ගුණ නැණ වඩන එළවළු පළා වර්ග

මැයි 14, 2021

එළවළු පිසීමේදී ඒවායේ ස්වභාවය වෙනස් වී දිරවීමට පහසු තත්ත්වයට පත් කරයි. අලුත් එළවළු හා පළා වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වේ. කෙස්වල වර්ධනය ඇති කරයි. සමේ කාන්තිය ඇති කරයි. අකලට මහලුවීම වළක්වයි.ආහාර මාර්ගය ආශි‍්‍රත මල බද්ධය, අර්ශස්, පිළිකා රෝගවලින් වැළකෙන අතර සිරුරේ බර පාලනය වේ. අධික රුධිර පීඩනය හා හෘද රෝග වැනි රෝග වැළඳීමේ අවදානම අඩුවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන ආහාර වර්ගීකරණය යටතේ ශාක වර්ගයන්ට අපේ ආහාරයේ ප්‍රධාන තැනක් හිමිවේ. ගෙඩි, එළවළු, කොළ එළවළු ,පළා වර්ග හා අල වර්ග වශයෙන් ඒවා වෙන්කල හැකියි. එළවළු වර්ගවල ස්වභාවය, වර්ණය, රසය හා සුවඳ නිසා ආහාරයේ විවිධ බවක් ඇති වේ.

එළවළු පිසීමේදී ඒවායේ ස්වභාවය වෙනස් වී දිරවීමට පහසු තත්ත්වයට පත් කරයි. අලුත් එළවළු හා පළා වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වේ. කෙස්වල වර්ධනය ඇති කරයි. සමේ කාන්තිය ඇති කරයි. අකලට මහලුවීම වළක්වයි.ආහාර මාර්ගය ආශි‍්‍රත මල බද්ධය, අර්ශස්, පිළිකා රෝගවලින් වැළකෙන අතර සිරුරේ බර පාලනය වේ. අධික රුධිර පීඩනය හා හෘද රෝග වැනි රෝග වැළඳීමේ අවදානම අඩුවේ.

එළවළු– වට්ටක්කා, අළු කෙසෙල්, බණ්ඩක්කා, වම්බොටු, අඹරැල්ලා, පතෝල, ගෝවා, රාබු, කෙසෙල් මුව, වැටකොළු, තුඹ, කරවිල , මෑ කරල්, දඹල හා පොලොස් යනාදිය උදාහරණ වේ. මෙම සෑම එළවළු වර්ගයකින්ම බොහෝ විටමින් හා ඛනිජලවන සිරුරට ලබා දේ. පතෝල හා වැටකොළු රෝගියකු සුවය ලබමින් සිටින මුල් අස්ථාවේ දී දීමෙන් රෝගී තත්ත්වය සමනය වේ. අහිතකර තත්ත්ව ඇති නොවේ. ඇඹරැල්ලා හදවත් හා ඇස් රෝගවලදී ඉතා ගුණ වේ. කරවිල. දියවැඩියාව, පණු හා පාණ්ඩු රෝගවලදී ඉතා ගුණවේ. රාබු මුත්‍ර මාර්ගය ආශි‍්‍රත රෝග සඳහා ගුණ වේ. අළුකෙසෙල්. ප්‍රදර රෝගීන් සඳහා ගුණදායක වේ. කොළ එළවළු ව්‍යංජන, මැල්ලුම් හෝ සම්බල් ලෙස ආහාරයට එක්කර ගත හැකිය. ව්‍යංජන සඳහා නිවිති, තම්පලා, සාරණ, ලුණුවිල, කොහිලදලු, ගොටුකොළ. නීරමුල්ලිය, ඇඹුල් ඇඹිලිය, කන්කුන් යනාදි ශාක උදාහරණ වේ. නිවිති හා තම්පලා ලේ පිරිසුදු කරයි. මල මූත්‍ර බද්ධතාව නැති කරයි. රතු තම්පලා නිල් වර්ණයට වඩා ගුණයි. සාරණ මුත්‍ර පිරිසුදු කරයි. සිරුරේ ඉදිමුම අඩුකරයි. පාණ්ඩු රෝග නසයි. ලේ වඩවයි. නීරමුල්ලිය මුත්‍ර පිරිසිදු කරයි. මූත්‍ර දාහය හා බද්ධය නැති කරයි. සිරුරේ ඉදිමුම අඩු කරයි. වාත රක්තය සමනය කරයි. ඇඹුල් ඇඹිලිය ආහාර රුචිය වැඩි කරයි. ආහාර දිරවීමේ ශක්තිය වැඩි කරයි. මල කැටි කරයි. ග්‍රහණ රෝගය සමනය කරයි. මැල්ලුම් සඳහා මුගුණුවැන්න, කතුරුමුරුංගා, අඟුණ කොළ, තෙඹු කොළ, පෙති තෝර උදාහරණ වේ. කතුරුමුරුංගා ඇස් වලට හිතකරයි. මලබද්ධය නැති කරයි. දැවිල්ල නැති කරයි. සමේ රෝග සුව කරයි. අස්ථි වර්ධනය කරයි. මුගුණුවැන්න ඇස්වලට හිතකරයි. ලේ පිරිසුදු කරයි. හිසකෙස් වඩවයි. සම පැහැපත් කරයි. පෙති තෝර ලේ පිරිසුදු කරයි. පණු රෝග නසයි. සෙම සමනය කරයි. සමේ රෝග සුව කරයි. අඟුණ කොළ පණු හා පාණ්ඩු රෝග නසයි. තෙඹු කොළ තිත්ත කෂාය. රස අධිකයි. ක්‍රිමි රෝග හා දැවිල්ල නසයි. දියවැඩියා රෝගීන්ට ද ගුණදායකයි. මුරුංගා කොළ පෝෂ්‍ය කොටස් බහුලයි. බඩගින්න ඇති කරයි. පණු රෝග නසයි. වාත වේදනා අඩුකරයි. සම්බල් සඳහා අසමෝදගම් කොළ, ගොටුකොළ, මින්චි කොළ, ගොටුකොළ ධාරණ ශක්තිය ඇති කරයි. ඇස්වලට හිතකරයි. පණූු හා පාණ්ඩු රෝග නසයි. සමේ රෝග සුව කරයි. සම පැහැපත් කරයි. දැවිල්ල නැති කරයි. පීනස් රෝග දුරලයි. ශාක හෝ වැල් වර්ගවල මුල් කොටසේ ආහාර තැන්පත් වීමෙන් අල වර්ග හට ඇත. බහුලව ආහාරයට ගනු ලබන අල වර්ග හටගනී. අප රටේ බහුලව ආහාරයට ගනු ලබන අල වර්ග නම් බතල, මඤ්ඤොක්කා , කිරිඅල. දන්දීල, හුලංකීරිය, යනාදියයි. අල වර්ගවල පිටි කොටස බහුල වන අතර වෙනත් පෝෂ්‍ය පදාර්ථ ද අඩංගු වේ. සිරුරේ බලය ගෙන දේ. අර්තාපල්, රතු අල, කැරට්, රාබු වැනි අල වර්ග ව්‍යාංජන ලෙස බොහෝ විට ආහාරයට ගනු ලබයි. ළමුන් සඳහා ඉතා පි‍්‍රයජනක ගුණදායක ආහායරකි. තැම්බූ අල වර්ග පොල් සමඟ උම්බලකඩ හෝ කුඩා මාළු මිශි‍්‍රතව පෝෂ්‍ය ගුණ සපිරි අංගසම්පූර්ණ උදෑසන ආහාරයක් ලෙස ඉතා ගුණදායක වේ.

 

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද අංශයේ ප්‍රකාශයක් ඇසුරිනි.

විමලසේන නම්මුනි

නාත්තන්ඩිය සමූහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.