වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඔසු ගුණයෙන් පිරිපුන් පෙරුංකායම්
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී බොහෝ ඖෂධ යෝගයන් සඳහා බහුලව යොදා ගනු ලබන අගනා වටිනා ද්‍රව්‍යයක් ලෙස “පෙරුංකායම්” හැඳින්විය හැක.
ජ්ඥපභතච ජ්ධඥබඪඤච (ඒඵචටධඥබඪඤඥ) අඥඨචත නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන පැළෑටියෙන් ගනු ලබන නිර්යාසය “පෙරුංකායම්”ලෙස ගනු ලබයි. ආයුර්වේදයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී විවිධ ඖෂධ සංස්කරණයෙන්හි උපාදානයක් ලෙස “පෙරුංකායම්”යොදා ගනු ලබන අතරම විවිධ කෂාය යෝග රාශියකදී අනුපාන වශයෙන්ද යොදා ගනු ලබයි.
ශ්‍රී ලංකාවේ බොහෝ සෙයින් ඖෂධ සඳහා පමණක්ම පෙරුංකායම් යොදා ගනු ලැබුවද ඉන්දියාවේ ඖෂධ ප්‍රයෝගයන්ට අමතරව ආහාරමය වශයෙන්ද ප්‍රයෝග කරනු ලබයි. පෙරුංකායම් ගනු ලබන ශාකය වැවෙන ප්‍රදේශ සැලකීමේදී – ඉරානය, තුර්කිස්තාන, ඇප්ගනිස්ථාන්, පංජාබ්, කාබුල්, සුල්තාන්, කාශ්මීර සහ ටිබැට් ආදි දේශවල මෙම ශාකය වැවේ.
පෙරුංකායම් ලබා දෙන
ශාකයේ ස්වරූපය
මෙම ගස අඩි 08 ක් පමණ උසට වැවෙන ගසක් වන අතර එහි කොළ අඟල් 2-4 දක්වා දිගින් යුතුවේ. එසේම මෙම කොළ බූව සහිතයි. පෙරුංකායම් ලබාදෙන ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය ජ්ඥපභතච ජ්ධඥබඪඤච (ඒඵචටධඥබඪඤඥ) ඍටැක වන අතර කුලය උථඡඥතතඪටඥපචඥ හෙවත් මණ්ඩුකපර්ණී කුලය වේ.
පෙරුම්කායම්වල පොදු සිංහල නාමය සුඟු වන අතර සංස්කෘත බසින් – හිංඟු, රාමඨ, අත්‍යුග්‍ර, ශුලවිඩ්, ජන්තුඝ්න, උග්‍රවීය¸, පරිණඡතුක, රක්ෂෝස්න, සූපධූපන, බාහලීක, භූතාලි, උග්‍රගන්ධ, සහස්‍රවේදී ආදි නාමයන් රාශියක් වෙයි. මේ නාමයන් අතුරින්,
ශුලිවිඩ් – වේදනාවේ සතුරා යන අරුතින්ද
ජන්තුඝ්න – පණුවන් නසන යන අරුතින්ද
උග්‍රවිය¸ – ශක්තිය වැඩි වන අරුතින්ද
පර්ණජතුක – ගසේ මැලියම් යන අරුතින්ද
රක්සෝඝ්න – ඇසට නොපෙනෙන සතුන්නසන භූත දෝෂ නසන යන අරුතින්ද
සූප ධූපන – ව්‍යංජන දුම් කැවීමට ගනු ලබන නිසාද
පාහලික – පහල නම් රටේ සෑදෙන නිසාද
භූතාලි – විෂබීජ නසන නිසාද යෙදේ.
හින්දි බසින් හා වංශ බසින් – හිංග් යයිද
දෙමළ බසින් – පෙරුංකායම් යයිද
ඉංගී‍්‍රසි බසින් – ඒඵචටධඥබඪඤච යනුවෙන්ද යෙදේ.
පෙරුංකායම් ලබාගන්නා අයුරු
මෙය ලබාගන්නා ආකාර කිහිපයකි
1.වසන්ත ඍතුවේදී පෙරුංකායම් ලබාගන්නා ගසේ මුලට මදක් පහළින් පොත්ත කැපූවිට එතැනින් වැගිරෙන නිර්යාසය එකතු කර ගත යුතුය. මෙසේ දිනකට දෙවරක් ගස කපමින් නිර්යාසය එකතු කරගත යුතුය. (මෙම නිර්යාස හිරු රශ්මිය වැදීමෙන් වලකා ගත යුතුය)
2.හොඳට වැඩුණු පෙරුංකායම් ලබාගන්නා ගස මුළුමනින්ම කපා දමා කැපූ මුහුණත පස් ගෑ යුතුය. ඊට දිනකට පසු ගසේ මුල වටේ පස් ඉවත් කර මුදුන් මුල පාදා ඉන් පතුරක් කපා දමයි. ඒ කැපූ තැනින් ගතන නිර්යාසය හම් වැනි යමක් අතුරා එයට එකතු කරනු ලබයි. (මෙය හිරු රැස් නොවැදෙන සේ ආරක්ෂා කරගත යුතුය)
3.මණ්ඩුක පර්ණී කුලයට අයත් එසේම කැරට් පැලෑටියට මුළුමනින්ම සමාන ජ්ඥරභතච ජ්ධඥබඪඤච අඥඨඥත නම් “පෙරුම්කායම්” ලබා දෙන පැළෑටියේ අලයෙන් ලැබෙන පෙනුමෙන් කුඩා කුඩා කැබලි හෝ පිණ්ඩ ආකාර අඳුරු වර්ණයෙන් යුතු කැඩූ විට ඇතළත කිරි වැනි සුදු පාට එහෙත් සුලඟ හා ස්පර්ශ වු විට ක්‍රමයෙන් අඳුරු පැහැයට හැරෙන සුළු විශේෂ ගන්ධයකින් යුතු තික්ත හා රූක්ෂ ආස්වාදය සහිත මැලියම් විශේෂයකි.
වසන්ත ඍතුවේදී “පෙරුම්කායම්” ලැබෙන පැළෑටිය වටේට පිරිසුදු කර මඳක් වල හාරා ඒ වටා ගල් වැටියක් බැඳ ඉන් පසු අලයේ මුදුනෙන් කැපුමක් යොදා කිරි වෑස්සීමට සලස්වතී දින 1-2 ක් කිරි වෑස්සුන විට ඒවා ඉවත් කර ඊට පහතින් යළි කැපුමක් යොදයි. මුල් කැපුමෙන් ලැබෙන “පෙරුම්කායම්” උසස්ම වර්ගය වන අතර දෙවෙනි කැපුමෙන් ලැබෙන වර්ගය ඊට වඩා ගුණ අඩුය. තුන්වෙනි වරට පහතින්ම අලය කැපීමෙන් වෑස්සෙන කිරි මධ්‍යම ප්‍රමාණයෙන් ගුණයෙන් උසස්ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>