භෝජන විධි

ජනවාරි 25, 2019

රෝගයක් ඇති වූ විට ඒවාට පිළියම් යොදනවාට වැඩිය නිවැරදිව අපගේ භෝජන රටාව සකසාගෙන නිරෝගීව සිටීමට අප අද සිටම පුරුදු විය යුතුය.

බොහෝ ලෙඩවලට මූලික හේතුව අපගේ ආහාරය වී ඇත. හොඳින් අසා පුරුදු මධුමේහය ( දියවැඩියාව) අධි රුධිර පීඩනය, හෘද රෝග අම්ල පිත්ත, පපුවේ දැවිල්ල, නීරක්තිය සරල උදාහරණ ලෙස දැක්විය හැකිය. අතීතයේදී මෙවැනි රෝග නොතිබුණා නොවේ. එහෙත් අද මෙවැනි රෝග කොතෙක් දුරට උග්‍රවී ඇත්දැයි අපට වැටහෙනවා ඇත. අද අපි ළමා මධුමේහය ගැනත් දැනසිටින අතර ආර්ථික අතින් ඉහළ පුද්ගලයන්ගේ නිවෙස්වල සිටින සුනඛයන්ට පවා මෙම භෝජන විධියේ ඇති සාධක මත මධුමේහය වැලඳෙන බව රහසක් නොවේ.

ආයුර්වේද පෝෂණ විද්‍යාව අනුව අප එදිනෙදා ගන්නා ආහාරය සරල වර්ගීකරණවලට ලක්කර ඇත.

මේ අනුව ආහාරයේ අන්තර්ගතය අනුව

මාංශ ආහාර

පිෂ්ඨමය ආහාර

මේදමය ආහාර

ජීව පදාර්ථ

ඛනිජ ලවණ

ජලය ලෙසද

ආහාර අප ශරීරයට ගන්නා ක්‍රමය අනුව

විකා කන ආහාර

බොන ආහාර

දිවෙන් ලෙව කා ගන්නා ආහාර

උරා බොන ආහාර ලෙසට ආයුර්වේදයේ වර්ග කර ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස්

වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන

වෛද්‍ය දේවපි‍්‍රය අබේවර්ධන

සටහන ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.