දියවැඩියාවෙන් ඇතිවන කෝමා තත්ත්වය

මැයි 26, 2023

දියවැඩියාව යනු රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ අගයක් ගැනීමය. රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය නොකළහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් නියමිත මට්ටමක රුධිරයේ සීනි සාන්ද්‍රනය පවත්වාගෙන යාම අවශ්‍යය. දියවැඩියාව වැලඳුණු විට රෝගීන්ට ලබා දෙන ඖෂධ නිසියාකාරව ලබා ගැනීමෙන් දියවැඩියාව පාලනය කර ගනිමින් නීරෝගිව ජීවත් වීමට හැකියාව පවතින අතර දියවැඩියාව පාලනය සඳහා මුඛයෙන් ලබා ගන්නා ඖෂධ මෙන්ම ඉන්සියුලින් නික්ෂේපණය (එන්නත්) කිරීමද සිදුකෙරේ.

 

ඇතැම් විට ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ මන්දමධුරක්තිය හෙවත් (ඩරනධඨතරජඥථඪච) රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩුවීමය.

සීනි සාන්ද්‍රණය අඩු වීමෙන් අවසානයේදී රෝගියා ජීවිතක්ෂයට පවා පත්වීමට හැකියාව පවතී.එබැවින් මන්දමධුරක්තියට හේතුව සහ එයින් ආරක්ෂා වීමට දියවැඩියා රෝගීන් ගත යුතු පියවර පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුලානි කොට්ටහච්චි මහත්මියයි.

 

මන්ද මධුරක්තිය යනුවෙන් හැඳීන්වෙන්නේ කුමක්ද?

දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් හෝමෝනය නික්ෂේපණය කරනුයේ ඉහළ ගොස් තිබෙන රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටයි. නමුත් සමහර අවස්ථාවලදී රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහළ බැසීමක් ද සිදුවෙනවා. මන්ද මධුරක්තිය යනුවෙන් හැඳීන්වෙන්නේ මෙයයි.

 

මන්දමධුරක්තිය ඇතිවන අවස්ථාවේදී රෝගියාට දැනෙන ලක්ෂණ මොනවාද?

මේ අවස්ථාවේ දී රුධිරයේ සීනි ප්‍රමාණය70ථඨ/ඤඹ් ප්‍රමාණයට අඩු වීමක් සිදු වෙනවා. මේ හේතුවෙන් රෝගියා සිහිමුර්ඡා වනවා. මෙය හඳුන්වන්නේ කෝමා අවස්ථාව යනුවෙන්. මෙය ඉතා භයංකාර සංකූලතා තත්ත්වයක්.

 

මන්දමධුරක්තියට හේතුව කුමක්ද?

නියමිත මාත්‍රාවට වඩා ඉන්සියුලින් එන්නත් ලබා ගැනීම. ප්‍රධාන ආහාර වේල් මඟහැරීම සහ නිසි ප්‍රමාණයට අඩු වැඩියෙන් ආහාර ගැනීම, ඉන්සියුලින් නික්ෂේපණය කිරීමෙන් පසු ආහාර ගැනීමට ප්‍රමාද කිරීම හෝ ආහාර නොගැනීම, අධික ලෙස මත්පැන් පානය කිරීම, පුරුදු ප්‍රමාණයට වඩා අධික ලෙස ව්‍යායාම් කිරීම, ආහාර වේල් අතර පරතරය නොමැති වීම, මේවා මන්ද මධුරක්තිය ඇති වීමට හේතු වනවා .

යම් කිසි පුද්ගලයෙකුට මන්දමධුරක්තිය ඇති වී ඇතැයි හඳුනා ගත හැකි රෝග ලක්ෂණ මොනවාද?

 

අධික ලෙස දහඩිය දැමීම, අධික කුසගින්න, පෙනීම බොඳවීම, නිදිමත ගතිය, වෙව්ලීම, හෘද ස්පන්ධනය වේගවත් වීම, ක්ලාන්ත ගතිය, හිසරදය, වචන ගොත ගැසීම, සිහිමුර්ජා වීම.

 

රෝගියෙකුට මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ විට ඔහු විසින් කළ යුත්තේ කුමක්ද?

එසැණින් ග්ලූකෝස් තේ හැඳී දෙකක් හෝ සීනි තේ හැඳී දෙකක් ගත යුතුයි. මෙය හඳුන්වන්නේ සරල කාබෝහයිඩ්‍රේට් ආහාරයක් ලෙස.

 

ඉන් අනතුරුව රෝගියාගේ තත්ත්වය සොයා බැලිය යුත්තේ කිනම් ආකාරයකටද?

විනාඩි පහළොවකට පසු රෝගියාගේ රෝග ලක්ෂණවල යම්කිසි ප්‍රමාණයක අඩුවක් තිබේ දැයි සොයා බැලිය යුතුයි. ඒ සඳහා ඨතභජධ ථඥබඥප භාවිත කරමින් රුධිරයේ සීනි පරීක්ෂාවක් සිදු කර රුධිරගත සීනි මට්ටම 70ථඨ/ඤඹ් ට වඩා ඉහළ ගොස් තිබේ දැයි පරික්ෂා කර බැලිය යුතුයි. සීනි ප්‍රමාණය ඉහළ ගොස් නැත්නම් නැවත වරක් පෙර ආකාරයට ඨතභජධඵඥ තේ හැඳී දෙකක් හෝ සීනි තේ හැඳී දෙකක් දිය යුතු වේ. රුධිරයේ සීනි මට්ටම 70ථඨ/ඤඹ්වලට වඩා ඉහළ ගොස් තිබේ නම් බිස්කට් දෙකක් හෝ කුඩා කෙසෙල් ගෙඩියක් හෝ කෙටි සැන්විච් එකක් ලබා දිය හැකිය. නමුත් මෙය සිදුවූයේ ඔබේ ප්‍රධාන ආහාර වේලකට ආසන්න වෙලාවකදී නම් එකවරම ප්‍රධාන ආහාර වේලට යොමුවිය යුතුය.

 

යම්කිසි පුද්ගලයෙකුට සීනි මට්ටම අඩු වී සිහිමූර්ඡාවක් ඇති වූ විටෙක දී කළ යුතු දේ?

කඩිනමින් රෝහලක් වෙත හෝ වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යා යුතුය. රැගෙන යන අතරතුර ඨතභජධඵඥ හෝ සීනි ස්වල්පයක් ජලයට දිය කර රෝගියාගේ මුඛ කුහරය විවර කර කුහරය ඇතුළු පැත්තේ ආලේප කිරීම සිදුකළ යුතුයි.

 

මන්දමධුරක්තිය වළක්වා ගැනීම සඳහා කළ යුතු දේ කුමක්ද?

මූලිකවම එවැනි තත්ත්වයක් උදාවීමට හේතු වන කරුණු අවම කරගත යුතුය. ඒ සඳහා වේලාවට ආහාර ගැනීම, නියමිත ප්‍රධාන ආහාර වේල් දෙක අතර කෙටි ආහාර වේලක් ගැනීම, ඉන්සියුලින් එන්නත ලබා ගත් පසු ආහාර ගැනීම, අධික ලෙස මත්පැන් භාවිතයෙන් තොර වීම, ව්‍යායාමයට පෙර කෙටි ආහාරයක් පලතුරු යුෂ හෝ සැන්විච් එකක් හෝ විස්කෝතු දෙකක් ගැනීම, මෙය කළ යුත්තේ ව්‍යායාමයට පෙර පැය භාගයකට ප්‍රථමයෙනි. මන්දමධුරක්තිය අවස්ථාවක් ඇති වුවහොත් හදිස්සියේ එයට මුහුණදීමට ඉහත සඳහන් කළ ආහාරපාන තමා ළඟින්ම තබාගැනීමට තරයේ මතක තබාගත යුතුයි. රෝගියා සහ ජීවත් වන නිවැසියන්, මිතුරන් රැකියා කරන ස්ථානයේ හිතවතුන්, සමීපතමයන් මේ සම්බන්ධව දැනුවත් කර තිබීම රෝගියාගේ ජීවිත ආරක්ෂාවට හොඳම ආරක්ෂිත පියවරකි.

 

ඉන්සියුලින් ලබා ගන්නා පුද්ගලයන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් ඔවුන් ඒ පිළිබඳව ගත යුතු ආරක්ෂක පියවර මොනවාද?

විශේෂයෙන් ඉන්සියුලින් එන්නත ලබා ගන්නා පුද්ගලයා මෝටර් රථ ධාවනයට පෙර ද පිහිනීමේ යෙදීමට පෙර ද ඨතභජධ මීටරයෙන් රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගත යුතුය. විශේෂයෙන් ඉන්සියුලින් භාවිත කරන රියදුරන් රිය ධාවනයට පෙර රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂා කර බැලිය යුතුය. ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන් එක දිගට පැය ගණනාවක් වාහනය ධාවනය කිරීමේදී ආහාර ගැනීම අමතක කිරීම හේතුවෙන් මන්දමධුරක්තිය ඇති වී රිය අනතුරුවලට පවා ලක්වීමට ඉඩ ඇත. එබැවින් දුර ගමන් කරන මෙවැනි රෝගීන් පැය තුන හතරකට වරක් රුධිරයේ සීනි පරීක්ෂා කර කුඩා ආහාරයක් ගැනීම කළ යුතුය.

 

යම් හෙයකින් රිය ධාවනය කරන අවස්ථාවේදී රෝග ලක්ෂණ මතු වුවහොත් කළ යුත්තේ කුමක්ද?

වහාම රිය නවත්වා ග්ලූකෝස් ලබාගෙන යථා තත්ත්වයට පත් වන තුරු වාහනය ධාවනය කිරීමෙන් වැළකිය යුතුය. ග්ලුකෝස් හෝ සීනි හෝ සරල කාබෝහයිඩ්‍රේට් සහිත සුළු ආහාරයක් තමා ළඟ වාහනයේ තබා ගැනීම වැදගත් වන්නේ මේ හෙයිනි.

 

ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන් උත්සව අවස්ථාවලට සහභාගි වීමේදී වැඩිපුර ආහාර භුක්ති විඳීමට අවශ්‍ය නිසා ඉන්සියුලින් නිර්දේශ කළ මාත්‍රාවට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම බොහෝ විට සිදු කරනවා. එම තත්ත්වය ගැන ඔබ දක්වන අදහස?

කිසි විටෙක වෛද්‍යවරයා නිර්දේශ කළ මාත්‍රාවට වඩා වැඩිපුර මාත්‍රාවක් ඉන්සියුලින් එන්නත් නොකළ යුතුයි. ඉන්සියුලින් එන්නත ලබා ගත යුත්තේ නියමිත වේලාවටය. හිතුමතයට වේලාව වෙනස් කිරීම නොකළ යුතුය. බොහෝ අය පවසන ආකාරයට හිතුමතේට කරවිල, තෙබු වැනි ආහාර දිනපතා වැඩි වශයෙන් ලබාගෙන ඉන්සියුලින් එන්නත් කළ හොත් මන්දමධුරක්තිය ඇතිවී රෝගියාගේ ජීවිතය පවා අවදානමකට පත් විය හැක. දිනපතා මෙම ආහාර වර්ග නොකඩවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ද අඩු විය හැකිය. එය ඒ වෙලාවට පමණක් සිදුවන නමුත් දීර්ඝකාලීනව සීනි මට්ටම අඩු වීමට එය බලනොපාන බැවින් ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන් නිරන්තරයෙන් තමාගේ රුධිරයේ සීනි ප්‍රමාණය පිළිබඳව මනා අවධානයකින් සිටිය යුතු වන්නේ යම් හෙයකින් රුධිරයේ සීනි ප්‍රමාණය අවම වූවොත් සිහිමූර්ඡා වී ජීවිතක්ෂයට පවා පත්වීමට ඔවුන්ට ඉඩ තිබෙන බැවිනි.

 

උතුරු කොළඹ රාගම  ශික්ෂණ රෝහලේ දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ 
විශේෂඥ වෛද්‍ය 
දුලානි කොට්ටහච්චි

දීප්ති ෆොන්සේකා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.