වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
පලතුරු මිනිසුන්ගේ අතුරු ආහාරයක් වන නමුත් සත්ව වර්ග විශාල ප්‍රමාණයක ප්‍රධාන ආහාරයද වෙයි.මිනිසාගේ නීරෝගීබව ආරක්ෂා කර ගැනීමටත් රෝග වලින් සුවය ලැබීමටත්...
2021-12-16 18:30:00
මාංසභෝග ශරීර ශක්තිය ලබා දෙන ඉතා ගුණාත්මක ආහාරයකි. ලෙඩරෝග බොහොමයක්ම අවම කරන මාංසභෝග ඉහළ ශාක ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයකින් සමන්විත ඖෂධයකි. එමෙන්ම තන්තු...
2021-12-16 18:30:00
දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය, තරබාරුව මෙන්ම අනෙකුත් බෝ නොවන රෝගවලට ද මහඟු ගුණයක් දෙන නිවුඩ්ඩ සහිත රතු හාලේ බත් ආහාරයට ගන්නා ලෙස අප විසින්...
2021-12-09 18:30:00
රසයෙන් හා ගුණයෙන් පිරිපුන් ගම්බද වැවෙන දේශීය ශාක වර්ග වැඩි ප්‍රමාණයක් නාගරික ජනතාව හඳුනන්නේ නැති තරම්ය. එසේ වුවත් අද වනවිට තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින්...
2021-12-02 18:30:00
වැනිලා රසය හෝ චොක්ලට් රසයට වඩා ස්ට්‍රෝබෙරි රසයට කුඩා දරුවන් බෙහෙවින්ම ප්‍රියකරයි. ස්ට්‍රෝබෙරි රසයෙන් රසගැන්වූ අයිස්ක්‍රීම්, කිරි, යෝගට්, ජෑම්,...
2021-11-25 18:30:00
පිරිසිදු වතුර කියන්නේ ලොකේ තියෙන හොඳම පානයයි . දවසකට වතුර වීදුරු අටක්වත් බොන්න ඕනේ. නමුත් ඒ හැම තිස්සේම නෙවෙයි. වැඩිපුර වතුර බොන්න ඕනේ වෙලාවන් සහ...
2021-11-18 18:30:00
ඔබ ජීවත් වන මේ කුඩා රට තුළ තිබෙන ඔසු කොපමණදැයි ඔබ දැයි ඔබට කීමට හැකිද, ඔබ මේවා ප්‍රයෝජනයට නොගන්නේ ඇයි? මෙවැනි ඔසු තිබියදීත් ඔබ ලෙඩ වන්නේ ඇයි? ගෙවත්තේ...
2021-11-18 18:30:00
මෙහිදී බොහෝ විට යොදාගනු ලැබුවේ අප ජීවත් වන අවට පරිසරය තුළ දක්නට ලැබෙන ශාක, සත්ව කොටස්ය. මේ අතරින්ද බහුල වශයෙන් යොදා ගනු ලැබුවේ ශාක කොටස්ය. මෙසේ ඖෂධීය...
2021-11-11 18:30:00
විවිධ විටමින්වලින් හා ඛනිජ ලවණවලින් යුත් පලතුරු කෑමෙන් ශරීරගත මේද ප්‍රමාණය හා කැලරි ප්‍රමාණයද අඩු වේ. එමෙන්ම පලතුරුවල සීනි හා ලුණු ප්‍රමාණය ද ඇත්තේ...
2021-11-04 18:30:00
දේශීය මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා කොළ, පොතු, මුල් යොදාගන්නා යකිනාරංවල අවම වශයෙන් ගෙඩිද යොදාගනියි. දේශීය වෛද්‍ය ක්රමයේ දළු අනුපානයක් වශයෙන් දෙනු...
2021-10-28 18:30:00
සේරර්ථධචඥචන ශාක කුලයට අයත් සේර ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ජරථඡධනධඨධද ජඪබපචබභඵ ය. සේර, ආහාර රස කිරීමට යොදා ගන්නා කුළු බඩු වර්ගයක් වුවද ඉතා...
2021-10-14 18:30:00
ආයූර්වේදයේ රක්තහීනතාව කියන්නේ රුධිරයේ රතුවන් රක්තානු හෙවත් හිමොග්ලොබින් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීමයි. රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් නිතර නිතර රෝග...
2021-10-07 18:30:00
ශරීරයේ දුබලතා මගහරවා සප්ත ධාතු වර්ධනය කිරීම මගින් ශරීරයේ ශක්තිය බලය ආරක්ෂා කර ගනිමින් නිරෝගී බව රැක ගැනීම සඳහා ඖෂධීය ශාක මගින් සිදුවනුයේ ඉතා අගනා...
2021-09-30 18:30:00
යමෙකුට ජ්වර වශයෙන් පණු රෝගයක් වැළඳී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට එම පුද්ගලයේ මල ද්‍රව්‍යය පරීක්ෂාවට ලක් කළ යුතු ය. කෙසේ වුවද පෞද්ගලික සෞඛ්‍යය කෙරෙහි...
2021-09-30 18:30:00
අප්‍රමාණ ලෝකවාසී සත්වයෝ ආහාර නිසා සිය ජීවිතය පවත්වාගෙන යති. ඒ ඒ සත්වයන්ගේ ආහාර විවිධය. මිනිසුන්ගේ ප්‍රධාන ආහාර බත්, පාන් සහ වෙනත් නොයෙක් වර්ගයේ...
2021-09-23 18:30:00
ගස්ලබුඉදුණු ගස්ලබු විටමින් සී, විටමින් ඊ සහ බීටා - කැරොටීන් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් ඉතා පොහොසත්ය. මේ ප්‍රතිඔක්සිකාරක නරක කොලෙස්ටරෝල් (ඹ්ච්ඹ්...
2021-09-16 18:30:00