පිටිකිරි පිටු දකිමු දියර කිරිවලට හුරුවෙමු

අප්‍රේල් 2, 2021

මිනිසා හැර මෙලොව කිසිදු සත්වයකු වැඩුණු පසුව තමන්ගේ හෝ අනුන්ගේ කිරි බොන්නේ නැත. එහෙත් මිනිසා උපතේ සිට මරණය දක්වාම වෙනත් සතකුගේ කිරි බීමට පුරුදු වී ඇත. ලොව බොහෝ රටවල එළකිරි, එළුකිරි මෙන්ම ඔටුකිරි දියර කිරි ලෙස බීමට ගනී. ශ්‍රී ලංකාවේ බහුලව දියර කිරි ලෙස භාවිතා කරන්නේ එළකිරිය.

 

එහෙත් අවශ්‍ය තරම් එළකිරි වෙළඳපොළට නොසැපයෙන නිසා බොහෝදෙනා පිටිකිරි බීමට ඇබ්බැහි වී ඇති බව පෙනේ. පිටිකිරි සමාගම් විසින් කිරි වෙළඳපොළ ආක්‍රමණය කර ඇති නිසා දියර කිරිවලට ඇති ඉල්ලුම අඩු වී යමින් පවතී. ස්වභාවික කිරි වෙනුවට විවිධ කෘත්‍රිම රස, වර්ණ මෙන්ම කල්තබා ගැනීමට භාවිතා කරන රසායනික වර්ග එක් කළ කිරි දිගු කලක් භාවිතා කිරීම නිසා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට පටන්ගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ විසින් හෙළි වෙමින් පවතී. අද ශ්‍රී ලංකා වෙළඳපොළේ ඇති රස සහ වර්ණ ගැන්වූ බොහෝ කිරි වර්ග විදේශ රටවලින් ආනයනය කළ ඒවා වේ. ස්වභාවික එළකිරි “කිරිපිටි” බවට පත් කරන ‘බිහිසුණු’ ක්‍රියාවලියේදී එහි ඇති බොහෝ සංඝටක සුනුවිසුණු වී යාමෙන් පෝෂණ ගුණය විනාශ වී යන අතර, පසුව විවිධ කෘත්‍රිම ඛනිජලවණ සහ විටමින් වර්ග එක්කරනු ලබයි.

එළකිරිවල ඇති මේදය ඉවත් කරගත් පසු ඉතිරිය ‘ඩ්‍රයි ඩ්‍රම්’ (ඤපර ඤපභථ) ක්‍රමයට අධික උෂ්ණත්වය ඇති යකඩ තහඩුවකට කිරි ‘ස්පේ‍්‍ර (ඉනපචර) කරනු ලබයි. එහිදී කිරි අළු බවට පත්වේ. මෙම ‘කිරි අළුවලට” පසුව කෘත්‍රිම ඛනිජ ලවණ සහ විටමින් අඩංගු ‘කිරි අළුය. ලෝකයේ බොහෝ රටවල් බීමට ගන්නේ දියර කිරිය. එහෙත් අපි බොන්නේ පිටිකළ කිරිය. ඒවායේ පෝෂ්‍ය ගුණයක් නැත.මේදය ඉවත් කර ඇති මේවාට ෆාම් තෙල් හෝ වෙනත් සත්ව මේද එකතු කර ඇත. බොහෝ පිටිකිරි රෝගීන්ට සහ ළදරුවන්ට විශේෂ ආහාරවලට සහ චීස්, බටර් වැනි ආහාර සඳහා පෝෂ්‍ය කොටස් ඉවත් කළ පවුඩර්ය. මේවා කේක්, බිස්කට්. චොකලට් සෑදීමට අමුද්‍රව්‍යයක් ලෙස දියුණු රටවල භාවිතා කරයි. මෙම පිටි කළ කිරි සංවර්ධිත රටවල මාර්කට්වල ගබඩා කර ඇත්තේ ආහාර ලෙස නොව ආහාර සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය ගබඩා කර ඇති රාක්කවලය. කිරිපිටිවල පෝෂ්‍ය කොටස් ඉවත් කර ඇතිවා පමණක් නොව, රසකාරක, කල්තබා ගැනීමේ රසායනික මෙන්ම සත්ව මේද අධික ලෙස අඩංගු කර ඇත. මේවා දිගුකාලීනව භාවිතා කිරීම මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර බව දැන් හඳුනාගෙන ඇත.

ශ්‍රී ලාංකිකයින් පිටිකිරි භාවිතය නිසා මුහුණපාන සෞඛ්‍ය ගැටලුවලට ඇති හොඳම ප්‍රතිකර්මය දියර කිරි පාලනයට හුරු කිරීමයි. කිරි බොනවා නම් නැවුම් කිරි භාවිතයට ගත යුතුය. නැවුම් එළකිරිවල අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය කැල්සියම් අඩංගුය. ක්ෂීරපායි සත්වයින් තම මුල් අවදියේ සම්පූර්ණයෙන්ම යැපෙන්නේ කිරිවලිනි. එබැවින් ශරීර වර්ධනය පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කිරිවල අඩංගුය. එසේම දියරමය ස්වරූපය නිසා බාල, මහලු රෝගී කාටත් ජීර්ණය සහ අවශෝෂණය පහසුවේ.

ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු කිරි සම්පූර්ණ ආහාරයකි. නැවුම් කිරිවල ආවේණික සුවඳක් වර්ණයක් සහ රසයක් නැත. එළකිරි සහ මව්කිරිවල අඩංගු සංඝටකවල එතරම් අසමානතාවයක් නැත. එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය තරමක් ඉහළ මට්ටමක පවතී.

සංඝටකය මව්කිරි% එළකිරි %

1.ජලය 87.5 87.5

2.ප්‍රෝටීන් 1.2 3.3

3.ලැක්ටෝස් 6.9 4.6

4.මේදය 3.8 3.7

5.කැල්සියම් 0.1 0.1

කිරි යනු ජලය හා ඝනද්‍රව්‍ය සම්මිශ්‍රණය වී සෑදුණ සංකීර්ණ මිශ්‍රණයකි. මෙහි කාබෝහයිඩ්‍රේට් , ලිපිඩ, ප්‍රෝටීන් , ඛනිජලවණ, විටමින් සහ එන්සයිම ආදිය දිය වී පවතී.

කාබෝහයිඩ්‍රේට් ලෙස ප්‍රධාන වශයෙන් ඇත්තේ ලැක්ටෝස්ය. ප්‍රෝටීන් ලෙස කේසීන්, ඇල්බියුමින් සහ ග්ලොබියුලින් අඩංගුය. සාර්ව මූලද්‍රව්‍ය වශයෙන් කිරිවල පොටෑසියම්, කැල්සියම්, ක්ලෝරීන් , පොස්පරස්, සෝඩියම් , සල්ෆර් හා මැග්නීසියම් අඩංගුය. එළකිරි නිෂ්පාදනය හා එහි සංයුතිය සත්ව විශේෂය අනුව, සත්ව වර්ගය අනුව, කිරිමුරයේ හා කිරිමුරයේ අවස්ථාව අනුව, කිරිදොවන වේලාව සහ කාල පරතරය, ආහාරවල තත්ත්වය, දේශගුණික තත්ත්ව දොවන පිළිවෙළ හා දොවන්නා අනුවත් වෙනස්වන බව පශු වෛද්‍යවරුන්ගේ මතයයි.

කිරි පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න ස්වභාවික පානයකි. එය සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසුය. එහි ශක්තිය ලබා ගැනීමට වැඩීම වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගුය. විශේෂයෙන් කැල්සියම් බහුල ආහාරයකි. කිරි හා කිරි ආහාර සුළු වශයෙන් හෝ ආහාරයට ගැනීමෙන් සහල් සහ තිරිඟු පිටිවලිවන් නොලැබෙන ලයිසීන් අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ලැබේ. එමෙන්ම විටමින් ඒ ඌනතාවය වළක්වාගත හැක.

දියර කිරි ආහාරයක් මෙන්ම ආයුර්වේද ඖෂධයක් ලෙස පුරාතනයේ සිට දකුණු ආසියාතික ජනතාව භාවිතා කර ඇත. ගුරු ගුණයෙනුත් , මිහිරි රසයෙනුත්, සීත ගුණයෙනුත් යුත් එළකිරි වැගිරෙන සුළුය. මෘදු ගුණයෙන් යුතු නිසාම සියලු ප්‍රාණීන්ට එළකිරි ගුණදායක බව ආයුර්වේදයේ සඳහන් වේ. රෝග නිවාරණ ඖෂධයක් ලෙසත් ඖෂධ නිෂ්පාදනයෙහිලා අමුද්‍රව්‍යයක් ලෙසත් ඖෂධ ගැනීමේ අනුපානයක් ලෙසත් ආයුර්වේදයේදී එළකිරිවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.

දරු ප්‍රසූතියෙන් පසු මවකට කිරි එරීම ක්‍රමවත්වීමට අතීතයේ සිට අද දක්වාම එළකිරි භාවිතා කෙරේ. ඇසට ද එළකිරි හිතකර වන අතර, අක්ෂි ආබාධ සඳහා ඖෂධ යෙදීමේදී මව්කිරිමෙන්ම එළකිරි ද යොදාගැනේ. පංචකර්ම ප්‍රතිකාරවලදී වමන හා විරේකකරණයට භාවිතා කරනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස එළකිරි යොදාගනී. තරුණ, මහලු කාගේත් ශරීර ශක්තිය මෙන්ම ආයුෂ වැඩිවීමට උපකාරි වේ. බුද්ධි වර්ධනයට ඉවහල්වන එළකිරි ශරීරයේ අස්ථි ශක්තිමත් කිරීමේ ගුණයෙන් යුක්තය.ආහාර අවශෝෂණය නොවන පුද්ගලයින් සඳහා ප්‍රතිකාරයක් ලෙස එළකිරි භාවිතා කෙරේ. ශරීරය විජලනයට ලක්ව ඇති රෝගීන්ටත් විවිධ රෝග හේතුවෙන් ශරීරය ක්ෂය වී ඇති අයටත් එළකිරි ගුණදායක බව ආයුර්වේදයේ කියවේ. ධාරෝපණ කිරි ගැන ආයුර්වේදයේ සඳහන් වේ. ධාරෝපණ කිරි යනු එළදෙනගෙන් දොවාගත් සැණින් එම උණුසුමෙන්ම පානය කිරීමයි.

මෙය ඉතා උසස් පෝෂණ ගුණයෙන් යුක්ත බව කියවේ. එළකිරි රත්කිරීමෙන් තොරව පාවිච්චි කිරීමෙන් සෙම වැඩිවීමක් දක්නට ලැබෙණුයේ එහි ගුරු ගුණය වැඩි බැවිනි. කිරි උතුරන විට කළාඳුරු අල, වියළි ඉඟුරු හෝ අමුඉඟුරු කෑල්ලක් යෙදීමෙන් සෙම තත්වය පාලනය කරගත හැකිවේ. ඇතැමෙකුට කිරි අසාත්මිකතා ඇතිවිය හැකියි. එයට හේතුව කිරිවල ඇති ප්‍රෝටීන් හේතුවෙනි. මේ නිසා බඩේ අමාරුවක්, පලු දැමීමක්, ඇඟ කැසීමක් ඇති වේ නම් එවැනි පුද්ගලයින් එළකිරි බීම අත් හළ යුතු බව ආයුර්වේදයේ සඳහන් වේ.

එළකිරිවලින් මිනිස් සිරුරට ලැබෙන වාසි රාශියකි. සමබල ආහාරයක අඩංගු සියලු පෝෂ්‍ය කොටස් එළකිරිවල අඩංගු වේ. සිරුර වර්ධනයට පහසුවෙන් දිරවන කිරි, ප්‍රෝටීන්, කේසීන්, ඇල්බියුමින්, ග්ලොබියුලින් අඩංගු වේ. ලෝකයේ මිල අධික මේදය වන කිරි මේද (ර්ඪතඬ ටචබ) එළකිරිවල අඩංගුවන අතර, මොළයේ වර්ධනයට අවශ්‍යවන අත්‍යාවශ්‍ය මේද අම්ල වූ ලිනොලෙයික් (තඪදධථඥඪජ) ඇල්ෆා ලිනොලෙයික් (ඒතටච තඪදධතඥඪජ) එහි අඩංගු වේ.

නැවුම් කිරි පහසුවෙන් ජීර්ණය වන අතර, පහසුවෙන් අවශෝෂණය වේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව එළකිරි උණුකර ගතයුත්තේ අධික උෂ්ණත්වය යටතේ එකවරමය. උපතේ සිට මිය යන තුරුම භාවිත කළ හැකි මෘදු ගුණයෙන් යුත් ශරීරයට හිතකර පානයක් වන එළකිරිවල ගුණය අපරිමිත බැවින් අනාදිමත් කාලයක සිට මිනිසා විසින් පාවිච්චි කර ඇති බව පෙනේ. සත්ව හා ශාක ආහාර අතරින් ශරීරයට අවශ්‍ය පෝෂක සපයන එක් ආහාර කාණ්ඩයක් ලෙස කිරිවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

 

කෝනාර එම්.ගුණපාල

බංගදෙණිය සමූහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.