වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේත්, දරුවන්ගේත් වැඩකිරීමේ හැකියාව සහ ක්‍රියාශීලිත්වය බෙහෙවින් අඩුවන්නේ යකඩ ඌණතාවය හේතුවෙනි. ශරීර සෞඛ්‍ය වර්ධනයටත්,...
2023-12-21 18:30:00
විවාහ වී වසර 10 ක් පමණ ගතවුණද දරුවෙකු නොමැති කමින් මහත් අසහනයකින් පසු වූ අමිත් සහ නිලූ යුවළ සේනක වෙද මහතා හමුවූයේ තම දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාය...
2023-12-14 18:30:00
පියසේන මහතා රජයේ කාර්යාලයක සේවය කිරීමෙන් පසු විශ්‍රාමිකව නිවසට වී සිටින්නෙකි. තම එකම දියණියද විවාහවීමෙන් පසු නගරයේ ජීවත්වන නිසා නිවසේ සිටියේ...
2023-12-07 18:30:00
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාර ගැනීමෙන් ඇති වන නීරෝගීභාවය පිළිබඳවත් ඒ සඳහා ගත යුතු ආහාර පිළිබඳවත් ආයුර්වේදය මඟින් දැනුම්වත් කර ඇත. කුසට ආහර...
2023-11-30 18:30:00
පාරම්පරික වෛද්‍යවරයෙකු වූ සිරිසේන මහතා නිවෙසේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ අසල්වාසී ගුරුවරයකු වූ ගාමිණී මහතාය. නිවාඩු දිනයක් වූ එදින උදෑසන පැමිණි...
2023-11-23 18:30:00
තරුණ වෛද්‍යවරියක වු ලලනී හමුවීමට විවාහක තරුණ යුවළක් පැමිණියේ ප්‍රතිකාර ගැනීමටයි. විවාහ වී වසර කිහිපයක් ගතවුව ද දරුවකු නොමැති කමින් කනස්සල්ලෙන් පසූවූ...
2023-11-16 18:30:00
ශී‍්‍ර ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂය බස්නාහිර පළාතේ කළුතර දිස්ති‍්‍රක්කයෙහි පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම්...
2023-11-09 18:30:00
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක වූ වරුණි ශාක පිළිබඳ නිබන්ධනයක් සඳහා කරුණු ටිකක් දැනගැනීමට ප්‍රවීණ වෛද්‍යවරියක හමුවිය.තම මාපියන්ද හොඳින් හඳුනන වෛද්‍යවරියක්...
2023-11-09 18:30:00
ආයුර්වේදයේ සහ පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි. අපි සියලු දෙනාම දිගු කලක් ජීවත්වීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව ස්වභාවික පරිසර පද්ධතීන්ගෙන්...
2023-10-26 18:30:00
ප්‍රවීණ වෛද්‍යවරයකු වූ පීරිස් මහතා තම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේමය. වාත රෝග සඳහා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දුර...
2023-10-26 18:30:00
ප්‍රදේශයේ ප්‍රවීණ වෛද්‍යවරියක වූ සුමනා මහත්මිය බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේ ඉදිරිපස වූ කාමරයේ ය.ළමයින්ගේ රෝග සදහා ප්‍රසිද්ධ වෛද්‍යවරියක් වූ...
2023-10-19 18:30:00
නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා එදිනෙදා ගත යුතු ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන් ආහාරයට පළා වර්ගයක් එක්කර ගැනීමෙන් සමේ පැහැපත් බව...
2023-10-19 18:30:00
ආයූර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීවරයෙකු වූ මනෝජ් මහතා දිවා ආහාරයෙන් පසු කාර්යාලයේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ පාසල් සිසුවෙකි.“සර්. මට ටිකක් සර්...
2023-10-12 18:30:00
නගරයට ආසන්නව බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන විමලා මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය කර්මයේ නිරත වන්නියකි.තම පියා පවත්වාගෙන ආ බෙහෙත් ශාලාව ඔහුගේ...
2023-09-28 18:30:00
ආයුර්වේද වෛද්‍ය සිසුවකු වන සහන් හට තම නිබන්ධනයක් සඳහා නෙල්ලි ශාකය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය.ඒ සඳහා ඔහු තම ද්‍රව්‍ය ගුණ ගුරුතුමා වන...
2023-09-21 18:30:00
අදින් වසර 2500කට පෙර භාරතය තුළ අධි වන්දනාමනයෙන් යුක්ත එක් දෙවියකු විය.”ඒ මහා බ්‍රහ්මයාය”.භාරතීය ජනයා මහා බ්‍රහ්මයා හැදින්වූයේ සියල්ලේම මැවුම් කාරයා...
2023-09-21 18:30:00