු දමා දීම සුදුසුය. කෝල දහ අටටම සුවගෙන දේ. කෙසේ වෙතත් හිතුමතේට මීපැණි බීම සුදුසු නැත. ශරීර සෞඛ්‍යය ගැන අවබෝධයක් ලැබීම සඳහා වෛද්‍ය උපදෙස් රැගෙන බීමට වරදක් නැත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.