සෙම හා පිත සමනය කරමින් ශක්තිය වර්ධනය කරන රණවරා

අප්‍රේල් 2, 2021

ආයුර්වේදයේ සඳහන් පරිදි රණවරා ඖෂධය ගුණ වශයෙන් ලඝු හා රූක්ෂ ගුණයෙන්ද ශීත, වීර්යයෙන් හා කටුක විපාකයන්ගෙන් යුක්ත බවයි. රණවරා බොහෝ රෝගවලට මෙන්ම කඵ පිත් රත්පිත් රෝගයන් ද සමනය කරයි. එහි ස්ථම්භක ගුණය පවතින බැවින් අතීසාර ප්‍රවාහිකා ආදී රෝගයන්ට ද ගුණ වේ.

 

දේශීය වෙදකමේදී මෙන්ම ආයුර්වේද වෙදකමේදී රණවරා බහුල වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත.

වියළි මල් හා පුෂ්ප අංකුර යොදාගෙන ලබාදෙන ඖෂධීය පානය විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට ගුණාත්මක පානයක් වන අතර කාන්තාවන්ගේ සමේ පැහැය ඇති කරලීමට ද හේතුවක් විය. රණවරා පස්පංගුව යොදා ගනිමින් සකස්කරනු ලබන රණවරා බෙහෙත් රෝග රැසකටම ගුණදායක වේ.

ඒ රණවරා ඖෂධීය ශාකයේ මුල්, මල්, කොළ, පොතු, අල යන පංචාංගයම ඖෂධ සඳහා භාවිතා කිරීමයි. ඉතාම රසවත් හා ප්‍රණීත පානයක් වන රණවරා මල් තැම්බූ ජලය ඔසුපැන් රෝග රැසකටම එක හා සමානව සුවය ලබා දෙයි. දුඹුරු පැහැති පොත්තකින් යුත් සතර අතට අතු විහිදුණු පදුරකි රණවරා. එහි සංයුක්ත පත්‍ර දක්නට ලැබෙන අතර උප පත්‍ර කන්පෙත්තක ස්වරූපය ගනී. ඉතා අලංකාර දීප්තිමත් කහ පැහැති මල් එක්ව හටගන්නා පොකුරක් ද වේ. සෙම හා පිත සමනය කිරීමේ මහඟු ගුණයකින් යුත් රණවරා, ශරීර ශක්තිය මෙන්ම ශරීර කාන්තියද වර්ධනය කෙරේ. රණවරා මල්පානය රණවරා ඔසු පැන් ඉතාම ගුණදායක පානයකි.

ඖෂධීය ඔසු පැන,් රණවරා නිතර නිතර බීමෙන් ප්‍රමේහ රෝග, රක්ත දෝෂ, උෂ්ණ, මුත්‍රාදාහ, ස්වප්න මෝචන, කාන්තාවන් මානසික පීඩනයට පත්කෙරෙන සෝම රෝග, ප්‍රදර රෝග ආදි රෝග ගණනාවකටම මහත්සේ ගුණය ලබාදෙයි. රණවරා මලට කියනු ලබන සිංහල නාමය රණවරා වන අතර සිංහල නාමය ද රණවරා වේ. ඉංගී‍්‍රසි බසින් ර්චබභපඥ ඊඥච ඊපඥඥ ඊචදදඥ’ඵ ඛ්චඵඵඪච වේ.සංස්කෘත බසින් පීත පුෂ්ප, ආකුලී සාරදී හේමන්දාම, අක්ෂිරංගා ආදී නම් ද හින්දි බසින් තරවරා තරවර යනුවෙන් ද දෙමළ බසින් අවෙරෙ අවරම් පොන් අවරේ කියාද සඳහති. රණවරාවල උද්භිද විද්‍යාත්මක නාමය ඛ්චඵඵඪච ඒභපඪජභතචබච ඹ් වන අතර කුලය වන්නේ ශම්බි කුලයයි .ඹ්ඥඨභථඪදධඵචඥ රණවරා ඖෂධීය ශාකයේ ඇල්කොළයිඩ් ,පෙනෝලිස්, ටැනින්, ප්‍රෝටීන් හා කාබෝහයිඩ්‍රේට් අඩංගුවන බව රසායනික පරීක්ෂණවලදී ද තහවුරු වී ඇත. විශිෂ්ට ප්‍රතිජීවක ගුණයකින් යුත් රණවරාවලට විවිධ බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියාකිරීමේ ශක්තියක් ද පවතී.

ආයුර්වේදයේ සඳහන් පරිදි රණවරා ඖෂධය ගුණ වශයෙන් ලඝු හා රූක්ෂ ගුණයෙන්ද ශීත, වීර්යයෙන් හා කටුක විපාකයන්ගෙන් යුක්ත බවයි. රණවරා බොහෝ රෝගවලට මෙන්ම කඵ පිත් රත්පිත් රෝගයන් ද සමනය කරයි. එහි ස්ථම්භක ගුණය පවතින බැවින් අතීසාර ප්‍රවාහිකා ආදී රෝගයන්ට ද ගුණ වේ. සමහර අයට ඇතිවන මුඛය දෙපස වණවීම් සහ කැසීම් ඇතිවන විට රණවරා කොළ මැල්ලුමට සාදා ආහාරයට ගැනීමෙන් එය සුව වේ. එමෙන්ම රණවරා පංචාංගය ගැනීමෙන් සකස්කරනු ලබන කෂායද ගුණවත් වේ. රණවරා මල් ගෙන ඇල්දියෙන් අඹරා පාප්පයක් මෙන් ගෙන ඒවා ඇඟෙහි ආලේප කොට ටික වේලාවක් සිට සෝදා හැරීමෙන් සිරුර පැහැපත් වේ. එය දින කීපයක්ම එලෙසින් කළ යුතුය. රණවරා මල්පානය ද කීප දිනක් ම ගත යුතුය. එහි දී තම ශරීරයේ පැහැපත් බව මනාසේ දැකගත හැකිය. රන් මල් සහිත මල් කෂාය දීමෙන් සන්නිපාත ජ්වරයේ තුන්වන සතියට ප්‍රයෝජනවත් වේ.රණවරා මල, ඔලිද , හාතාවාරිය ,පෙනෙල , වැටහිර, දෙමට, රසකිද, කරල් හැබ, බෙලි වැල්, මී, ඉඟිටි ඇට, තිපල් ,නාමල්, කලාදුරු, නාමල් රේණු, සපු, නෙළුම්, පුහුල් , එළබටු, නික, රත්හදුන්, වැටකේ මෙම ඖෂධවලට සම්බන්ධ ගත හැකි සෑම මල්වර්ගයක්ම මෙම කෂායට ගත යුතු බවට නියමව ඇත.

ප්‍රමේහ හා මධුමේහය දියවැඩියාවට දෙනු ලබන ජලස්න ආදී කෂාය රණවරා මාදං පොතු , කුඹුක්පොතු, කලාදුරු, මුද්දරප්පලම් , නුග, අරළු, දෙක හා අරළු , බුලු, නෙල්ලි, රණවරාපොතු චර්ම රෝග වලට හා අර්ශස් රෝගවලට ද ගුණදායක වේ. රණවරා කොළ, තම්බා උගුර කට සේදීමෙන් උෂ්ණාධික ගතිය දුරු වේ. රණවරා ඇට කබලේ බැද කුඩුකර තබාගෙන කෝපිමෙන් බීම ද සුවදායකයි. නිතර නිතර ඇතිවන අතුල් පතුල් පැලී දැවිල්ල හටගන්නේ නම් රණවරා ගසේ මල්, කොළ , මුල්, ගෙඩි හා පොතු නෙල්ලි, රසඳකි, නෙරෙංචි,නීරමුල්ලිය, සම ප්‍රමාණයට ගෙන එක්කොට ජලය ගෙන තම්බා මී පැණි මිශ්‍ර කර පානය කිරීමෙන් සුව වේ. මළබද්ධයට මූත්‍රාදැවිල්ලට හා පැහැපත් බව ඇති කර ගැනීම රණවරා කැඳ මහඟු ඖෂධයකි. ඒ සඳහා රණවරා කොළ යුෂ ඉතාම කදිම ඖෂධයකි.

රණවරා ළපටි කොළ කැඳට වඩාත්ම සුදුසුය. රණවරා කොළ මිටක් සුද්ධ කරන ගන්න. කොළ ගැනීමට පෙර එම කොළ පිටිපැත්ත හොඳින් විමසා බලන්න. සමහර කොළවල පුල්ලි හෝ දුඹුරු පැහැති වර්ණ ගැන්වී හෝ මකුණු දැල් හෝ තිබිය හැකිය. ඒවා නොමැති කොළ තෝරා කොටා රණවරා යුෂ ගෙන භාජනයකට වත් කොට නිවුඩු සහල් ග්‍රෑම් දෙසිය පනහක් පමණ කරපිංචා කොළ ඉති හතරක් පහක් පමණ ඉඟුරු කෑල්ලක් , සුදුලූනු බික් දෙක තුනක් ලුුණු ස්වල්පයක් සමඟ එක්කර ගන්න. මේ සියල්ල කරපිංචා ඉති එක්කොට එකපමණට එනසේ කොටා යුෂ එක්කර ගන්න. මුලින්ම කළ යුතු වන්නේ භාජනයකට සෝදා පවිත්‍ර කරගත් නිවුඩු සහල් දමා එයට ජලය දමා ඉඟුරු, සුදුලූනුත් එක්කොට ලිප තැබීමයි. ස්වල්ප වේලාවකදී සහල් තැම්බෙන විට හැන්දකින් එම බත් හා ඉඟුරු , සුදුලූනු හොඳට තලා පොඩි කරන්න. අනතුරුව ලුණු ටිකක් දමා කළවම් කොට රණවරා ඉස්ම සමඟ පොල්කිරි ටිකක් ද දමා කළවම් කොට රණවරා කැඳ වැඩි වේලාවක් ලිපේ නොතබා උණුවන විට බා නිවෙන්නට තබා පානය කරන්න. රණවරා කැඳ පිත්ත සමනය කරයි. ලේ පිරිසුදු කරයි. මූත්‍රා දැවිල්ල, වාතරක්තය . දියවැඩියාව ආදී රෝගයන්ට ඉතාම ගුණදායක වන අතර සමේ පැහැය වර්ධනය කිරීමට ද උපකාරී වේ. රණවරා උගුරේ හටගනු ලබන ගලගණ්ඩවලදී තම්බා උගුර සේදීමෙන් මනා ගුණයක් ඇතිවේ. ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන අතීසාර අවස්ථාවේදී දිගින් දිගටම මල පිටවන විට රණවරා පානය කිරීමෙන් ගුණයක් ලබාගත හැකිය.

රණවරා මෙන්ම අනෙකුත් ඖෂධීය කොළ යුෂ වලින් සාදාගන්නා කොළ කැඳ උදේ වරුවේ පානය කිරීමෙන් සිරුරට හොඳ පෝෂ්‍ය ගුණයක් ලැබේ. තරබාරුව අඩු කරගත හැකිය. මතක ශක්තිය වර්ධනය වේ. අස්ථිවල ක්‍රියාකාරිත්වය හොඳට පවත්වා ගත හැකිය. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කෙරේ. නිරෝගිමත් පැහැපත් සමක් ඇති කෙරේ. කෙස් නිරෝගිමත් කෙරේ. ශරීර ශක්තිය ද වර්ධනය කෙරේ. ප්‍රාණවත් බවක් ඇතිවීම නිසා දවසේ කටයුතු සාර්ථක වේ.

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන - මාධ්‍යවේදී

එස්.එස්.එස්.

ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.