වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
මිනිසුන් ලෙස අප කොයි කවුරුත් කැමති ලස්සනට ඉන්න. ලාදුරු කියන විට සමාජයේ බොහෝ දෙනා තුළ බියක් පැවතියත් වර්තමානයේදී එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි....
2023-03-02 18:30:00
මිනිසාට ජීවත්වීම සඳහා ආහාරය අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයෙහි ගනු ලබන ප්‍රමාණවත් ආහාරය නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇතිවේ. ශරීර ශක්තිය ඇතිවේ. නුවණ වැඩේ...
2023-02-23 18:30:00
එදිනෙදා ශරීරයේ පැවැත්ම අනුව ඔබගේ ශරීර කෘත්‍ය නිසි පරිදි සිදුවනවා දැයි සිතා බැලුවාද? අපි ගන්නා ආහාරය සප්ත ධාතූන් හට එනම් රස, රක්ත, මාංශ, මේදස්,...
2023-02-16 18:30:00
කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ජන ජීවිතයට බාධා පමුණුවන රෝගාබාධ රැසක්ම පැතිරයාමේ තත්ත්වයක් පවතී. බොහෝවිට වයිරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ...
2023-02-09 18:30:00
ඩෙංගු දිවයින තුළ බහුලව වාර්තා වන රෝගයක් වන අතර මදුරුවන් දෂ්ට කිරීම මඟින් ව්‍යාප්ත වේ. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ සහ හිසරුදාව, ඇස් යට...
2023-01-26 18:30:00
වර්ණ භේදයට අනුව සමහර උදවියට බළල් ඇස් පිහිටා ඇත. එවැනි නෙත් පිහිටන අයගේ පෙනීම කලක් ගත වෙද්දී දුර්වල විය හැක. එමෙන්ම ඇසේ සුද හේතුවෙන් වර්තමානයේ...
2023-01-19 18:30:00
වර්ෂාව අධිකවීම හේතුවෙන් මේ දිනවල නාය යෑම්, සුළං හැමීම ගස්,ගල් පෙරළීමෙන් සිදුවූ හානිය අපමණය. ශ්‍රී ලාංකික බහුතරයක් ජනයාට වරින්වර ජල රකුසාගෙන් පීඩා...
2023-01-05 18:30:00
ආහාර නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය සිරුරේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව ශරීර බලය බුද්ධිමත් බව සතුට...
2022-12-29 18:30:00
ලොවෙහි ඇති උතුම්ම සැපත නීරෝගිකමය. අපි අපට හිතවත් අය වෙත හදවතින්ම ප්‍රාර්ථනය කරන්නේ නිදුක් නීරෝගි ජීවිතයක්ය. මේ දිනවල පවතින රෝග අතරින් බහුලව...
2022-12-15 18:30:00
පත්තිනි මෑණියන්ට බාරහාර වීම අතීතයේ සිටම පැවත ආ සිරිතකි. ඒ වෙනුවෙන් පඬුරක් වෙන් කිරීමට බොහෝ මවුවරුන් කටයුතු කරනු ලබයි. ඒ අනුව තම බලාපොරොත්තුව ඉටු වූ...
2022-12-01 18:30:00
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට...
2022-11-24 18:30:00
දියවැඩියාව අප රටේ බොහෝ දෙනාට වැලඳෙන රෝග විශේෂයකි. මෙලෙස මෙකී රෝගය බාල,තරුණ, මහලු සෑම වයස් කාණ්ඩයන් අතර ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙරට...
2022-11-24 18:30:00
හතිය හෙවත් ඇදුම රෝගය ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. කර්මාන්තශාලා බිහිවීමත් සමඟ පරිසරය දූෂණය වීමත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වීමත්...
2022-11-17 18:30:00
ආයුර්වේදයට අනුව මෙය ත්‍රිදෝෂ තත්වයන් හා ප්‍රකෘති තත්ත්වයන් අනුව සලකා බලා ප්‍රතිකාර කරීමට තීරණ ගැනීම වෛද්‍යවරුන් සතු වේ. බොහෝ විට මේ සඳහා ද...
2022-11-17 18:30:00
අතීතයට වඩා වර්තමාන සමාජයේ කොන්දේ ආබාධවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. එයට හේතුව නම් වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් ශරීරයේ පේෂි...
2022-11-03 18:30:00
බඩගිනි වැඩිවීමට මඳ උණුසුමින් යුත් දියර වර්ග හැකි තරම් පානයට දෙන්න. ලුණු කැඳ වතුර බැදි හාල් කැඳ, පොරි කැඳ, එළවළු සුප්, බාර්ලි තැම්බූ වතුර දීම සුදුසුය....
2022-10-27 18:30:00