ඤාණකාරක බුධ සිංහ රාශියට

අගෝස්තු 13, 2021

රවි චන්ද්‍ර සංයෝගය, කුජ බුධ සිකුරු සංයෝගය ගුරු නැප්චූන්, සෙනසුරු ,ප්ලූටෝ සංයෝගය ,ශනි චන්ද්‍ර , කුජ ගුරු සප්තම දෘෂ්ඨිය මූලාශ්‍රව බුද්ධිය අවබෝධඤාණය ගෙන දෙන බුධ ග්‍රහයා සිංහයේ විරාජමාන වේ

දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 24 භාග ඇසළ මහේ පුර පෑලවිය තිථිය සිංහ රාශිය, මේෂ නවාංශකය, කේතු හිමි මා 01,02,03,04 සිකුරු හිමි පුවපල් 01,02,03,04 රවි හිමි උත්‍රපල් 01 පාද නවයක් පුරා ගත කොට අගෝස්තු 26 පෙරවරු 11.20 තෙක් රවි හිමි සිංහ රාශියෙහි අගෝස්තු 09 සඳු දින පෙරවරු 01.34 ට මිථුන කන්‍යා රාශි යුග්මය , අස්ලිස, දෙට, රේවතී, රාක්ෂත්‍රයාධිපති විශ්ව තාරකා මන්දාකිණියෙහි රාජකුමාරයාණන් වූ වෛශ්‍ය වංශික චන්ද්‍ර පුත්‍ර ඤාණකාරක බුධ ග්‍රහයා රවි හිමි සිංහ රාශියට සම්ප්‍රාප්ත වෙන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි වෘෂභ රාශි උදාවෙහි උච්ච රාහු ලග්නගතවද රවි මිත්‍රශීලිව ස්වක්ෂේත්‍ර චන්ද්‍රයා විසම ස්ථානය වූ තුන්වැන්නේ දී අඟහරු මිත්‍රශීලිව සිකුරු සතුරුව මිත්‍රශීලිවූ බුධ සතරවැන්නේ ද උච්ච කේතු සත්වැන්නේ ද වක්‍ර ශනි ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව නවවැන්නවූ භාග්‍යස්ථානගතව ද වක්‍ර බ්‍රහස්පති සමව වක්‍ර නැප්චූන් සමව කර්මස්ථානය වූ දසවැන්නේ ද යුරේනස් සමව අගෝස්තු 09 බුධ සිංහෙට

දොළොස්වැන්නේ ද තැන්පත්ව යෙදෙනවා ඇත. අඟහරු 22 වන මාර්ක දෙර්කාණාධිපති වෙන අතර, සෙනසුරු බාධක ග්‍රහයා ලෙසට ද බ්‍රහස්පති මාන්දි ග්‍රහයා ලෙසද මෙකී වෘෂභ රාශි සටහනෙහි ඡ්‍යොතිෂ න්‍යාම ධර්මතාව යන අනුකූලව තැන්පත්ව ඇත.

අනාචාර දුරාචාර අගතිගාමී පසුබිමකට පාත්‍රවිය හැකි අතර, වාමංශික අභ්‍යන්තර අතර නොසන්සුන්බවකදි ග්‍රහණය සෞර ග්‍රහ මණ්ඩල ග්‍රහරටාවෙන් විනිවිද විය හැක. කර්මාන්ත මෙන්ම මහා පරිමාණ ව්‍යාපෘති නවීන තාක්ෂණික උපදේශයන් මත වර්ධනය වී යාමද බන්ධනාගාර නවීකරණයද බුද්ධිමතුන් ගේ නෙත් සිත් ගැටීමෙන් ආලෝකමත් වීමෙකි. ගමනාගමන , ගුවන්යානා, දුම්රිය නිෂ්පාදන ධාරිතාව ක්‍රමවත්වීමද මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙ පිරිහුණු ආදායම් මට්ටම් දියුණු කර ගැනීමෙහිද අවස්ථා උදාවෙනු ඇත.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.