වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
වැලක්ද? අතු බෙදීගිය පඳුරක්ද? කටුවැල්බටු
පොළොව බදාගෙන එකී, අතු ඔසවාගෙන සෙ.මී. 50-60 ටත් අතර උසට වැඩෙන ශාකයකි, කටුවැල්බටු. වියළි ප්‍රදේශවල වගා කරනු ලැබේ. ඒත් තෙත් කලාපයේද දක්නට ලැබේ. ඈත අතීතයේ සෑම වත්තකම කටුවැල්බටු ඔසුපැලය තිබුණත් මේ යුගයේ වඳවෙන ප්‍රබල බෙහෙත් ඔසුවකි. මේ වන විට ආනයනික ප්‍රබල ඖෂධයක් බවට පත්වී ඇත.
උද්භිද විද්‍යාත්මක නාමය ඉධතචදචථ මඪපඨඪදඪචදභථ වේ. පොදු නාමයන් ලෙස ඊඩධපදර දඪඨඩබඵඩචඤඥ- රඥතතධඹ ඡඥපපඪඥඤ දඪඨඩබ ඵඩචඤඥ නම් කෙරේ. කුලය ඉර්‍ණඹ්ඒව්ඒඛ්ඡ්ඒඡ් වේ.
දෙමලෙන් කන්ඨනි කණ්ඨාරි ලෙසද හින්දි භාෂාවෙන් කාටායි ලෙසද සංස්කෘත නාමය කණ්ඨකී හෙවත් කණ්ටකාරි ලෙසද හඳුන්වයි.
ඉන්දියාවේ බහුලව දැකිය හැකිය. බංගලදේශය, මැලේසියාව, පකිස්ථානය, චීනය, අපි‍්‍රකානු රටවල ආවේණික වූ ශාකයකි. නිවර්තන කලාපීය රටවල ඉතා හොඳින් වැඩෙන ශාකයකි. ඉන්දියාව, චීනය, ඇතුළු අපි‍්‍රකානු රටවල් කටුවැල් ඉටු මගින් කැස්සට, දත්කැක්කුමට, ආහාර අරුචියට, කල්ගත උනට විශාල වශයෙන් බෙහෙත් නිෂ්පාදනය කරති. රෝග සමනය කර ගැනීමේ ඖෂධීය ශාකයක් ලෙස ප්‍රමුඛත්වය හිමිවේ.
කඳෙහි සහ අතුවල තියුණු උල් සහිත කටු තිබේ. වසර පහක් පමණ ආයු කාලයක් ඇති ශාකයකි. ශාක පත්‍ර ගැඹූරු ලෙසින් කොටස් කීපයකට බෙදේ. පත්‍රයක දිග. සෙ.මී. 4-5 ක් පමණද පළල සෙ.මී. 2-3 පමණද වේ. පත්‍ර මතද කටු පිහිටා තිබේ. සෙ.මී. 2.5 ක් පමණ වූ විෂ්කම්භයෙන් යුතු ගෝලාකාර ගෙඩි හට ගනී. ගෙඩි හට ගන්නේ සෑම වසරකම දම් පැහැති මල් පරාගනය වීමෙනි. ඒවා ගෝලාකාරය. එම ගෙඩිය තුළ බීජ රැසක් හට ගනී. මේ බීජ තවාන් දමා බෝකර ගත හැක.
මෙම මුළු ඖෂධීය ශාකයක පාංචාංගයම ඖෂධ සඳහා භාවිතයට ගනී. ඒ සඳහා වියලා හෝ අමුවෙන් ගත හැක. කල්ගත වූ උණ සහිත ඇදුම හෝ ශාරීරික වේදනාවට, කෑම අරුචියට, කල්ගිය කැස්සට කටුවැල් බටු ශාකයෙන් බෙහෙත් සාදා ගනී. ආම රෝග, පීනස, සෙම්ප්‍රතිශ්‍යාව , කැස්ස, දත් කැක්කුම, පෙණහලු රෝග, සමනය කිරීමට වටිනා ඖෂධීය ශාකයකි. ඉන්දියාව, චීනය, මැලේසියානු සහ තවත් රටවල් කීපයක් කටුවැල් බඩු ඉස්ම ගෙන නවීන බාම් වර්ග, බෙහෙත් කුඩු වර්ග, ද්‍රාවණ වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග ,පෙති, කරල් අද වන විට නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කර ඇත.
උඩවලව තුඩුව කෑම්ප් ඔසු උයනේ සනත් ලෙනෝරා