රසයෙන් හා ගුණයෙන් පිරි දඹල

(Psophocarpus tetragonolobus)
පෙබරවාරි 25, 2022

ඈත අතීතයේ සිට මිනිසා එදිනෙදා අවශ්‍යතා මත පදනම්ව තම ජීවනෝපායන් සකසාගෙන ඉතා සරල ජීවිතයක් ගත කළහ. තමන්ට අවශ්‍ය ආහාරපාන තමා විසින්ම සකසාගෙන කටයුතු කළ අතර, වර්තමානය වන විට එය බොහෝදුරට වෙනස් වී ඇත.එදා සිට අද දක්වාම මිනිසා විසින් තම ආහාරයට එක්කර ගත් ඉතා ගුණදායක ආහාර ද්‍රව්‍ය අතුරින් දඹලවලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. බාල, තරුණ , මහලු කොයි කවුරුත් ඉතා හොඳින් හඳුණන ආහාරයක් වන දඹලවල සියලු කොටස් ආහාරය සඳහා ගනු ලබයි. වස විෂෙන් තොරව ඉතා ගුණදායක ලෙස ආහාරයට එක්කර ගත හැකි “දඹල” බොහෝදෙනා තම නිවසේ ගෙවත්තේ වගාකරගනු ලබන්නේ එය ඉතා පහසුවෙන් වගා කරගත හැකි බැවිනි.

දඹල ශක්තිමත් කඳක් සහිත වැල් වර්ගයක් වන අතර, ඉතාමත් හොඳ අස්වැන්නක් ද ලබා දෙයි. පාරම්පරිකව වගා කරන ලද දඹල ප්‍රභේදවලින් අස්වනු ලබා ගත හැකි වූයේ මහ කන්නයේදී පමණක් වුවත් වර්තමානය වන විට වසර පුරාම අස්වනු ලබා ගත හැකි නව ප්‍රභේද බිහිකර තිබේ.

ප්‍රෝටීන් බහුල එළවළු අතුරින් ඉතා පහසුවෙන් වගා කළ හැකි භෝගයක් වන දඹල ශාකයේ මල්,කොළ,කරල්,බීජ,අල යන සියල්ලම ආහාරයට ගත හැකිය. ඒ වාගේම මෙම සියලුම කොටස් වල ප්‍රෝටීන් ඉතා වැඩි ප්‍රමාණයක් පවතිනවා. ඊට අමතරව කාබෝහයිඩ්‍රේට්,මේදය,විටමින් ඒ,ඕ, සහ සී ද අඩංගුය.

දඹල නිවර්තන ශාක සාර රනිල කුලයට අයත් රනිල භෝගයක් වන අතර, ර්‍ථඵධනඩධජචපනභඵ බඥබපචඨධදධතධඡභඵඬ උද්භිද විද්‍යාත්මක නාමයෙන් යුතුයි. ඒ වාගේම ජ්ඒඕඒඛ්ඡ්ඒඡ් කුලයට අයත් වෙයි.ඉංග්‍රීසි භාෂාවෙන් එඪදඨඥඤ ඡඥචද නමින් හඳුන්වයි.

දඹල පිලිපීනය,තායිලන්තය,ඉන්දුනීසියාව, ඉන්දියාව, මියන්මාරය ආදී රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද බහුල වශයෙන් දැකිය හැකිය. අපේ රටේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි දඹල බොහෝ දෙනා ගෙවත්තේ වැලක් හෝ දෙකක් වවාගෙන ආහාරයට එක්කර ගනු ලබයි.

දඹලවල නොමේරු කරල්, මේරු බීජ, කොළ‍, රිකිලි, මල් සහ අල ආදිය ආහාර ලෙස යොදා ගන්නා අතරම ඖෂධීය වශයෙන් යොදාගනු ලබයි.

දඹල කරල්, මැල්ලුම්, ව්‍යංජන ලෙස ද කොළ මැල්ලුම් ලෙස ද මල් සලාද ආකාරයට ද සකස් කර ගනු ලබයි.එසේම බීජ සෝයා බෝංචි මෙන් සකස් කර ආහාරයට ගනි.

මෙසේ ගැනීමෙන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන අතරම ලේ අඩුකම නැති කරයි.ඒ වගේ ම ශරීරයේ ශක්තිය ඇති කර නිරෝගී බව රැක ගැනීමට උදවු කරයි. දඹල ආහාරයට ගැනීමේ දී ඇති වන ප්‍රයෝජන අතර, අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලැබීමට ප්‍රධාන වෙයි. ඒ සඳහා දඹලවල අඩංගු විටමින් සී සහ ඒ ප්‍රයෝජනවත් වෙයි.

 

ඒවාගේම දඹලවල තන්තුමය ස්වභාවය වැඩි නිසා ශරීරයේ බර අඩුකර ගැනීමට උදව් වෙයි.

එසේම දඹල ගර්භණි මවුවරුන්ට හොඳම ආහාරයක් වන දඹල නිතර ආහාරයට ගැනීමෙන් නීරෝගී දරු ප්‍රසූතියක් සඳහා ද උපකාරී වෙයි.

තවද දඹල ආහාරයට ගැනීම ශරීරයේ දැවිලි අඩු කිරීමට ද හේතු වෙයි.

විශේෂයෙන් ආතරයිටීස් රෝගය නිසා හටගන්නා සන්ධිවල දැවිල්ල ද අඩු කරනු ලබයි.

එසේම දඹලවල තයමීන් අඩංගු නිසා ඇස්වල නීරෝගී බවට ද උපකාරී වෙයි. ඇස්වල හට ගන්නා ග්ලූකෝමා සහ ඇසේ සුද ඇති වීම වැනි තත්වයන් ඇති වීම ද මෙමඟින් වළක්වා ගත හැක.

එසේම දඹලවල ඇති විටමින් ච් සහ කැල්සියම් මිශ්‍රණයක් එකට ක්‍රියා කිරීම නිසා දියවැඩියාව ඇතිවීම ද වළක්වනු ලබයි.

තවද දඹලවල තිබෙන පොස්පරස් නිසා ශාරීරික ශක්තිය ද වැඩි කරනු ලබනවා. එසේම තරුණ බව ආරක්ෂා කරලීමට උදව් කරන අතර, මන්දපෝෂණ තත්ත්වයන් සහ පාණ්ඩුව වැනි රෝගාබාධ අඩු කරනු ලබයි.

එසේ ම හිසරදය සහ ඉරුවාරදය සුවවීමට දඹල ආහාරයට ගැනීම හේතුවන අතර, ඇදුම රෝගය පාලනයට ද හේතු වෙයි.

එසේ ම ලේ අඩුකම නසන අතර, අස්ථි ශක්තිමත් කිරීමට ද දඹල හේතු වන්නේ එහි පෝලික් අම්ලය සහ කැල්සියම් අඩංගු බැවිනි.

තවද දඹලවල ඇති තන්තුමය ස්වභාවය නිසා හොඳින් ආහාර දිරවීම සිදු කරනු ලබන අතර, සම පැහැපත් කරලීම ද කරනු ලබයි.

මේ ආදී ප්‍රයෝජන රාශියක් දඹල ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන අතර,

වර්තමානයේ දඹල විශේෂිත ප්‍රභේද 4 ක් ඇත.

1. S.L.S. 44

කරල් කොළපාටයි. බීජ සුදුයි.

2. S.L.S 40

කරල් කොළපාටයි. බීජ දුඹුරුයි.

3. U.P.S 122

කරල් දම්පාටයි. බීජ තද දුඹුරු පාටයි.

4. ක්‍රිෂ්ණා

කරල් දම්පාටයි. බීජ තද දුඹුරු පාටයි වශයෙනි. රසයෙන් මෙන්ම ගුණයෙන් පරිපූර්ණ දඹල ඉතා පහසුවෙන් වගාකර ගත හැකි නිසා මෙය ගෙවතු වගාවක් ලෙස හෝ වාණිජමය වශයෙන් වගා කර ගත හැකිය.

මෙමඟින් නැවුම් පෝෂ්‍යදායී ආහාරයක් සඳහා බෙහෙවින් උපකාරී වන නිසා නීරෝගි දිවි පෙවෙතක් සඳහා දඹල වැනි ආහාර නිතර ගැනීම ඉතා වැදගත් වේ.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.