ශ්‍රී ධන ලක්ෂ්මී මහා යෝගයක් මාර්තු 04 වැනිදා

පෙබරවාරි 17, 2023

 

උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 20 භාග මැදින් මහේ පුර තෙළෙස්වක තිථිය සෙනසුරු හිමි පුෂ නැකත සෙනසුරු හිමි කුම්භ රාශිය මාර්තු 04 වැනි ශනි දින ශනි කාල හෝරාව පෙරවරු 06.22 සිට 07.22 දක්වා ශනි පංචම කාල හෝරාවෙහි ශ්‍රී ධන ලක්ෂ්මී සෙනසුරු මුහුර්තය පෙරවරු 06.27ට කුජ දීප්ත යෝග බලැතිව මෙලොවට උදා වන්නේ ය. පිංගල, මයුර, භේරුණ්ඩ පක්ෂීන් හිමි ස්ත්‍රී පුරුෂයනට ප්‍රශස්ත හිතකාමී මෙකී මොහොත ශ්‍රී කාන්තා (ලක්ෂ්මී) යෝගබල අධිබලැති ආශිර්වාදාත්මක පසුබිමක් උදා කරන්නේ ය. ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රයට අනුව ‘මිත්‍ර’ නම් අධිබලැති යෝග බලය ද මෙකී දුර්ලභ ශ්‍රී කාන්තා යෝගය කෙරෙහි බලපානු ඇත. ගුරු, චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය ගුරු, ශුක්‍ර, නැප්චූන් ප්‍රබල ග්‍රහ සංයෝගය 02, 06, 10 ආශි‍්‍රත අර්ථ කෝණය ශක්තිමත්ව මෙකී කාලය තුළ පිහිටා ඇත. 03 වැනි සිකුරාදා සන්ධ්‍යා භාගයෙහි බෙලි ගසක මුල ශුද්ධ පවිත්‍ර කොට නිසි ස්ත්‍රෝත්‍ර ආචාර ධර්මයන් සපුරා සුබමුහුර්ත වේලාවට බෙලි පිළිල නෙළා පුද සත්කාර පවත්වමින් බෙලි පිළිල ජීවම් යන්ත්‍රයක් පැළඳීමෙන්, මෙම ආශිර්වාදය සපුරාගත හැකි වේ. නිවෙසේ, ව්‍යාපාරික ස්ථානයේ දියුණුවට පවුලේ සමඟි සමාදනයට අසල්වැසි ජනී ජනයාගේ ආකර්ෂණයට දරු දැරියන්ගේ අධ්‍යාපනයට, අවබෝධ ඥානය වැඩි දියුණු කර ගැනීම සඳහා අතිශය වැදගත් සුබ යෝගයක් ලෙස මෙය හැඳින්විය හැක.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.