වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 03 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 3, 2023
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - පෙ.ව. 09.01 සිට 10.35 දක්වා
සුබ දිශාව - උතුර
මේෂ
කරදර සහිත දවසක් වන අතර කණගාටු සහිතව දවස ගතවේ. නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම්ද යෙදෙන අතර කරගෙන යන වැඩකටයුතුවලට බාධා අවහිරකම් මෙන්ම සිත අධෛර්යවත්ව කටයුතු කරන දිනයක් ද වේ. ආහාර නොදිරවීමේ ආබාධයක් හෝ දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවීමටද ඉඩ ඇත.
වාෂභ
මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර සැපපහසුවට කාලය ගත කිරීමට ලැබේ. නිතර ගමන් බිමන් වල යෙදීමට සිදුවන අතර විනෝදයටද සිත ඇදී යනු ඇත. තම ගෞරවය වැඩිවන අතර දියුණුවද ඇතිවේ.
මිථුන
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර ගෙදර දොර වාසනාවන්ත වේ. දීර්ඝ ගමනක් යෙදෙන අතර බලාපොරොත්තු වූ අදහසක් ඉටුවන දිනයකි. පැණිරස බැදුම් වැනි දෑ කෑමට පි‍්‍රය කරන දිනයකි.
කටක
සිතේ කනස්සලු ස්වභාවයකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර බලාපොරොත්තු කඩව යනු ඇත. ප්‍රේම සම්බන්ධතා නිසා සිත්පීඩා ඇතිවන අතර කරගෙන යන කටයුතුවලට ද බාධා ඇති වේ. අජීර්ණ රෝග ඇතිවීමට ද ඉඩ ඇත.
සිංහ
ඉක්මන් කේන්තියන දවසක් වන අතර සැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරන දිනයකි. ඥාති මිත්‍රයන් සමඟ අවුල් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව හා ඉවසිල්ලෙන් යුතුව කටයුතු කළයුතු අතර කරගෙන යන කටයුතුවලට ද බාධා ගෙන දේ.
කන්‍යා
සිතේ චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර විනෝද ගමනක් හෝ වන්දනා ගමනක් වැනි දෙයක නිරතවීමටද සිදුවන දිනයකි. තම කටයුතුවල දියුණුව පිළිබඳව හිතේ නොසන්සුන් බවකින් කටයුතු කරනු ඇත. මුදල් නැතිකම ගැන කරදර ඇතිවේ.
තුලා
තමා කෙරෙහි අන් අය අතර පැවැති පිළිගැනීම, ගෞරවය අඩුවන අතර පාඩු අලාභ හානි සිදුවන දිනයකි. දියුණුවටට ඇති මාර්ග ඇතිකරන අතර යම් යම් වැඩ කටයුතුවලට වුවමනා මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල නොවේ.
වෘශ්චික
වංචාකාර අදහස් ඇතිවන අතර කාටත් ආදර කරුණාව දක්වනු ඇත. ප්‍රසිද්ධියෙන් ඈත්ව නිදහස්ව වාසය කිරීමට බලනු අතර වෙනදාට වඩා හිසේ මුහුණේ උෂ්ණ ගතිය අඩු වී තෙත් ගතියක් ද ඇතිවේ. ඇස්වල අමාරු ඔලුවේ කැක්කුම් සෙම් අමාරු නිසා පීඩා ඇතිවේ.
ධනු
සිත් තැවුල් කණගාටු ඇතිකරවන අතර අවනම්බු ලැබෙන දිනයකි. තිබෙන ගෞරවය අඩුව යන අතර අවුල් වියවුල්වලට අසුවීමටද ඉඩ තිබේ. අන්අය හා ආශ්‍රය මෙන් කරන කියන ගනුදෙනු කටයුතු ආදිය පරිස්සමින් කළ යුතු දිනයකි.
මකර
දියුණුවට කටයුතු සැලසෙන අතර ගොවිතැන් කටයුතු කරන අයට ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබෙනු ඇත. කරන සෑම කටයුතුවලින්ම සිතට පී‍්‍රතියද සැනසීමද ලාභ ප්‍රයෝජන ලැබීමටද පුළුවන. සමාජ ආශ්‍රයට වැටෙන දිනයක් වන අතර විනෝද ගමන්ද යෙදෙනු ඇත.
කුම්භ
බලාපොරොත්තු ඉටුකරගත හැකි දිනයක් වන අතර එයින් දියුණුවද ඇතිවේ. ආහාර පාන ලැබෙන දිනයක් වන අතර සාමාන්‍ය වාසනාවන්ත දිනයකි. අන් අයගෙන් උදව් උපකාර ලැබෙන අතර හොඳින් කාලය ගතවේ. උසස් අය සමඟ ආශ්‍රය ඇතිවේ.
මීන
සිත්තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටියන්ගේ දෝෂ දර්ශනයට ලක්වන දිනයකි. අමුතු දේ ගැන සිතේ කැමැත්තක් ඇතිවන අතර පිනට දහමට ආශාව ආගමික භක්තිය ඇති කරයි. මුදල් අතින් අගහිඟකම් ඇතිවේ. ශරිරයට වෙහෙස ගතියක් ඇතිවන අතර හෘද රෝගයක් හෝ ආමාශයේ ආබාධයක් ඇතිවේ.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග...
2024-02-29 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න...
2024-02-22 18:30:00
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණයපෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලාහරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල්...
2024-02-15 16:30:00
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම...
2024-02-15 18:30:00
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි...
2024-02-09 01:30:00
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න්...
2024-02-08 18:30:00
කලකට පසු යෙදෙන යම කාල සුබ මුහුර්තයක් මේ මස 10 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.06 සිට 8.42 දක්වා උදා වනු ඇත.දෙනට නැකත යෙදී ඇති එම සුබ මුහුර්තය උදා වන්නේ පංච...
2024-02-01 18:30:00
එළැඹෙන පෙබරවාරි මස 5 වෙනි සඳුදා රාත්‍රී 9.42 ග්‍රහලොව සෙන්පති අඟහරු තම උච්ච භවනය වන මකර රාශි ගත වී සතරදීප යෝගය උදා කිරීම ලග්න දොළසටම ශුභ ඵල ගෙන දීමට...
2024-02-01 18:30:00
ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරියහත නැකැත හා විශේනිය තිථිය ද සහිත දෝෂ භංග කරන සිද්ධි යෝගය ද ප්රබලව යෙදීමෙන් නව නිවාස ආරම්භයට ඉතා යහපත් නැකැතක් ජනවාරි 31...
2024-01-25 18:30:00
ප්‍රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චිඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා...
2024-01-18 18:30:00
ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තියකාලගුණික බලපෑම් දැඩි වෙයිප්රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි දැනුමට...
2024-01-11 18:30:00
වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්...
2024-01-04 18:30:00
යහපත් චින්තන රටාව දියුණ සවිය ගෙනෙනු ඇත. යහපත් චින්තනය හොඳ පුරවැසියෙකු බිහිකරයි. මෙම චින්තන ධාරාව අඩු වැඩි වෙමින් පැමිණ 5 -ඉ (ජ්ඪමඥ - ඵ) සංකල්පය...
2024-01-04 18:30:00
ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තියලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක් රාශි...
2023-12-28 18:30:00