ජුනි 19 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජුනි 18, 2023

ඉර උදාව - පෙ.ව. 05.56 
ඉර බැසීම - ප.ව. 06.28 

රාහු කාලය - ප.ව. 03.20  සිට ප.ව. 04.54 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
කේළාම් බස් ඇසීමට සිදුවීම නිසා සිතට දුක් සහිත බවක් ඇතිවේ. ආදායම් තත්ත්වයෙහි චංචල බවක් පෙන්නුම් කරයි. අලුත් ඇඳුම් පැළඳුම් ලැබීමට හෝ වෙනත් අයකුගේ ඇඳුම් පැළඳුම් ගැන කතාවක් ඇතිවේ. ශරීර සනීපයට යහපත්ය. 
 
වෘෂභ 
කරගෙන ආ කටයුතුවලට විවිධ බාධා ප්‍රමාදවීම් ගෙන දෙන අතර උත්සාහවන්තව වැඩකළයුතු දිනයකි. කෑම බීම පවා ප්‍රමාදවේ. කරන්නට තිබෙන යම් යම් වැඩවලට වුවමනා කරන මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල නොවේ. 
 
මිථුන 
හොඳ දෙයට සිත යොමුවන අතර අන් අයට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමට හෝ අන් අය තමාට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරන දිනයකි. ගෙදර දොර අලුත්වැඩියාවක් ගැනද සිත යොමු කරයි. 
 
කටක 
අන් අය හා ඇසුරේ දී මෙන්ම ගනුදෙනු කිරීමේ දී ද නොයෙක් වැරදීම් රැවටිල්වලට අසුවීම් වැනි දෙයට ලක්වනු ඇත. පාඩු අලාභ හානි මිල මුදල් නැතිවීම්ද සිදු කරයි. තමා අතින්ම යම් කිසි පාඩුවක් සිදුවන දිනයකි. 
 
සිංහ 
ලාභ ප්‍රයෝජන වැඩි දිනයක් වන අතර සම වයසේ අය සමඟ විනෝද වන්නටද අවස්ථාව සැලසේ. සමාජ ආශ්‍රයට යොමුවන දවසකි. සමාජයද තමාට පි‍්‍රය කරයි. 
 
කන්‍යා 
අන් අයගෙන් උපකාර ලැබෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් ද සැනසීමක් ලැබෙනවා ඇත. සුළු සුළු ලාභද හිමි කරයි. අන්සතු දෙයකට පවා හිමිකම් ගෙන දෙන දිනයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීමද යහපත් වේ. 
 
තුලා 
මුදල් අතින් අග හිඟකම් ඇතිවන අතර සතුරු භය ඇතිවන දිනයකි. දරුවන් ඇත්නම් ඔවුන් නිසා සිත්තැවුල් ඇතිවේ. ගෙදර දොර කටයුතු හරිහැටි තේරුම්ගෙන කටයුතු නොකිරීම නිසාද කරදර ඇති කරයි.
 
වෘශ්චික 
නියම වේලාවට වැඩකටයුතු කර ගැනීමට අපහසු දිනයකි. හිතේ නොසන්සුන් බවක් ඇතිවේ. ජලය සම්බන්ධ කටයුතුවලින් කරදර විපත් ඇතිවන බැවින් පරිස්සම් වන්න. 
 
ධනු 
සැප පහසුවට සිටීමට කටයුතු සැලසෙනු ඇත. මිල මුදල් ලැබීමටද යහපත් වේ. මෙතෙක් විවාහ කටයුතු ප්‍රමාදවී නම් ඒවා ඉටුකර ගැනීමට හැකි වාතාවරණයක්ද ඇතිවේ. දුර ගමනක් හෝ නිතර ළඟ පාතකට යාමට සිදුවනු ඇත. 
 
මකර 
බලාපොරොත්තු වූ දෙයක් ඉටුවීම මත සිතට සතුටක් ලැබෙන දිනයකි. මහන්සියෙන් යුතුව කටයුතු කිරීමටද සිදුවේ. නැතිනම් පහත් අයකුගෙන් හෝ සේවකයකුගෙන් වැඩක් ගැනීමට සිදුවනු ඇත. 
 
කුම්භ 
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති දිනයක් වන අතර, බලාපොරොත්තු කඩවනු ඇත. ප්‍රේම සම්බන්ධතා නිසාද සිත්තැවුල් ඇති කරයි. කරගෙන යන කටයුතුවලට පවා බාධා කරදර ඇතිවේ. 
 
මීන 
හිතවත් අයකුගේ ආදර සංග්‍රහයක් හෝ ත්‍යාගයක් ලැබීමට හැකි දිනයක් වන අතර වියදම්ද අධික වනු ඇත. ආහාරපානාදීය පිළිබඳ අගහිඟ තත්ත්වයක් හෝ ආහාර නොදිරවීමේ අපහසුතාවයක් ඇතිවිය හැකිය. උදරාබාධ මෙන්ම වතුරෙන් පීඩා ද ගෙන දෙනු ඇත. 
 
ජ්‍යෝෂවේදී ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.