වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
එය 2015 වසරේ ගිනි ගහන මධ්යාහ්නයකි. මම කොළඹ නුවර පාර ඔස්සේ ගම්පහ බලා යමින් සිටියෙමි. කිරිල්ලවල ආසන්නයේදී, ලංගම බස් රථයක් මා පැදවූ වාහනයේ ගාවා...
2024-03-14 18:30:00
මුං ඇටවල ඖෂධීය ගුණ මෙන්ම එහි ආයුර්වේදීය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ඔබට පසු පිටුවෙන් දැනුම්වත් විය හැකිය. හැමදාමත් තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස ආහාරයට එක්...
2024-03-14 18:30:00
එදා සිට අද දක්වාම පංච කල්‍යාණය රැකගැනීම සඳහා ආයුර්වේදය මෙන්ම වෙනත් දේශීය චිකිත්සක ක්‍රම මහඟු පිටිවහලක් වී ඇත. පංච කල්‍යාණය ලෙස හැඳින්වෙන සම,...
2024-03-14 18:30:00
පීනස් රෝගයවර්තමාන සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වන රෝග අතර, පීනස් රෝගයට ද හිමිවන්නේ විශේෂත්වයකි. වර්තමානයේ අතිධාවනකාරි මෙන්ම තරගකාරි ජීවන රටාව හේතුවෙන්...
2024-03-14 18:30:00
ලස්සන දිදුලන හා පෝෂණීය හිසකෙස්, පැහැදිලි, පැහැපත් සමක්, ලස්සන නිය හා දත් පෙළක් හිමිවීම පමණක් නොව තාරුණ පෙනුම මෙන්ම මනා පෞරුෂයකින් යුක්තව ලස්සනට...
2024-03-07 18:30:00
වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාටත් වැලඳෙන රෝගයකි යටි පතුලේ කැක්කුම හා විළුඹේ වේදනාව, අස්ථි විසිහයකින් හා මාංශපේශීන් රැසකින් පාදය නිර්මාණය වී ඇත...
2024-03-07 18:30:00
දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව වඩවන විවිධ ක්‍රම රාශියක්ම අප අතර තිබේ. පැරණි කාන්තාවන් එවැනි ඖෂධවලින් තමාගේ රුව තව තවත් ඔප් නංවාගන්නා ලදී. එවැනි දේශීය...
2024-03-07 18:30:00
“කොළඹ හතෙත් යක්කු”පුවත්පතක ප්‍රවෘත්තියක් අගනුවර ප්‍රධාන වීදියක් කෙළවර පාර අයිනේ බිත්තියක් පාමුලක පිදේනි තට්ටුවක් හසුකරගත් ඡායාරූපයක් සමඟ පළවූ...
2024-03-07 18:30:00
විශිෂ්ට ආදේශකයක්ආසියාවේ සෑම රටකම පාහේ කඩල ආහාරයට ගනු ලබයි. ප්‍රෝටීන් සහ තන්තුවලින් පොහොසත් ආහාර ප්‍රභවයක් වන කඩල නිර්මාංශ හා වේගවත් ආහාර වේලක්...
2024-02-29 18:30:00
පසුගිය සතිවල අපි මේ අභ්‍යාසයේ මුල් කොටස් පිළිබඳ සාකච්ඡා කළෙමු. අද අග්නිසර ක්‍රියා අභ්‍යාස සිදු කරන්නේ කෙසේදැයි සොයා බලමු.අග්නිසර කි‍්‍රයා අභ්යාේස...
2024-02-29 18:30:00
තදබල හිසරදයට අරූද කොළ, ඔලිඳ කොළ, දෙහි ඇඹුලෙන් අඹරා නළල වටේ ගාන්න. පීනසට අරළු, සිරිතේක්කු, සිවිය මුල් කළං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ...
2024-02-29 18:30:00
සුර්ය කි‍්‍රයා සූර්ය චක්‍ර සමඟ පෙළගැස්වීම අරමුණු කරගත් බලවත් යෝග අභ්‍යාසයක් ලෙස උගන්වයි. සූර්ය ප්‍රතානය සකී‍්‍රය කිරීමට සහ ශරීරයේ ශක්තිය...
2024-02-22 18:30:00
වත්මන් වෙදපරපුරට උරුමකර දායාද කර දීමට අපේ පැරැණි වෙද ඉසිවරුන් විසින් ඖෂධ වට්ටෝරු, තෙල් බෙහෙත් කෂාය අරිෂ්ඨ ආසව, ගුලි, කල්ක, පත්තු ඇතුළු බෙහෙත් වර්ග...
2024-02-22 18:30:00
අස්ථි වර්ග කිරීමට අනුව දිගු අස්ථියක් ලෙස වර්ග කෙරෙන ප්‍රගණ්ඩ අස්ථිය ඉහළ ගාත්‍රවල උඩුබාහුව සෑදීමට ප්‍රධාන වනවා. හිස, මැද කොටස හෙවත් දණ්ඩ සහ පහළ කොටස...
2024-02-22 18:30:00
යෝගීවරයකු, ආධ්‍යාත්මික සාධනාවන් පුහුණු වන අයෙකු ගැන සිහිකරන විට නිරන්තරයෙන් චිත්ත රූපයට මැවෙන ඉරියව්ව වන්නේ පද්මාසනය යි. යෝග ශාස්ත්රයේ වැදගත්...
2024-02-15 18:30:00
හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය, බඩ පිපුම, පිටිකොන්දේ වේදනාව, බඩේ දැවිල්ල, පපුවේ වේදනාව, පපුව හිරකරනවා වගේ දැනීම ආහාර ගත් විට ඒවා ඇඹුලට් රහට උගුරට එනවාසේ...
2024-02-15 18:30:00