ආයුර්වේදයට නැතුවම බැරි දියර කිරි

ජනවාරි 26, 2024

කැල්සියම් පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක්වැනි ශරීරයට අත්‍යවශ්‍ය ලවණ වර්ග මෙන්ම විටමින් ඒ, විටමින් බී ද අඩංගු එළකිරි වීදුරුවකින් කැල්සියම් අවශ්‍යතාවය සියයට විසිපහක් පමණ සපුරා ගැනීමට අවශ්‍යතාවය උදාවේ. තරුණ බව ආරක්ෂා කර ගැනීමටත් ආයුෂ වර්ධනය කර ගැනීමටත් දියරකිරි ඉවහල් වේ. එළකිරි යනු පානයක් නොව ආහාරයකි.

සමබල ආහාර වේලක තිබිය යුතු පෝෂ්‍ය පදාර්ථ දියර කිරිවල අඩංගුවන බැවින් එහි ගුණාත්මක භාවයද බොහෝ ය. කිරිවල විටමින් ඒ, සහ බී වලට අමතරව විටමින් ඒ, බී. සී සහ ඊ ද බහුලව ඇත.

මන්දපෝෂණය දුර කිරීමටත් නීරෝගිතාවය ගෙනදීමටත් හැකි ශක්ති ජනක ආහාරයක් වන දියරකිරි ශරීරය විජලනයට පත්ව ඇති. රෝගීන්ට මෙන්ම විවිධ රෝග වැලඳීමෙන් ශරීරය වැහැරිගිය අයටත් එළකිරි මහඟු ඖෂධයකි. නැවුම් එළකිරිවල ආවේණික සුවඳක් හා වර්ණයක්ද අමුතු රසයක් ද පවතී.

සත්ව හා ශාකමය ආහාර අතින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක සපයන එක් ආහාර කාණ්ඩයක් ලෙස විශේෂත්වයක් දියර කිරිවලට හිමිවේ. අර්ශස් රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ මළ පිටවනු ලබන්නේ ඝනත්වයෙනි. එය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එළකිරිවල ඇත. සමහරුන් දියරකිරි උණු කිරීමකින් තොරව පානය කිරීමට පුරුදුව සිටිති. එසේ පානය කිරීමෙන් සෙම වර්ධනය වීමේ තත්ත්වයක් ඇතිවිය හැකිය. ශරීර ස්වභාවයට වඩා උදරය ඉදිරියට නෙරාවිත් ඇති අයටද දියර කිරි බෙහෙවින් ගුණදායකය. බල වර්ණ පුෂ්ටිමත් බව ඇති කරන ආහාර රුචිය ලබා දෙන රෝග නසා බලය වර්ධනය කරන කුමාර කල්‍යාණ සෘතය ඇතුළු ඖෂධ රැසකටම එළකිරි සංයෝග කර ගනිති.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ තෙල් බෙහෙත් සෘතු ආදී බෙහෙත් නිෂ්පාදනයේ දී ද එළකිරි යොදා ගනිති සෝම රෝග ශ්වේත ප්‍රදර රත්ත පිත්ත නාශකයි සප්ත ධාතු වඩන ධාත්‍රි රසායනයට එළකිරිවලට සීනි දියකර උණුකර චූර්ණකර ලේහ පදමට ගෙන ගිතෙල් තලතෙල් එක්කොට මී පැණි මිශ්‍රකරගනිමින් ධාත්‍රි රසායනය සකස්කර ගනු ලබන්නේ වියළි නෙල්ලි, උණ, කපුරු, තිප්පිලි, හීන් එන්සහල්, හීං කුරුඳු පොතු, තේජ පත්‍ර නාමල් රේණු සීනි, එළකිරි, ගිතෙල්, තලතෙල්, මී පැණි එක්කරගනිමිනි. උණට වෙවුලුම් උණට ග්‍රහණී අතීසාරයට අතීසාරයට දාන පිත් උණට ඇවිලිල්ලට ලේ අතීසාරයට ආමාතිසාරයට මූත්‍ර බද්ධයට ඇවිලිල්ලට ආදී රෝග රැසකට දෙනු ලබන ඖෂධයක් ගොපලු ගුළිය සඳහා එළකිරෙන් තම්බාගත් කෝන්කාලන් සමඟ තවත් ඖෂධ රැසක්ම යොදා ගනී. සමබල ආහාර වේලක තිබිය යුතු පෝෂ්‍ය පදාර්ථ එළකිරිවල අඩංගුවන බැවින් සමබල සම්පූර්ණ ආහාරයක් බව කිවයුතුය. එළකිරි දියරමය ආහාරයක් නිසා එය පහසුවෙන්ම ජීර්ණයද වේ.

නැවුම් එළකිරි මවුකිරිවල සංයුතියට සමාන වේ. එහෙත් මවුකිරි තරම්ම උසස් ගුණාත්මක වන්නේ නැත. තරුණ බව ආරක්ෂා කර ගැනීමටත් ආයුෂ වර්ධනය කර ගැනීමටත් උපකාරීවන ගුණාංගයන් එළකිරිවල ඇත. එමෙන්ම මාන්දම් රෝගීන්ගේ හිසේ ඇඟේ ගෑමට බීමට ග්‍රහණිමාන්දමට බඩයෑමට ඇතුළු රෝග රැසකටම දෙනු ලබන ග්‍රහණි චන්ද්‍රකාන්ති තෛලයටද එළකිරි රතු ලූනු තලතෙල්, සුවඳ කොට්ටන්, තිප්පිලි, කරාබු, වසාවාසි, සාදික්කා, වැල්මී, සපුකැකුළු, වළඟසාල්, කළු දුරු, සුදුරුවද, කහ, අසමෝදගන්, දේවදාර, පෙරුම් කායම් ඇතුළු තවත් ඖෂධ රැසක්ම එක්කරගනී. අමිල පිත්ත, වාත පිත්ත ආදී රෝගයන්ගෙන් ඇති වූ රෝග සඳහා දෙනු ලබන ශාතාවරී සෘතයට එළකිරි ද සංයෝග කර ඇත. ආයුර්වේද රෝග නිවාරණ ඖෂධයක් ලෙසත් ඖෂධ නිෂ්පාදනයේදී අමු ද්‍රව්‍යයක් ලෙසත් ඖෂධ ගැනීමෙහි අනුපානයක් ලෙසත් එළකිරිවලට ආයුර්වේදයේ දී හිමිවනුයේ ප්‍රධාන තැනකි.

සප්තධාතු වර්ධනය කරන සෝම රෝග ශ්වේත ප්‍රදර රත්තපිත්ත ආදී රෝගයන්ට දෙනු ලබන ප්‍රබල ඖෂධයක්වන ධාත්‍රි රසායනය එළකිරි, වියළි නෙල්ලි, උණ කපුරු ඇතුළු තවත් ඖෂධ රැසක්ම ගනු ලබති. අක්ෂිකාච පටල නේත්‍ර රෝගීන්ට දෙනු ලබන චන්ද්‍රකාන්ති තෛලයටද එළකිරි සංයෝග කර ගනිති. එළකිරි, මුකුණුවැන්න, කෙකටිය, තලතෙල්, ගිතෙල්, එරඬුතෙල්, දේවදාර, වැල්මී, ඉරිවේරිය, සැවැන්දරා, බැවිල මුල්, පඹුරු මුල්, කුප්පමේනියා මුල්, හිගුරු පියළිය, බිං තඹුරු, ඉඟිනි ඇට, සුරලාතට්ටම්, නාමල් රේණු, කයිප්පු, කලාඳුරු, සූදුරු, තිප්පිලි, සුදු හඳුන් හා අරළු, බුළු, නෙල්ලි ද වේ. කිරිපිටි මිල ඇදහිය නොහැකි අන්දමට ඉහළ යෑම අප රටේ සාමාන්‍ය ජීවිත අවුල්කිරීමට තරම්ම හේතුවක් වී ඇත. කුමන නිවෙසක වුවද කුඩා දරුවාගේ පටන් දිනය ඇරඹෙන්නේත් දිනය අවසන්වන්නේත් කිරි වීදුරුවක පිහිටෙනි. මවුවරුන්ට මවුකිරි ඇතත් නැතත් පිටිකිරිවල පිහිට පැතීම පුරුද්දක් වශයෙන් පැවතේ. සාමාන්‍යයෙන් මේ තත්ත්වය ගැන සැලකීමේ දී අපේ දරුවන්ගෙන් සියයකට අනූවකට පමණ යැපීමට සිදුව ඇත්තේ අඩු පෝෂිත පිටිකිරිවලිනි.

එසේ වුවද දියර කිරි තරම් එහි පෝෂණීය බවක් නොවේ. එබැවින් හැකි සෑමවිටම දියර කිරි පානය සෞඛ්‍යයට ගුණදායකය.

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

සටහන - මාධ්‍යවේදී, බී. ඇල්. ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.