වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
“සුවඳ සඳුන් කොකුමගරා පැහැද තමන් වෙත තවරා “ මේ ගුත්තිල කාව්‍යයේ එන කවියක්. අතීතයේ කාන්තාවන් ලස්සනට ඉන්න, හැඩට ඉන්න සුදු හඳුන්, කොකුම් පොතු...
2023-06-08 18:30:00
සති අන්ත දිනයක් වූ ඉරිදා දින සවස මාගේ සායනයට තරුණයෙක් හා තරුණියක් පැමිණ ඔවුන් දෙදෙනාටම රුපලාවණ්‍ය ගැටලු ඇති බව පැවසූහ. ඔවුන් දෙදෙනාම ළඟදී විවාහ...
2023-06-01 18:30:00
වෛද්‍යවරයෙක් රෝගියකු පරික්ෂා කිරීමේදී අනිවාර්යයෙන්ම සිදු කරන කාර්යයක් වනුයේ රෝගියාගේ රුධිර පීඩනය හෙවත් නපඥඵඵභපඥ මැන බැලීමය. රෝගියාගේ රුධිර පීඩනය...
2023-06-01 18:30:00
දියවැඩියාව යනු රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ අගයක් ගැනීමය. රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය නොකළහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් නියමිත මට්ටමක...
2023-05-25 18:30:00
දියවැඩියාව යනු රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ අගයක් ගැනීමය. රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය නොකළහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් නියමිත මට්ටමක...
2023-05-25 18:30:00
කිවිසුම් යන විට කැස්ස ඇති විට සිනාසෙද්දී මුත්‍රා පිට වේ නම් එයින් පීඩා විඳිමින් එය වසන් කිරීමට හෝ ඉබේ සුව වේ යැයි බලා සිටීමට අවශ්‍ය නැත. ඉතා සුලබ වූ...
2023-05-25 18:30:00
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්යළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්යමනෝරි ගමගේ මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුකොට...
2023-05-18 18:30:00
බෝ නොවන රෝගයක් නොවූවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, පපුවේ මහන්සිය, ඉලප්පුව, ඛශ්වාසය, හැට්ටුව, මුහයන නම්වලින් හඳුන්වනු ලබන ඇදුම...
2023-05-18 18:30:00
ඇතුපිට විෂ්ණු දෙවියෝ වැඩ උන් සින්දා පොතුපිට ගසින් ගලවා ගත මුල සින්දා වතුරට යොදා අට එකකට ගෙන සින්දා මතුවට එදා කොයිවා එන උණ සින්දා ඇත්දෙමට පොතු හා...
2023-05-11 18:30:00
ඊසානයේ බෝ විමනක වැසුනේයාරණ කලසක් සුරතින් දරමිනේයාලෙඩ මෙරබගෙ පිරිපත දුර හරිනේයාකඩතිර හැර සෙත දෙන් ගුරු දෙවිනේයා ඊසාන දිසාවට සබෝ විමානෙට අධිපති...
2023-05-04 18:30:00
මේ දිනවල බොහෝ දෙනා අතර, පැතිර යන උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගය වෙනුවෙන් අත්බෙහෙත් කීපයක් මෙසේ සටහන් කරමු. මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අත් බෙහෙත් පිළිබඳ...
2023-05-04 18:30:00
සොබාදහම දේවත්වයෙන් ඇදහූ ආදි මුතුන්මිත්තන් ජීවන සටනේ කටුක හා දුක්බර අත්දැකීම් තුළ විඳි දැඩි මානසික පීඩනයෙන් යම් තරමකට හෝ නිදහස් වූයේ වත්මන්...
2023-04-20 18:30:00
බිලිඳු දරුවන් කිරිවමනය කරන විටදී නවරත්න කල්කය වී ඇටයක් පමණ ගෙන දෙහි ඇඹුලින් සාදික්කා ගලගා දියකර පෙවීමෙන් සුවවේ. තනකිරිවලට සීනි දමා කල්කය දියකර...
2023-03-30 18:30:00
ස්ඵික් (තට්ටම) ප්‍රදේශයේ සිට භග (යෝනි මාර්ගය) ගුද (rectum) සහ වස්ති (මුත්‍ර මාර්ගය) ප්‍රදේශය දක්වා ගමන් කරන ඔඩු වණයක් භගන්දර යනුවෙන් හැඳින්වේ....
2023-03-23 18:30:00
බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ....
2023-03-23 18:30:00
විවාහක පුරුෂයින් විවාහ දිවියේ නියම සතුට ලබා දෙන්නට නොහැකි වීම නිසා විවාහ ජීවිත අතර මඟ කඩා කප්පල් කර ගන්නා ප්‍රවණතාව වැඩි වී ඇති බව නොකියා...
2023-03-09 18:30:00