කොන්දේ ආබාධ ඇති කරන ග්‍රහ පිහිටීම්

නොවැම්බර් 4, 2022

අතීතයට වඩා වර්තමාන සමාජයේ කොන්දේ ආබාධවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. එයට හේතුව නම් වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් ශරීරයේ පේෂි අස්ථී ශක්තිමත් කෙරෙන කය වෙහෙසවන රැකියාවලට වඩා කය නොවෙහෙසන රැකියාවල නිරතවීමක්, එසේ කය නොවෙහෙසන රැකියාවල නිරත වන ඔවුන් සතියකට දෙතුන් වතාවක්වත් ශරීරයේ පේෂි අස්ථි ශක්තිමත් කෙරෙන ව්‍යායාමවල නිරත නොවීමයි. එමෙන්ම ශරීරය

නොවෙහෙසවන රැකියා කටයුතුවල නිරතවන ඔවුන් ශරීරය තරමක එමෙන්ම ශරීරයේ උදරය පිටතට නෙරා එන පිෂ්ඨය අඩංගු බර ආහාර ගැනීමයි. ඒ අනුව ශරීරයේ උදරය ඉදිරියට නෙරා ආ විට උදාරයේ පේෂින් දුර්වල වන හෙයින් ශරීරය ඍජුව තබා ගැනීමට කොඳු ඇට පෙළටම දැඩි වෙහෙසක් දැරීමට සිදු වන්නා සේම විවිධ කාර්යයන්හි නිරතවීමෙදි කොඳු නාරටියට දැඩි පීඩනයක් දැරීමට සිදුවන හෙයින් කල්යෑමේදී විශේෂයෙන් මැදි වයසට ආසන්නයෙදී හෝ මැදිවයසේදි යට විග්‍රහ කළ ලෙස උදරය විශාල ජන්මින් බොහෝ දෙනෙක් කොන්දේ ආබාධයන්ට ලක්වන්නේය.

 

ඒ පිළිබඳව ඡ්‍යෝතිෂ්‍යමය දෘෂ්ටි කෝණයකින් කරුණු විමසා බලන කළ විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ රාශි 12 මිනිස් සිරුරේ කොටස් දොළහකට බෙදා වෙන් කළ විට 7 වැන්න වූ තුලා රාශිය සහ එහි අධිපති සිකුරු කොඳුනාරටිය නිවේදනය කරන අතර සිංහ රාශිය සහ එහි අධිපති අස්ථී නිවේදනය කෙරේ. ඒ අනුව ඕනෑම කේන්දරයක 7 වැන්න එහි අධිපතින් තුලා රාශිය සහ එහි අධිපති සිකුරුත් සිංහ රාශිය සහ එහි අධිපති රවිත් ලග්නයත් ලග්නාධිපතිගේ දුර්වලව පාපි පීඩිතව සිටිය කළ එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා තද බල කොන්දේ ආබාධයන්ට ගොදුරු වන්නේය.

ඒ අනුව ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව වඩාත් හොඳින් කරුණු අවබෝධ කර ගැනීමට අපි උදාහරණ කේන්දරයක් වෙත අපි අපගේ අවධානය යොමු කරමු.

පහත දැක්වෙන උදාහරණ කේන්දරය අයත් වන්නේ අනියම් සම්බන්ධතාවයක් මත ඇති වු ආරාවුලක් හේතු කොට ගෙන කොඳුඇට පෙළෙහි කෙළවරට තියුණු ආයුධයකින් පහරදීම නිසා කොන්දේ ආබාධයකින් පීඩා විඳින පුද්ගලයෙක්ටය. මෙහිදි කොඳු නාරටිය නිවේදනය කෙරෙන 7 වැන්නට ර, ශු, කු යන ග්‍රහයන්ගේ බලපෑම සහ 7වැන්නේ පාපී කේතු ද සිටීම එම පුද්ගලයාට අනියම් සම්බන්ධතාවයක් මත ඇති වුණ ආරවුලක් හේතු කොට ගෙන කොන්දේ අමාරුවක් ඇති වූ බව පැහැදිලි කෙරෙන ග්‍රහ පිහිටීමක් වන්නේය. ඒ පිළිබඳව වැඩි දුරටත් කරුණු විමසා බැලීමේදි අස්ථී නිවේදනය කරන සිංහ රාශියෙහි සතුරු රාහු සිටීම එම රාහු 10 වැන්නේ සිටින 6 අධිපති ශනි ගේ කේන්ද්‍රය දෘෂ්ටියට ලක්වීම ලග්නාධිපති රවි 3 වැන්නේ නීචව සතුරු කේතු ගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවීම අස්ථි දුර්වල කෙරෙන ග්‍රහ බලයකි. 7 වැන්නේ සතුරු කේතු සිටීම 7 අධිපති ශනි 10 වැන්නේ සතුරු රාහු - කේතුගේ දෘෂ්ටියෙන් පීඩා වීම තුලා රාශියේ සිකුරු ස්වක්ෂේත්‍රව සිටිය ද එම සිකුරු නීච රවි, සහ සතුරු කේතු ගෙන් පීඩාවීම තද බල කොන්දේ අමාරු ඇති කරන පිහිටීමක් වන හෙයින් ඉහත විග්‍රහ කළ පරිදි හදිසි අනතුරුක් හේතුකොට ගෙන ඉහත සිංහ ලග්න හිමියාට තදබල කොන්දේ අමාරුවක් ඇතිවිය. ඒ නමුත් 12 වැන්නාධිපති සඳු 12 වැන්නේ ස්වක්ෂේත්‍රව කුලීර යෝගය උදාකර තිබීමත්, සිංහ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයා වන ගුරු 12 වැන්නේ උච්චව ජය සිඳු යෝගය උදා කර තිබීමත් එලෙස 12 වැන්නවූ කටකයේ බලවත් වූ සඳු සහ ගුරුගෙන් ගජකේෂරී යෝගය උදාවීමත් එලෙස එකී බලවත්වූ ගුරු සහ සඳු 6 වැන්න වූ ධනුව සප්තම දෘෂ්ඨියෙන් දැකීමත් එකි ග්‍රහ යුවල ගේ කේන්ද්‍ර දෘෂ්ටිය 3 වැන්න වූ තුලාවේ සිටින නීච රවිට සහ පාප පීඩිත සිකුරුට වැටීමත් හේතු කොට ගෙන එකී රෝගී තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර මගින් පාලනය කර ගනිමින් දෛනික වැඩ කටයුතු කිසිදු බාධාවක් තොරව කර ගෙන යෑමට ඔහුට හැකිවිය.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.