නිරෝගී සුවය ගෙනෙන ශක්තිමත් ජීවිතයකට පාරම්පරික හෙළ සහල් බත

ජනවාරි 4, 2019

"අපේ ප්‍රධාන ආහාරය බත බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් අගනා ඖෂධයක් වන බතට අවශ්‍ය සහල් කෙසේ තෝරා ගන්නේ දැයි නොදන්නා අය බොහෝ ය"

වෙළඳපොලේ අලෙවියට තබා ඇති සහලේ අලංකාරයටත් සැහැල්ලු භාවයට හා ප්‍රචාරණයටත් රැවටී සහල් ගන්නා අයද එමටය. ගුණාත්මක භවෙන් වැඩි සහල්වල පවතින අධික මිල නිසාද එම සහල් ගැනීමෙන් වැළකී සිටින අයද බොහෝ ය. අපේ හෙළ සහල්වල ගුණාත්මකභාවය ගැන එතරම් දැනීමක් නොමැතිකම නිසා වෙළදපොළට යන ගෘහණියන් සම්බා මිල්චාඩ්, සුදුසහල්, කෝරා තම්බපු ආදි වශයෙන් සහල් ගැනීමට පුරුදුව සිටිති.

සමාජයේ වෙනදාට වඩා අද රටසහල්වලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. නමුත් සමහර සහල් බත දරුවන්ට අගුණ වී උදරාබාධවලටද ලක් වේ. මෙවැනි තත්වයන් අපේ දේශීය සහල්වලින් සිදු නොවේ. වී කෙටීමේදී වී පොතු ඉවත් කිරීමේදී සහල් පිස ගැනීමේදී එහි ගුණාත්මකභාවය ඉවත් නොවන අයුරින් සිදුකරගත යුතුය. බතක් පිසගන්නා විට කැඳ උතුරා යෑමෙන් බතේ ගුණාත්මකභාවයද අඩුවේ.

පාරම්පරික දේශීය සහල් සියල්ලක්ම ඖෂධ ගුණයෙන් යුත් නිරෝගීතාවය ගෙනෙන සහල්ය. මේ සහල් බත ධාන්‍ය වර්ගයට අයත් වූවකි. එනම් වී ප්‍රධානතම ධාන්‍ය වර්ග යයි. වී වල කාබෝහයිඩ්‍රේට් අධිකව ඇත. තෛල පදාර්ථ ඇත්තේ අඩුවෙනි. ලෝහ පදාර්ථ ද එසේමය. විටමින් බී පවතින්නේ නිවුඩ්ඩ සුද්ද නොකළ සහල්වල පමණකි. එයද සහල් වැඩිපුර සේදූවිට ඉවත්ව යයි. වෙළදපොළේ ඇත්තේ ඔප දැමූ නිව්ඩ්ඩ ඉවත් කරන ලද සුදු පැහැති සහල්ය. ඒවායින් නිසි ගුණයක් ලැබෙන්නේ නැත. සමහර බත්වල ඇති තෙල්ගතිය හා සීනි හේතුවෙන් සිරුර තර කිරීමේ තත්වයන් පවතී. කෙසේ නමුත් කැකුලු සහලේ බත කෑමෙන් සමේ ශක්තිය ඇතිකරවන අතර සමේ වර්ණයද වැඩි කෙරේ.

 

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්.එස්.එස්.ප්‍රනාන්දු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.