සෙන්පති අඟහරු සිංහය කළඹයි

අගෝස්තු 27, 2021

බ්‍රහස්පති නැප්චූන්, ප්ලුටෝ, සෙනසුරු වක්‍ර වීම්ද බුධ අස්තය ද යුරේනස්, බුධ, සිකුරු, දෙසැම්බර් 19 තෙක් සිදුවීම් ද අඟහරු, සිකුරු යෝගය ද චන්ද්‍රගුරු චතුර්කෝණ දෘෂ්ටිය ද චන්ද්‍ර සෙනසුරු ෂඩ්කෝණ දෘෂ්ටිය ද ආශි‍්‍රතව

දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි කටක රවි 05 භාගය ඇසළ මහේ පුර එකොළොස්වක තිථිය මා, පුවපල්, උත්‍රපල් ආශි‍්‍රත පාද නවයක් ගෙවා සැප්තැම්බර් 06 දක්වා මිත්‍රශීලීව සටන්කාමී අඟහරු රවි හිමි සිංහ රාශියෙහි විශ්වය පුරා ආඥාව පතුරවමින් විරාජමාන වෙන්නේ ය.

රවි හිමි සිංහ රාශිය, මේෂ නවාංශකය කේතු හිමි මා නැකත සෙනසුරු 22 වෙනි මාරක දෙර්කානාධිපති අඟහරු මාන්දිවෙමින් චන්ද්‍රයා බාධක ග්‍රහයාද ලෙස යෙදී නැඟෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි වෘශ්චික රාශිය උදාවේ දී චන්ද්‍රයා නීචව කේතු උච්චවද ප්ලූටෝ වක්‍රව සතුරුව සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍රව වික්‍රම ස්ථානය වූ තුන්වැන්නේ ද බ්‍රහස්පති සමව වක්‍රව නැප්චූන් වක්‍රව සමව සිව්වැන්නේ ද යුරේනස් සමව රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේ ද උච්ච රාහු සත්වැන්නේ ද බුධ ස්වක්ෂේත්‍රව මාත්‍යු ස්ථානය වූ අට වැන්නේ ද රවි මිත්‍රශීලීව නව වැන්නේ ද අඟහරු මිත්‍රශීලීව සිකුරු සතුරුවද කර්මස්ථානය වූ දසවැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය තැම්පත්ව යෙදෙන්නේ ය.

ජුලි 20 සිට සැප්තැම්බර් 06 දක්වා කුජ රවි හිමි සිංහයෙහි රැඳී සිටීම ත්‍රාසය, භීතිය විනාශකාරී ව්‍යාජ ක්‍රමෝපායන් දැඩි මුවහත්ව සක්‍රීය වීමේ ප්‍රවණතාවය විශ්ව මේෂ රාශියට මෙන්ම ජනරජ සිංහලේ සිංහ රාශියටද අතිශය ප්‍රබල වෙන්නෙකි. ඓතිහාසික අයථා අනියම් අසම්මත හේතු සාධක උත්පාදනය බිහිසුණු බවක් ගනු ලබයි. බොහෝ දුරට අතුරු අනතුරු බහුල කෙරෙන බවක් අනාවරණය කෙරෙයි. ස්ත්‍රී පුරුෂ නොනිසි මඟකට පරිවර්තනය අනායාශයෙන් සිදු වෙන්නෙකි.

මහා පරිමාණ ව්‍යාපෘති, කර්මාන්ත සංවර්ධන ක්‍රියාකාරකම් සමාරම්භව ධනවාදී ප්‍රබල රාජ්‍ය යන්ත්‍රණ වාණිජ ලෝකයෙහි පෙරමුණ ගනු ඇත. 21 ශත වර්ෂයෙහි 1/5ක් ගතකොට මහා පරිමාණයෙහි පංචගත සංකලන රටාවෙන් විපරීත විකෘතිකර රංගනයන් විශ්වය පුරාම සමතුලිතව හිස ඔසවයි. සාමාන්‍ය පුරවැසි ජනතාවගේ මානව හිමිකම් හා බැඳි නිදහස මූලික කොටගත් නව ප්‍රඥප්ති එක්සත් ජාතීන්ගේ කඩිනම් අවධානයට පාත්‍ර විය හැක. ජීවත්වන මනුෂ්‍යයාට පරිභෝජනය සහ නිදහස පිළිබඳ සමාජයෙහි ප්‍රබල කතාබහට තුඩු දෙනු ඇත. විශ්ව ප්‍රජාව තොමෝ පරිභෝජනය සහ නිදහස පිළිබඳව වඩාත්ම අවධාණය මෙන්ම සූදානම පිණිස විශ්ව තාරකා මන්දාකිණියෙහි ගිනියම් වී ප්‍රසාරණය වීම අඟහරු සිංහ රාශි ප්‍රවේශය දැඩි විමර්ශනයකට තුඩු දී ඇති බැව් සළකනු මැනවි.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.