වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගස්කරල්හැබ
අර්ශස්,මධුමේහය ආදී රෝග සමූහයකට ගුණදෙන අගනා ඔසුව
ගස්කරල්හැබ වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්
ඉන්දියාව, නිවර්තනමය අපි‍්‍රකාව ,අමෙරිකාව, ඕස්ට්‍රේලියාව ආදී කොට ඇති ලෝකයේ සෑම තැනම පැතිරුණු පැළෑටියකි. විශේෂයෙන් ඝර්ම කලාපීය රටවලට පොදුය. මුහුදු මට්ටමින් අඩි 3000 දක්වා ප්‍රදේශවල වැවේ.
දේශීය වශයෙන්
ඉතා ඉහළ කඳුකරයේ හැර ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පැතිරී ඇත. මංමාවත් දෙපස වගාබිම්වල, වනාන්තර මායිම් වල ජලපහර ගලා යන දෙපස, පතන ප්‍රදේශවල සහ මුහුදු වෙරළවල දක්නට ලැබේ.
ගස් කරල් හැබ ස්වරූපය
සෙ.මී. 30 – මීටර් 2 දක්වා තරම් උසට වැවෙන ඍජු පැළෑටියකි. මෙහි ශාකා කිහිපයක් තිබිය හැකිය. මෙම ශාකා හෙවත් අතුවල බූව ඇත. පත්‍ර ඇත්තේ ටිකකි. පත්‍රවල නටුව කෙටිය. සරල පත්‍ර වන මේවායේ උඩ සහ යට දෙපැත්තේම බූව පවතී. තදබදව එක්තැන්වූ පුෂ්ප බොහෝමයක් පුෂ්ප මංජීරිවල දක්නට ලැබේ. මෙම පුෂ්ප කුඩා වන අතර කොළ පැහැයට හුරු සුදු පැහැතිය. මෙම ශාකයේ හටගනු ලබන ඵලය (ගෙඩිය) කුඩා වන අතර ආයාත සිලින්ඩරාකාරය. ඒවායේ මතුපිට සිනිඳුය. දුඹුරු පැහැතිය.
මල් හට ගැනීම සාමාන්‍යයෙන් ඔක්තෝබර් ,දෙසැම්බර් කාල සීමාවේදි සිදුවේ.
මේ අතර මෙම ගස්කරල්හැබවලට අමතරව බිංකරල් හැබ හෙවත් රත්කරල් හැබ නමින්ද ඖෂධීය වශයෙන් ඉතා වැදගත් තවත් ප්‍රභේදයක් වෙයි.
කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>