වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුලි 05 බදාදා - ලග්න සහ රාහු කාලය
ජූලි 5, 2023
ඉර උදාව – පෙ.ව. 06.00
ඉර බැසීම – ප.ව. 06.30
රාහු කාලය – දහවල් 12.15 - 01.49 දක්වා
සුබ දිශාව – දකුණ
මේෂ
වෙනදාට වඩා නිස්කලංකව කාලය ගත කිරීමට කැමැති දිනයකි. අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක්ද උදාකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුවන අතර, ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි.
වෘෂභ
වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. ඥාති හිතවතුන්ගේ උදවු උපකාර හිමිවන දිනයකි. ණය මුදලක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ.
මිථුන
පවුලේ අය අතර, හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන දිනයකි. එහෙත් කරගෙන යන කටයුතුවලට බාධාකාරි බවක් ඇතිකරයි. වෙහෙස ඇති ගමන් යෙදෙන බවක් පෙනේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ.
කටක
ශරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන්ද වෙහෙසීම් වැඩිකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරන අතර, අඹුසැමි සුහදතාවයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.
සිංහ
අතමිට මුදල් හිමිකරන අතර, අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට ද අවස්ථාව උදාකරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. පවුලේ කෙනකු සමඟ සිත් නොහොඳකමක් ඇතිවීමට ඉඩ ඇත. අතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
කන්‍යා
වගකීම් බහුල කරන දිනයකි. විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.
තුලා
වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. තීරණ වෙනසක් සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. පැරණි හිතවතකු මුණගැසීමට අවස්ථාව උදාකරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියකි.
වෘශ්චික
විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදාකරන දිනයකි. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පවුලේ මතභේදකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. වෙනදාට වඩා සිතේ කනස්සල්ලෙන් කටයුතු සිදුකරයි.
ධනු
විශේෂ ආදායම් මාර්ගයකට හිමිකම් ඇති දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා මුදල් වැයවන අන්දමේ කටයුතු යෙදෙන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන දිනයකි.
මකර
දුරබැහැර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. නිතර පදිංචිය පිළිබඳ ගැටලු මතුවීමට ඉඩ ඇත. අසල්වාසීන් අතර, ඇතිවන සිත් අමනාපයක් දුර දිග යන බවක් පෙන්නුම් කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර පැතීමට සිදුවන දිනයකි.
කුම්භ
අවිවේකී ලෙස දවස උදාකරයි. මානසික අවිවේකයට ද කරුණු යෙදේ. සහෝදර සිත් අමනාපයකට හේතු ඇති කරයි. එහෙත් හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන දිනයකි.
මීන
සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. දරුලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් වන්න. තමා පි‍්‍රයකරන කෑම බීම ලැබීමට හේතු ඇති කරයි. අලුත් සැලසුමකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
මේෂ ලග්නය වැඩ කටයුතුවල යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර...
2023-05-05 18:15:00
මෙම වසරේ පළමු සූර්ය ග්‍රහණය අපේ‍්‍රල් මස 20 වැනිදා සිදුවූ අතර එහි බලපෑම 2023.12.31 දක්වා බලපානු ඇත. එය කාලගුණ, දේශගුණ විපර්යාස මිනිස් සංහතියට මෙන්ම...
2023-05-04 18:30:00
කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකැතකුත් සහ 2,7,12 යන තිථියකුත්, කුජ,ශනි, රිවි යන දිනයකුත් සම්බන්ධ වීමෙන් ඉතා දුර්ලභ බලගතු ත්...
2023-04-20 18:30:00
බක්මහ වසන්ත සැණකෙළිය අදයිරවි මේෂයේ උච්ච වෙයි බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක් පෞද්ගලික ව්‍යාපාර...
2023-04-13 18:30:00
අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද...
2023-04-06 18:30:00
ව්‍යාපාර ක්ෂේත්රයට හොඳ කාලයක් උදාවේඅධ්යාපනයේ පවතින ඌනතා අවම කෙරේසෞඛ්ය අංශයේ දියුණුවක් වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක්...
2023-04-06 18:30:00
කුජ-ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි ගුරු බුධ ශුක්‍ර සංයෝගය පංච මහා පුරුෂ යෝග බලයෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි සතරට සස යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ...
2023-03-30 18:30:00
අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයක්දැහැමි දිවියකට පත්වීම සුබදායක වෙයිදුර දිග බලා තීන්දු තීරණ ගත යුතුයිඋෂ්ණ රෝග සමාජයේ පැතිරිය හැකි කාලයක්ජලජ ප්...
2023-03-16 18:30:00
රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ...
2023-03-09 18:30:00
බුධ 16 දා මීන රාශි ගත වන විට රවිද එහි පැමිණ සිටියි. ගුරු ග්‍රහයා තම ස්වක්ෂේත්ර බල සහිතව මීනයේ ය. බුධට නීච රාශිය මීනයයි. ගුරු මීනයේ බැවින් බුධ...
2023-03-09 18:30:00
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ...
2023-03-02 18:30:00
විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක...
2023-02-23 18:30:00
උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 20 භාග මැදින් මහේ පුර තෙළෙස්වක තිථිය සෙනසුරු හිමි පුෂ නැකත සෙනසුරු හිමි කුම්භ රාශිය මාර්තු 04 වැනි ශනි දින...
2023-02-16 18:30:00
සිද්ධි යෝගය - ගුරු හංස යෝගය සහ මාලවි යෝගයද සහිත මෙම සුබ නැකත 2023 මාර්තු 03 සිකුරාදා යෙදේ. මෙමඟින් අකුරු කියවීමට ප්‍රධාන වශයෙන් සුබවන්නේ මිථුන, කන්...
2023-02-09 18:30:00
2023 ජනවාරි මස 23 සඳුදාපෙ.ව. 5.54, 5.18 , 6.24, 6.54, 07.06, 7.1811.33, 11.54, ප.ව. 12.02, 12.27 සුබ දිශාව - නැඟෙනහිර2023 ජනවාරි මස 24...
2023-01-19 18:30:00