වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
පලා කොළේ ඔබ නොදත් ගුණේ
පලා වර්ගවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ රැසක් පවතී. යකඩ, කැල්සියම්, පොස්පරස්, මැංගනීස්, පොටෑසියම්, සින්ක් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ගේන්ද පලා වර්ග පොහොසත් ය.
මෙරට ළමා පරපුර අතරින් 22%ක තරමේ ප්‍රමාණයක් තවමත් මන්දපෝෂණයෙන් පෙළෙන බව නවතම සංඛ්‍යා ලේඛන දත්ත මගින් තහවුරු වේ. මෙරට දරුවන්ගේ මන්දපෝෂණයට ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙන “යකඩ ඌනතාවය” ඉතාම සාර්ථකම විසදුම ඇත්තේ පලා වර්ග ආහාරයට ගැනීම යහපත් මගකට ගෙන ඒමයි. පලා වර්ග අතරින් ගොටුකොළ (Centella asiatica) පෙනෙල (Ardio Spermum microcapum) කතුරුමුරුංගා (Sesbania grandifbra) කංකුං (Ipomoea aqnatica) ගෝවා කොළ (Brassica Oleracea) නිවිති, අඟුණ, ජපන් බටු (ආඬියා කොළ) ආදිය යකඩ යහමින් ඇති පලා වර්ගයන් ය.
“මැංගනීස්” ඛනිජය ගොටුකොළ හා මුකුණුවැන්න පලාවර්ගවලිනුත් “සින්ක්” ඛනිජය ගොටුකොළ, කොහිල දළු, පෙනෙල හා ගෝවා කොළ යන පලාවර්ගවලිනුත් මැග්නීසියම් ඛනිජය නිවිති හා තම්පලාවලිනුත් ප්‍රමුඛ වශයෙන් ලබාගත හැකි ය. මෙම පලාවර්ගවල පොටෑසියම්, පොස්පරස්, සෑහෙන ප්‍රමාණවලින් අඩංගුව පවතී. මේ අතර මතක තබාගතයුතු තවත් විශේෂ කරුණක් තිබේ. ව්‍යාංජනයක් ලෙස සැකසීමේ දී හෝ මැල්ලුමක් ලෙස මැලවීමේ දී මෙම පලාවර්ගවලින් ඉවත්වන විටමින් සී තරමින්ම අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ඉවත්ව නොයන බවයි. මේ අනුව ගොටුකොළ, පෙනෙල කොළ, ජපන් බටු කොළ, අගුණ කොළ, සලාද කොළ, වැල් දොඩම් කොළ ආදිය හැකිතරම් අමුවෙන් (සලාද හෝ සම්බල් ලෙස) ආහාරයට ගැනීමෙන් විටමින් ඇතුළු බොහෝ පෝෂ්‍ය පදාර්ථ යහමින් සිරුරට ලබාගත හැකි බවයි.
පලාවර්ග හා කොළ වර්ග ආහාරයට ගැනීමෙන් අපගේ ආහාරවේල රසවත්වීමද සිදුවන බව අප අත්දැකීමෙන්ම දනිමු. දිනපතා අප ගන්නා ආහාරවල කිසියම් ‘තන්තු’ ප්‍රමාණයක්ද අඩංගු විය යුතු අතර පලා වර්ගවලින් එම අවශ්‍යතාවයද මැනවින් පිරිමැසේ. එමගින් ලැබෙන තන්තු මගින් ආහාර මාර්ගයේ මනා ක්‍රියාකාරීත්වයක් ඇතිවේ. අපගේ අතීත මුතුන් මිත්තන් ඔවුන් ජීවත්වූ ගැමි පරිසරයෙන් ඉතාම සුලභව සොයාගත් පලාවර්ග රාශියකි. අදද සමහර ග්‍රාමීය ප්‍රදේශවලින් තවමත් සොයාගත හැකි බෙහෙවින්ම පෝෂණ ගුණයෙන් සපිරි පලා වර්ග ලෙස රිකිල්ල දළු, කුරිඤ්ඤං කොළ, මැල්ල කොළ, ගිනිතිල්ල කොළ, වෙල් අල කොළ, ගෙඳපිල, සාරණ, පෙතිතෝර කොළ, වාත බංග කොළ, නීරමුල්ලිය කොළ, මදටිය කොළ, මෑ කොළ, දඹල කොළ, තෙබු කොළ, බතල කොළ, මිංචි කොළ, මුරුංගා කොළ ආදිය සඳහන් කළ හැකි ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වල්ගම ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී,
ධම්මිකා අමරසේකර
සටහන
කීර්ති එස් කුමාර