වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඈත අතීතයේ සිටම බිලිං ඉතා ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක් ලෙස සලකා තිබේ. දේශීය මෙන්ම ඉන්දියානු පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ භාවිතයන් පිළිබඳ පර්යේෂණ...
2021-05-27 18:30:00
අප අවට පරිසරය ගැන හොඳීන් නිරීක්ෂණය කර බැලූ විට බහුල ලෙස දක්නට ලැබෙනුයේ ශාක ද්‍රව්‍යයන් ය. මෙයට අමතරව සත්ව ද්‍රව්‍යයන් හා පාර්ථිව ද්‍රව්‍යයන් ද බොහෝ...
2021-05-27 18:30:00
ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා මුළු ලෝකයේම එදා සිටම පැවති ඉල්ලුම එදා සිටම අඩු නොවනා අතර, අද මුළු ලෝක ව්‍යාප්තියක් වූ කොරෝනා රෝගය සඳහා ද ප්‍රතිකාර සඳහා මේ...
2021-05-20 18:30:00
කතුරුමුරුංගා යනු මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයකි. කතුරුමුරුංගා කොළ මැල්ලුමක් හෝ කිරි හොද්දක් සතියට අවම...
2021-05-20 18:30:00
වෘක්ෂ වන්දනය බුදුදහම හා තදින් බැඳී පවතී. වෘක්ෂ දේවතාවන්ට ද බුදුදහමින් විශේෂ තැනක් ලැබී ඇත. ඒ අනුව බුදු දහම අනුව වෘක්ෂ දේවතාවෝ සදෙනෙක් සිටිති. ...
2021-05-20 18:30:00
දිවුල් ශාකය පැඟිරි ශාක කුලයට අයත් වන අතර, එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව ආශ්‍රිතව සම්භවය වී ඇත. මෙය නිවර්තන කලාපයේ බොහෝ රටවල ද දක්නට ලැබෙයි. වනගත ප්‍රදේශ...
2021-05-20 18:30:00
එළවළු පිසීමේදී ඒවායේ ස්වභාවය වෙනස් වී දිරවීමට පහසු තත්ත්වයට පත් කරයි. අලුත් එළවළු හා පළා වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වේ. කෙස්වල...
2021-05-13 18:30:00
ලංකාවේ දෙළුම්වල බාහිර පෙනුම රතු මිශ්‍ර කහ පැහැයක් ගනියි. බාහිරාවරණය මිලිමීටර් 03ක් පමණ ඝනය. බීජ පිහිටා ඇත්තේ තුනී සිවියකින් යුත් කාමරය තුළය. දෙළුම්...
2021-05-13 18:30:00
ලංකාවේ දෙළුම්වල බාහිර පෙනුම රතු මිශ්‍ර කහ පැහැයක් ගනියි. බාහිරාවරණය මිලිමීටර් 03ක් පමණ ඝනය. බීජ පිහිටා ඇත්තේ තුනී සිවියකින් යුත් කාමරය තුළය. දෙළුම්...
2021-05-13 18:30:00
ගොරකා කිසිදු වියදමක් නොදරා ඵල නෙළා ගත හැකි භෝගයකි. ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. උෂ්ණ ගුණයෙන් යුක්ත ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍යය. රුධිරගත...
2021-05-06 18:30:00
ලෝකයේ උප්පත්තිය අනුව සලකා බැලීමේදී මූලිකව අප හට පෙනෙන්නට තිබෙන සංකල්පය වන්නේ ඇති වීම හා නැති වීමයි. සියලුම දේ ඇති වෙනවා මෙන්ම නැති වීමත් සිදු විය...
2021-04-22 18:30:00
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවන් අතර විවිධ ප්‍රයෝජන ලබා දෙන ගස්වැල් රාශියක්ම දක්නට ලැබේ. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද ලබාදෙන ප්රයෝජනයන්ට...
2021-04-08 18:30:00
ආයුර්වේදයේ සඳහන් පරිදි රණවරා ඖෂධය ගුණ වශයෙන් ලඝු හා රූක්ෂ ගුණයෙන්ද ශීත, වීර්යයෙන් හා කටුක විපාකයන්ගෙන් යුක්ත බවයි. රණවරා බොහෝ රෝගවලට මෙන්ම කඵ පිත්...
2021-04-01 18:30:00
මිනිසා හැර මෙලොව කිසිදු සත්වයකු වැඩුණු පසුව තමන්ගේ හෝ අනුන්ගේ කිරි බොන්නේ නැත. එහෙත් මිනිසා උපතේ සිට මරණය දක්වාම වෙනත් සතකුගේ කිරි බීමට පුරුදු වී ඇත...
2021-04-01 18:30:00
අද සමාජයේ බොහෝ දෙනෙකුට සමබල ආහාර වේලක ඇති ගුණාත්මකභාවය ගැන නිසි අවබෝධයක් නැති බව පෙනී යයි. මේ නිසා බොහෝ දෙනා දිනපතා එකම විදියේ ආහාර පාන පිළියෙල...
2021-03-25 18:30:00
1980 දශකයේ අවසාන භාගයේ දී වෛද්‍ය පර්යෙය්ෂණ ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල ගලගණ්ඩය (වායුගෙඩි) රෝගය බහුලව දක්නට...
2021-03-25 18:30:00