විශ්ව තාරකා මන්දාකිණියෙහි බුධ ග්‍රහයා ඔටුනු පළඳියි

අගෝස්තු 6, 2021

මැණික් ඇතුළුව ඛනිජ සම්පත් ප්‍රගතියක්

සෞඛ්‍ය, අධ්‍යාපනික ක්ෂේත්‍ර නව ගමන් මඟකට

චින්තකයින් දාර්ශනිකයන්, බුද්ධිමතුන් ඉදිරියට

ලේඛකයින් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි හිතකර අවධානයක්

වනිතා පක්ෂයට, බාල දරු දැරියනට මාරක තත්ත්වයක්

කෘෂි කාර්මික ක්ෂේත්‍රයෙහි නව දැක්මක්

 

දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි සිංහ රවි 03 භාග නිකිණිමහේ පුර දොළොස්වක තිථීයලත් අගෝස්තු 19 ගුරුදින 08.59 ට විශ්ව තාරකා මන්දාකිණියෙහි අඟහරු බුධ අතර ග්‍රහ යුද්ධයක් පැනනැඟී බුධ ග්‍රහයා විජයග්‍රහණය කරන්නේ ය.

 

නැඟෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි කන්‍යා රාශියෙහි නීච ක්ෂේත්‍ර සිකුරු ග්‍රහයාද කේතු තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව උච්චවද චන්ද්‍රයා සමව සතර වැන්නේ ද වක්‍ර ප්ලුටෝ සතුරුව වක්‍ර සෙනසුරු ස්වකේෂ්ත්‍රව පස්වැන්නේ ද වක්‍ර නැප්චූන් වක්‍ර ගුරු සමව රෝග සතුරු ස්ථානීය වූ සය වැන්නේද යුරේනස් සම්මුඛව අටවැන්න වූ මාත්‍යු ස්ථානගතවද උච්ච රාහු නව වැන්න වූ භාග්‍යස්ථානගතවද රාජ්‍ය කාරක රවි ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව බුධ, කුජ මිත්‍රශීලීව වැය ස්ථානය වූ දොළොස් වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය වූයේ ය.

වසංගත තත්ත්වයන් නැවත නැවත උත්සන්න විය හැක. කාලගුණික දේශගුණිකමය වායුගෝලීය කැළඹීම් මෙම වසර අවසානය තෙක්ම පවතින බවක් ද විශ්ව රාජ්‍යයන් අතර පෙනී යයි. සාමයික සාමාජික ප්‍රජාවගේ ක්‍රියාකාරකම්හි දී නිදහස් බවකට ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත වෙන්නෙකි.

 

 

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.