වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඔබත් වකුගඩුවල නිරෝගීතාව අපේක්ෂා කරන්නේ නම් මෙම ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ඔයාලා හැමෝම දන්නවා වකුගඩුවල ප්‍රධාන කාර්යය රුධිරය පෙරා හැර අපද්‍රව්‍ය...
2022-03-03 18:30:00
ඈත අතීතයේ සිට මිනිසා එදිනෙදා අවශ්‍යතා මත පදනම්ව තම ජීවනෝපායන් සකසාගෙන ඉතා සරල ජීවිතයක් ගත කළහ. තමන්ට අවශ්‍ය ආහාරපාන තමා විසින්ම සකසාගෙන කටයුතු කළ අතර...
2022-02-24 18:30:00
ඉතා ප්‍රණීත දේශීය පලතුරු විශේෂයක් ලෙස ‘පලු’ හඳුන්වන්න පුළුවන්, රසයෙන් සහ ගුණයෙන් සපිරුණු ඉතා අගනා ඖෂධාහාරයක් ලෙසත් පලු හඳුන්වන්න පුළුවන්. ඉතාම මිහිරි...
2022-02-17 18:30:00
කාර්මීකරණයත් සමග ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇතිවූ අතර එහිදී නව නිපැයුම් ලෙස අමුද්‍රව්‍ය වශයෙන් හුවමාරු වූ ආහාර ද්‍රව්‍ය, පිළියෙල කළ හෝ...
2022-02-17 18:30:00
විෂ්ණු දෙවියන්ගේ භාර්යාව වූ ශ්‍රියා කාන්තාව වන ලක්ෂ්මී දෙවඟන ගේ වාසස්ථානය ලෙස සැලකෙන්නේ මහත් ඖෂධීය ගුණයෙන් යුක්ත වූ නිවසට සිරිකත කැන්දන වාසනාවන්ත...
2022-02-17 18:30:00
පලතුරු පිළිබඳව කතා කිරීමේදී පලතුරු ලෝකයේ රජු ලෙස හඳුන්වනු ලබන්නේ කිරලයි. එනම් ඔටුනු හිසමත දරා සිටින පලතුර කිරල බව ජන සාහිත්‍යයේ සඳහන් වෙයි. කිරල යනු...
2022-02-10 18:30:00
රණවරා (Cassia auriculata)තැඹිලි හෝ කහ පැහැති මල් පොකුරු වශයෙන් හටගනී. මල් පෙති එක සමාන නැත. ඒවා ඉක්මනින් හැලී යයි. පෙබරවාරි හා මාර්තු මාසවලදී...
2022-02-10 18:30:00
(උඩහලු)(Passiflora foetida)ස්වභාව ධර්මයේ ඉතා සුන්දර අලංකාර නිර්මාණයක් වන දැල්බටු අලංකාර මෝස්තරයක් බඳු දැලකින් ආවරණය වූ ගෙඩි වර්ගයකි. කැලයක ඇවිදින විට...
2022-02-03 18:30:00
ඔලිව් යන නාමය ඇසුණු විට අපේ මතකයට එන්නේ ඔලිව් තෙල් ගැනයි. එයට හේතුව ඔලිව් යනු අප රටේ දක්නට නොලැබෙන ශාකයක් වුවත් ඔලිව් තෙල් බෙහෙවින්ම අප රටේ...
2022-01-27 18:30:00
තරුණ වියේ හා මැදිවියේ අයට වැඩියෙන් හටගැණෙන ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසා හටගැණෙන රෝගයකි. එමෙන්ම දරුවන්ට...
2022-01-27 18:30:00
දිනපතා ගනු ලබන ආහාර වේල සඳහා පළා වර්ගයක් එක් කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වනුයේ එයින් ලැබෙන පෝෂණ ගුණය සමතුලිත ආහාර වේලකට ඉතා අවශ්‍ය බැවිනි. මෙසේ ගනු ලබන...
2022-01-13 18:30:00
විවිධ වර්ගවලට අයත් ආහාර ගැනීම ජීවිතය තෘප්තිමත් කරයි. නිවැරදි සමතුලිත ආහාරය හා ක්‍රියාශීලි දිවි පෙවෙත ඔබගේ ශරීරයේ බර නිසි ලෙස පාලනය කර ගැනීමටත්...
2022-01-13 18:30:00
ලංකාවේ සියලු දෙනාම ඉතාම හොඳීන් දන්නා හඳුනන ලතාවන් වශයෙන් වැල්දොඩම් හැඳීන්විය හැකිය.වැල් දොඩම් යනු ඇඹුල් මිශ්‍ර මිහිරි රසයකින් යුතු පෝෂණ ගුණ රැසකින්...
2021-12-30 18:30:00
මගධ දේශයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහා රහතන් වහන්සේ බුදු දහම මෙරටට ගෙන ආවේ පොසොන් පොහොය දිනයේ ය.මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස...
2021-12-30 18:30:00
නීරෝගීකම රැක ගැනීමටත්, සමේ පැහැපත් බව වර්ධනය කර ගැනීමටත්, රෝගවලින් මිදීමටත් මහඟු ප්‍රතිකාරයක් වන රණවරා මල් තම්බා බීමෙන් සමේ පැහැපත් බව මෙන්ම...
2021-12-30 18:30:00
ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකික අපට ඉතා හුරු පුරුදු ආහාරයක් ලෙස බතල හඳුන්වන්න පුළුවන. ශ්‍රී ලංකාවේ ඇති රසයෙන් ගුණයෙන් පිරිපුන් අල වර්ග අතුරින් බතල ඉතා...
2021-12-23 18:30:00