වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
කාමලාව, උණ, හිසරදය නසන අගනා ඔසුව කෝන්
මිනිසාට වැළඳෙන විවිධ වූ රෝගාබාධයන් ගැන සලකා බලන කල අපට පෙනී යන්නේ මේ රෝග සියල්ලම පාහේ ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව වා පිත් සෙම් යන තුන්දොස් වල වෙනස් වීම බවයි. මේ නිසා අපගේ ප්‍රතිකාර පද්ධතිය සැකසී තිබෙන්නේ මෙම දෝෂ වල වෙනස්කම් මඟහරවා නියම තත්ත්වයට පත් කිරීම පිණිස වෙයි.
මේ සඳහා ශාක සත්ව සහ පාර්ථිව යන කොටස් තුනම යෝග්‍ය අයුරින් යොදා ගනු ලබයි. මේ සඳහා යොදා ගනු ලබන තුරුලතා සමූහය ඉතා විශාල වන අතර ඒ අතුරින් එක් ශාකයක් ලෙස කෝන් ශාකය හැඳීන්විය හැකිය.
ඖෂධීය වශයෙන් මෙම ශාකයේ පංචාංගය විවිධ ඖෂධ යෝග සඳහා ගනු ලබන අතර මෙහි හටගනු ලබන ගෙඩි පළතුරක් ලෙස ප්‍රචලිත වි ඇත. මෙම ශාකය ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය උප මහද්වීපයට ආවේණික ශාකයක් වශයෙන් හැඳීන්විය හැකිය.
කෝන් ශාකය වැවෙන ප්‍රදේශ
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, මියන්මාරය ආදී ආසියාතික රට වල විශේෂයෙන් වියළි කලාපීය වනාන්තර වල බොහෝ සෙයින් දැකිය හැකිය. මෙම රට වල පහත් බිම් වල සහ වියළි පසේ හොඳීන් වැඩෙන ශාකයක් වන මෙම කෝන් ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් පමණ උසැති බිම් වලද වැඩීමේ හැකියාවක් සහිතය. මෙම කෝන් ගස්වල ආයු කාලය වසර 150 ක් පමණ වන බවද දැක්වා ඇත.
කෝන් ශාකයේ ස්වරූපය
මෙය මීටර් 15 - 25 පමණ උසට වැඩෙන ළඟ අතු පතර ඇති විශාල වෘක්ෂයකි. වැඩි බිම් ප්‍රමාණයක් ආවරණය වන පරිදි අතු පතර විහිදී ඇති නිසා සෙවණ ලබා දෙන ශාකයක් ලෙස හැඳීන්විය හැකිය. මෙම ගසේ කඳ රැලි සහිත පිපිරුණු රළු පොත්තකින් යුක්ත වෙයි. මෙම පොත්ත අළු දුඹුරු පැහැතිය. එසේම රළු කෘෂ්ඨීය කඳකින් යුතුය. කුඩා පත්‍ර 4 - 5 අතර ගණනකින් යුතු කුඩා රිකිලි පවතින අතර සෙ.මි. 7 - 18 අතර දිගින් සහ සෙ.මි. 3.5 - 8 අතර පළලින් යුතු පත්‍ර වෙයි.
පත්‍රවල මතුපිට දිලිසෙන කොළ පැහැයකින් යුතුය. ළපටි පත්‍ර හෝ පත්‍රිකා ලා රෝස පැහැයෙන් යුතු වේ. මෙහි හටගනු ලබන මල් කුඩා වන අතර කහ පැහැගනී.
මෙම මල් පවතින්නේ පොකුරු වශයෙනි. ගෙඩි හටගනු ලබන්නේ ද පොකුරු වශයෙනි. මේවා තරමක් ගෝලාකර හෝ ඉලිප්සාකාර හැඩයෙන් යුතුය. මේවායේ ඉඳුනු ගෙඩි පලතුරක් ලෙස ප්‍රකට වේ. මෙය ඇඹුල් රස ඇති උෂ්ණ විර්යයෙන් යුතු පලතුරකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන