සාංකාව සහ විෂාදය

මැයි 21, 2021

සාංකාව (ඒදයඪජඥබර) යන පීඩාකාරී තත්ත්වයේ ලක්ෂණ, වරින්වර ඇතිවීම හෝ දිගටම පැවතීම හෝ එක්තරා අවස්ථාවකදී පමණක් ඇතිවීම සිදුවේ. මෙම රෝග ලක්ෂණ මානසික සහ ශාරීරික යනුවෙන් දෙයාකාරයකට දැක්විය හැකිය.

 

බියෙන් සැකෙන් සිටීම (ඒනනපඥඩඥදඵඪධද) වහා කිපීම (ධ්පපඪබචඡඪතඪබර) කනස්සල්ල (එධපපර) සිදුවීමට ඉතා ආසන්න කරදරයක් පිළිබඳ බිය සිත එකඟ කර ගැනීමේ අපහසුව සහ පෞද්ගලිකත්වය නැතිවීම, මානසික ලක්ෂණ වේ. ශාරීරික ලක්ෂණ ලෙස හෘද ස්පන්දනය රෝගියාට දැනීම වෙහෙස දැනීම, වෙව්ලීම, කැරකිල්ල, දහදිය දැමීම, මල බුරුල්ව යාම, වරින්වර මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාව, පපුවේ වේදනාව, නින්ද නොයාම, හතිය සහ හිසරදය හටගනී.

සාංකාවට සමාන සකස්වීමේ ව්‍යාධිය (ඒඤණභඵබථඥදබ ඛ්තඪඵධපජතඥප) නමින් රෝගයක් ඇත. විෂාදය (ච්ඥනපඥඵඵඪධද) ද සාංකාවට සමාන ලක්ෂණ පෙන්වයි. ආතතිය (ඉබපඥඵඵ) නිසා ද සාංකාව වැනි තත්ත්වයක් පෙන්වයි. ආතතිය නිසා මාසයක් යාමට පෙර එහි රෝග ලක්ෂණ පෙන්වයි. දුක්වීම, හැඬීම, නින්දට බාධා වීම, යමක් කිරීමට සිත එකඟ නොවීම සිදුවේ. මේවා ප්‍රතිකාර නැතිවම සුවවේ. සාංකාව තෙයාකාරයකට හටගනී. පළමුවැන්න සාංකාව භීතිකාව (බිය) සමඟ ඇතිවීමයි. එක් අවස්ථාවකදී පමණක් සාංකාව බිය සමඟ හටගෙන එයින් මිදීමට උත්සාහ කරයි. දෙවැන්න හදිසියේ (ර්‍ථචදඪජ) ඇති වී, වරින් වර හටගනී. තෙවැන්න දිගටම පවතින සාංකාවේ දී රෝගියා දිගටම කනස්සල්ලට (එධපපර) පත් වේ. බෙල්ලේ පවතින තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියා අධික වීම නිසා ද සාංකාව හටගනී.

ජනගහනයෙන් 5 - 10 % විෂාදයෙන් (ච්ඥනපඥඵඵඪධද) පෙළෙන බව වාර්තා වේ. රෝහල් ගත වන රෝගීන්ගෙන් 25 - 50 % කට විෂාදය ඇත. නොහැකියාව මෙන්ම සිය දිවි නසා ගැනීමට ප්‍රධාන හේතුව විෂාදයයි. වෙනත් රෝගයක් සමඟ විෂදය ඇත්නම් නොහැකියාව තවත් වැඩි කරයි. මෙහිදී රෝගියා ප්‍රතිකාර ගැනීම සහ පුනරුත්ථාපනය වීම අඩු කරන අතර රෝගියාගේ ආයුෂ අඩු වේ.

විෂාදයේ ලක්ෂණ මානසික සහ ශාරීරික යනුවෙන් දෙයාකාරයකි. මානසික ලක්ෂණ ලෙස සිතේ විෂාදය ස්වභාවික (ථධධඤ) තමාව අඩුවෙන් තක්සේරු කිරීම, කිසියම් දෙයක නරක පැත්ත දැකීම (ර්‍ථඥඵඵඪථඪඵථ) වරදක් කළාක් වැනි හැඟීම (ට්භඪතබ) යමක් කිරීමට අකමැත්ත, සතුටුවීමට අකමැත්ත, සියදිවි නසා ගැනීමට සිතීම, හටගනී. ශාරීරික ලක්ෂණ ලෙස බඩගින්න අඩුවීම, බර වෙනස්වීම, නින්ද වෙනස්වීම, වෙහෙස දැනීම, ශරීර ශක්තිය දුර්වල වීම, මල පහවීම වෙනස්වීම, සහ සෙමෙන් (ඉතධඹ) වැඩ කිරීම දක්නට ලැබේ.

විෂාදය ඇතිවන රෝග ලෙස මස්තිෂ්කවාහිනි රෝග, මොළයේ අර්බුද පිළිකා, කම්පවායු (ඊපඥථධපඵ නචපඬඪදඵධදඪඵථ) අපස්මාරය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියා අඩු හෝ වැඩිවීම, පරාතයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියා වැඩිවීම, උණ සන්නිපාත, ඇතැම් බටහිර ඖෂධ ගැනීම සහ ඉඹ්ඡ් ඉරඵබඥථඪජ තභනභඵ ඥපරබඩඥථචබධඵභඵ දැක්වේ.

කෙනකු සිය දිවි නසා ගැනීමට හේතු ලෙස මානසික රෝග තනිව ජීවත්වීම, කාලීන රෝගයකින් පෙළීම, ඖෂධ හෝ මත්පැන් වරදවා ගැනීම, රැකියාවක් නැතිවීම දැක්වේ. දික්කසාද වූ අලුත හෝ සහකරුගෙන් වෙන්වුන අලුත ද කෙනෙකු සියදිවි නසා ගැනීමට පෙළඹේ.

මානසික රෝගයකට ප්‍රතිකාර ලෙස විරැකියාවෙන් පෙළෙන අයකුට රැකියාවක් හෝ ජීවනෝපායක් සැලසීම, නිවෙසක් නොමැති අයෙකුට නිවසක් ලබාදීම, තනිව ජීවත්වන අයකුට විනෝදවිය හැකි තැනක් ලබා දීම, ජීවත්වන පරිසරය වෙනස් කිරීම, වේදනා නාශක හෝ මානසික තත්ත්වය වර්ධනය කරන ඖෂධ ලබා දීම, රෝගියා සමඟ කතා කිරීම, තනිව හෝ කණ්ඩායම් වශයෙන් උපදේශනය (ඛ්ධභදඵඥතතඪදඨ) රෝගියාට කතා කිරීමට සැලසීම, සිතැඟි වන මම හොඳ නෑ, (ධ් චථ දධ ඨධධඤ) ලෝකය භයානක තැනකි (ඊඩඥ ඹධපතඤ ඪඵ චද චඹටභත) සහ අනාගතය අඳුරුයි (ඊඩඥ ටභබභපඥ ඪඵ ඩධනඥතඥඵඵ) යන අදහස් නැති කිරීමට කටයුතු කළ යුතු ය.

බාල වයසේ කෙනකුට ඇතිවන අහිතකර අත්දැකීම් හෝ මානසික හුදකලාව නිසා විෂාදය ඇතිවන බැවින් ඒවා වැළැක්වීමට උත්සාහ කළ යුතු ය. හදිසියේ යමක් නැතිවී අහිමිව ගියේ නම් එයට වහා පිළියම් කළ යුතු ය. විෂාදය අල්ප (ථඪතඤ) මධ්‍ය (ථධඤඥපචබඥ) හෝ දරුණු (ඉඥමඥපඥ) විය හැක.විෂාදය ප්‍රතිකාරයෙන් සුවවූවත් වරින් වර ඇති විය හැකි බැවින් කලක් ප්‍රතිකාර ගැනීමට වගබලා ගත යුතු ය.

ශිරොඅභ්‍යංග (ඩ්ඥචඤ ථචඵඵචඨඥ) ශිරොලේන, ශිරෝධාරා, ශිරොවස්ති යන ප්‍රතිකාර මෙන්ම වමනකර්ම විරේචන කර්ම (ඡ්ථඥඵඪඵ නභපඨචබඪධද) යෝග්‍ය බැවි අප අත්දැක තිබේ.

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්ෂ්මි සේනාරත්න

සේනාරත්න ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය, නුගේගොඩ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.