වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ආමවාත සහ වාත රෝග නසනඅගනා ඖෂධාහාරය ප්‍රසාරණී
එදිනෙදා ජීවිතයේ දී ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන්ද බොහෝ සෙයින් වැදගත් වන අගනා වටිනා ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රසාරණී පැළෑටිය හැඳීන්විය හැකිය.
ලතාවක් හෙවත් වැලක් ලෙස හටගනු ලබන ප්‍රසාරණී ආමවාත මෙන්ම විවිධ වූ වාතාබාධයන් සඳහා ද විශිෂ්ට ගුණ දෙනු ලබයි.
මෙවන් වූ විශිෂ්ට ගුණ ගෙන දෙන ප්‍රසාරණී පැළෑටිය ආහාරමය වශයෙන්ද බොහෝ ප්‍රයෝජන ගෙන දෙනු ලබන අතර මෙවන් වටිනා ඖෂධ පැළෑටි පිළිබඳව නිවැරදි දැනුම ලබාතිබීම සියලු දෙනාටම ඉතා වැදගත් වේ. මෙම ප්‍රසාරණීවලට ගණ්ධ ප්‍රසාරනී යන නාමයද භාවිතා වේ. එයට හේතුව මෙම පැළෑටියේ ඇති විශේෂ ගන්ධය හේතුවෙනි. එසේ වූවද මෙම ඖෂධ පැළෑටිය මතභේදයට තුඩු දුන් පැළෑටියකි. එයට හේතුව ශ්‍රී ලංකාවේ මෙම ප්‍රසාරණී පැළෑටිය වෙනුවට ආපසුමදු පැළෑටිය භාවිතා කිරීමයි. ශාලපර්ණි වෙනුවට ශ්‍රී ලංකාවේ අස්වැන්න ගනු ලබන්නාක් මෙන් ගන්ධ ප්‍රසාරණී වෙනුවට ආපසු මදු ප්‍රතිනිධියක් ලෙස ගනු ලබයි. එසේ වුවද ආපසු මදු පැළෑටියේ ප්‍රසාරණී පැළෑටියේ තරමටම ගන්ධයක් නැත. එසේම ප්‍රසාරණී වෙනුවට ආපසුමදු ගැනීම පිළිබඳව පදාර්ථ විනිශ්චයක් තවම සිදු වී නොමැත.
ගන්ධ ප්‍රසාරණී මුලින්ම ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයෙන් ගෙන්වා ගෙන යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ (වර්තමානයේ කැලණිය විශ්ව විද්‍යාලයේ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ ) ඖෂධ උද්‍යානයේ වවනු ලැබුවේ පණ්ඩිත වික්‍රමාරච්චි වෙද රාළහාමි විසිනි. එනිසාම එම පැළෑටියට වික්‍රම ප්‍රසාරණී යනුවෙන්ද විශේෂිත නාමයක් පටබැදී ඇත. එසේම වික්‍රමාරච්චි වෙද රාළහාමි විසින් එම පැළෑටියෙන් බෝ කරනු ලැබූ ප්‍රසාරණී වැල් තම වෛද්‍ය ශිෂ්‍යයන් මගින් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ බෝ කරනු ලැබූ අතර එසේ බෝ වූ ප්‍රසාරණී වැල් දිවයිනේ බොහෝ ස්ථානවල සහ ප්‍රදේශවල පැතිරී පවති.
ඉන්දියාවේද මෙම ප්‍රසාරණී පැළෑටිය පිළිබඳව මතභේද පවතියි. මෙහිදී,
1. උත්තරා පථයේ ආර්යාවර්තයේ වෛද්‍යවරුන් ගන්ධ ප්‍රසාරණී (ර්‍ථචඥඤඥපඪච ජ්ධඥබඪඤච ඹ්ඪදද) ( වශයෙන්ද,
2. රාජස්ථානයේ මධ්‍ය භාරතයේ වෛද්‍යවරුන් වරා පවුලට අයත් (ඹ්ඥනබචඤඥදඪචඉනචපබඪභථ) එබ නමැති වර්ගයද,
3. දක්ෂිණ පථයේ කේරළයේ වෛද්‍යවරුන් (ර්ඥපපඥථඪච බපඪඤඥදබචබච (ඹ්) ඩ්චතත.ට) වර්ගයද ද්‍රවිඩාකරයේ සෙසු
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>