වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඇඹරැල්ලා ආයුර්වේද ක්‍රමවේදයේ ඉතා වටිනා ගුණවත් ඖෂධ නිපදවිය හැකි ශාකමය ඖෂධයකි. දේශීය ආහාර ක්‍රමවේදයේ ඉතා රසවත් පලතුරක් වන ඇඹරැල්ලා ගුණදායි වෑංජනයකි....
2021-03-18 18:30:00
ආහාර ආරක්ෂණය (ජ්ධධඤ නපඥඵඥපමචබඪධද) මඟින් මිනිසාට හිතකරම ආහාරවලින් ලැබෙන පෝෂක කාණ්ඩ නිසියාකාරව ලබාගත හැකිය. එසේම ආහාරවල පථ්‍ය තත්ත්වය යථාව පවත්වා...
2021-03-18 18:30:00
මී පැණි ,එළඟිතෙල් හා කෙසෙල්ගෙඩි අනා වැළදීමෙන් සප්තධාතු වර්ධනය වෙයි. දිවුල් මද, මී පැණි හා කෙසෙල් ගෙඩි අනා වැළඳීමෙන් මියන් ගේ විෂ, කෘමි විෂ නැසේ....
2021-03-04 18:30:00
තිඹිරි ගෙදර සිට සොහොන් බිම දක්වා ගෙවන මනුෂ්‍ය ජීවිතයේ වඩාත් වැදගත් වන්නේ නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමය. ආයුෂ කොතරම් දීර්ඝ වුවත් එය නීරෝගී...
2021-03-04 18:30:00
උෂ්ණාධික ආහාරයක් වන දෙල් වැඩිපුර ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ගේ රූප ශෝභාව අඩුවන බවත් පුරුෂ ශක්තිය හීනවන බවත් ශරීරගත වේදනා හටගන්නා බවත් ආයුර්වේදයෙන්...
2021-03-04 18:30:00
අප රටේ පමණක් නොව ලොව සෑම රටකම වාගේ ඔසුවක් වශයෙන් ද ආහාරයක් වශයෙන් ද ප්‍රයෝජනයට ගන්නා ලූනු අනගි බෙහෙතකි. බේත් අතුරින් සුදුලූනු මුලටම එන බේතකි. ...
2021-02-11 18:30:00
මිනිසාගේ සුවසෙත උදෙසා තුරුලතාවන්ගෙන් ඉටුවන මෙහෙය සුළුපටු නොවේ. ඈත අතීතයේ සිටම ඖෂධ වශයෙන් ප්‍රයෝජනයට ගන්නා පැළෑටි හෝ ඒවායේ විවිධ කොටස් එක් රැස් කර...
2021-02-11 18:30:00
ගහ කොළ නිසා අවට පරිසරය සුවදායක වේ. එමෙන්ම ගෙවතුවල ඖෂධ පැළ වගාකිරීමෙන් එහි පවතින ඖෂධ ගුණය වහනය වීමෙන් නිරෝගිතාවය ඇති කෙරේ. ඖෂධීය ශාක මෙන්ම...
2021-02-11 18:30:00
බාල, තරුණ, වැඩිහිටි, මහලු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය හා...
2021-02-04 18:30:00
වර්තමාන සමාජයේ පවතින අවිවේකී භාවය නිසා ආහාර ගැනීමට නියමිත වේලාවක් නොමැති වේ. ඒ සඳහා කුමක් හෝ සුළු කෑමක් කෑමට පුරුදුව සිටිති. ඒ සඳහා වැඩියෙන්ම...
2021-02-04 18:30:00
දෙවිවරු විවිධ ගස් අරක්ගෙන ඇත. ඒ අතරින් නෙල්ලි ගසට අරක් ගත් දෙවි කෙනෙක් සිටිති. විෂ්ණු දෙවියන් මෙම ගසේ වාසය කරන්නේ යැයි හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි....
2021-02-04 18:30:00
දේශීය වෛද්‍ය ක්රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ද ඖෂධයක් වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් වශයෙන් වැල්මදට හැඳීන්වීමට පුළුවන. මදට යනු...
2021-01-21 18:30:00
කාමය යනු ගින්නකි. කාන්තාව සෑම මොහොතකම සමාජයේ ගැරහීමට ලක්වන චරිතයකි. සෑම පුරුෂයකු විසින්ම කාන්තාව ගැන සිතිය යුත්තේ ඇය තමන්ගේ මව, සහෝදරිය, දියණිය...
2021-01-14 18:30:00
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන බොහෝ දේශීය පලතුරු වල පෝෂණ ගුණය උසස් මට්ටමක පවතී. එවැනි දේශීය පලතුරු වර්ගවලින් ප්රමුඛ ස්ථානයක පවතින පලතුරක් ලෙස උගුරැස්ස නම්...
2021-01-14 18:30:00
නිරෝගී දිවිපැවැත්මක් සෑම කෙනෙකුගේ පැතුමයි. මේ සඳහා අපට සහාය වනුයේ අප ගන්නා දෛනික ආහාරයි. ආහාර රස ගැන්වීමේදී යොදාගන්නා කුළුබඩු ආහාරයට එක් කිරීම මගින්...
2021-01-14 18:30:00
අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝමයක් ඉතා හොඳීන් හඳුනන අතර සීමිත ප්‍රමාණයක් පිළිබඳ නිසි අවබෝධයක් අප හට නැත්තේ ය. එසේ වුවද හොඳීන්...
2021-01-14 18:30:00