වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වණ, තුවාල සඳහා ගුණ දෙන අනගි ඔසුව ඇත් අඩි
මේ මිහිතලය මත ජීවීන්ගේ වාසය ආරම්භ වීමත් සමඟ ඔවුන් තමන්ට වැළඳෙන රෝගාබාධයන් සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරුපුරුදු විය. මෙම ජීවින් අතුරින් විශේෂයෙන්ම මිනිසා රෝග වළක්වා ගැනීමටත් වැලඳුනු රෝග සුවකර ගැනීමටත් විශේෂයෙන්ම හුරු පුරුදු විය.
වර්තමානයේ අපට දක්නට ලැබෙන නොයෙකුත් වෛද්‍ය ක්‍රම මෙම හුරු පුරුදුවල විකාශනයන්ය. මෙම වෛද්‍ය ක්‍රමයන් අතුරින් දේශීය වෛද්‍ය ක්‍රමයත්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් අපට බෙහෙවින් සමීපය. මේ අතුරින් දේශීය වෛද්‍ය ක්‍රමය අපට රටටම ආවේණික වෛද්‍ය ක්‍රමයයි. විශේෂයෙන් අප රටේ ඖෂධ පැළෑටි සහ ස්වාභාවික සම්පත් උපයෝගී කර ගෙන ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ක්‍රමයයි. මෙම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර සඳහා යොදුගනූ ලබන ඖෂධ පැළෑටි අතර නිරත්තරයෙන් භාවිත කරනු ලබන ඖෂධ පැළෑටි රාශියක් වේ.
ඒ අතුරින් සමහරක් ඖෂධ පැළෑටි ගැන සලකා බලන කල ඒවා ඖෂධ පැළෑටිවලට වඩා වල් පැළෑටි යයි වරදවා වටහාගනු ලබන අවස්ථාද වේ. මෙසේ වල් පැළෑටි යයි වරදවා වටහා ගනු ලබන පැළෑටියක් ලෙස ඇත්අඩි නම් පැළෑටියද හැඳීන්විය හැක. මෙය ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙනු ලබන පැළෑටියක් වුවද ඒ ගැන බොහෝ දෙනා තුළ වැටහීමක් නැත. මත භේදාත්මක පැළෑටියක් වශයෙන් හැඳීන්විය හැකි මෙම පැළෑටිය අප අවට පරිසරයේ බොහෝ සෙයින් දක්නට ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ‰ Elephant Foot යනුවෙන් මෙය හැඳීන්වීමට හේතුව සිංහල ව්‍යවහාරයේ දක්වා ඇති ඇත්අඩි යන වචනය විය හැකිය. ඇතෙකුගේ අඩි සටහනක් මෙන් වටරවුමට පොළොව බදාගෙනම වර්ධනය වන ඒ හා පළලව රවුමට වැවෙන පැළෑටියකි.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් - ඉන්දියාවේ උතුරු දෙස සිට හිමාලය, මියැන්මාරය, ඉන්දු චීනය, මාලදිවයින්, බටහිර චීනය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, නිවර්තන අප්‍රිකාව, දකුණු අමෙරිකාව, අග්නිදිග ආසියාව ආදි රටවල වැවෙන ශාකයකි.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල මුඩු බිම්වල බෙහෙවින් දක්නට ලැබේ. පාර දෙපස පිහිටි වන ලැහැබ, පතනබිම් සහ තණබිම්වලවල වල්පැළෑටියක් ලෙස වැවේ. පහත රට ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මෙම පැළෑටිය මීටර් 2000 ක් පමණ උස ප්‍රදේශවලද හමුවේ. මහනුවර, පේරාදෙණිය, ගලගෙදර, වැලිමඩ, හබරණ වැනි ප්‍රදේශවල බොහෝ සෙයින් දක්නට ලැබෙන අතර පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය, හල්දුම්මුල්ල, පට්ටිපොල, පල්ලෙකැලේ, ගිරාඳුරුකෝට්ටේ ඔසු උයන් ආදියේ දක්නට ලැබේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන