වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ජුනි 01 බ්‍රහස්පතින්දා- ලග්න සහ රාහු කාලය
මැයි 31, 2023
ඉර උදාව – 05.53
ඉර බැසීම – 06.23
රාහු කාලය – දහවල් 01.41 - 03.16
සුබ දිශාව – අලුයම 01.34 - 03.01
සුබ දිශාව – නැඟෙනහිර
මේෂ
වරින් වර ගතට සිතට පීඩාකාරි සිතිවිලි ඇති කරන දිනයක් වන අතර, කරගෙන ආ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට ද සිදුවේ. එහෙත් පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙන්වයි. ගණුදෙනු වාසියක් ද සිදුකරයි.
වෘෂභ
අන් අය අතර ප්‍රසිද්ධියට කරුණු ඇති කරන දිනයක් වන අතර, පවුලේ අයගේ් ප්‍රසාදයට ද හේතු ඇති කරයි. නිතර මිහිරි ආහාරපාන ලැබීමට ඉඩකඩ ඇත. සුළු සුළු ලාභ හිමිවන මාර්ග ද ඇති කරයි.
මිථුන
කණ්ඩායම් වැඩවලට සම්බන්ධවීමට සිදුවන දිනයකි. විදෙස්ගතව සිට පැමිණි හිතවතකුගේ හමුවීමක් සිදුකරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාබ හිමිකම් ඇති කරයි. වගකීම් බහුලවන දිනයකි.
කටක
අලුත් හිතවතකු දැන හඳුනාගැනීමට කටයුතු සැලසෙන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙන්වයි. අතමිට මුදල් ගැවසෙන දිනයක් වන අතර, අලුත් දේ මිලදී ගැනීමට ද හේතු ඇතිකරයි.
සිංහ
විශේෂ ගමනකට කටයුතු සූදානම් වන දිනයකි. පවුලේ වැඩිහිටියකුගේ අසනීපයක් පිළිබඳ සොයා බැලීමට සිදුවෙයි. නිතර ගේ දොර කටයුතුවලින් බැහැරව සිටීමට සිදුවන දිනයකි.
කන්‍යා
නොතේරුම්කමින් සුළු සුළු පාඩු සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. නිතර සාමජ ආශ්‍රයට යොමුවන දිනයක් වන අතර, අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට ද අවස්ථාව උදාකරයි.
තුලා
අලුත් බලාපොරොත්තු ඇතිවන දිනයක් වන අතර, එයින් දියුණුවට ද මාර්ග පෑදෙනු ඇත. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.
වෘශ්චික
කරන කියන කටයුතුවලින් වාසි කීපයක් අත්කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භයට ද අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා අරපිරිමැස්මෙන් කටයුතු කරන බවක් පෙනේ. ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසේ.
ධනු
පවුලේ බැඳීම්වලට බාධාකාරි දිනයකි. වෙනදාට වඩා කේන්ති යන දිනයක් බවද පෙන්නුම් කරයි.නිතර වැඩිහිටි අයගේ උපදෙස් පතන බවක් පෙන්වයි. එහෙත් අතමිට සරුකරන මාර්ග කීපයක්ද යෙදේ.
මකර
වගකීම් බහුල කරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත්වන්න. අමතර වියදම් වැඩිකරන දිනයක් වන අතර, දුර ගමනකට ද සහභාගි වීමට කටයුතු සැලසේ.
කුම්භ
අවිවේකී ලෙස උදාවන දිනයක් වන අතර, නිතර නිවෙසින් බැහැරව කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ හේතුවෙන් පීඩා විඳීමට සිදුවන දිනයකි. නිතර අව්වෙන්, වැස්සෙන් පරිස්සම් වන්න.
මීන
ලැබීම් අතින් යහපත් දිනයකි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. නිවෙසේ භෝජන සංග්‍රහයකට කටයුතු සැලසෙන දිනයකි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
අකුරු කියැවීමට1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6....
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි,...
2024-06-13 18:30:00
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00