ලබන්නා වූ 2023 සුබ නව වසරක් වේවා !

දෙසැම්බර් 30, 2022
 
ජාතික සමඟියෙන් රට පුබුදා ලන්න
අටුකොටු පිරී සාමය එහි රජ වෙන්න
ජන හදවතට සැනසුම මතු ගෙන දෙන්න
එයවෙයි පැතුම! නව වසරට එළැඹෙන්න
කිවිපති චන්දන ශ්‍රී ජයවර්ධන
 
 
නොසිතූ ජයග්‍රහණ ලබන වසරක්
 
2023 වර්ෂ උදාවේ රවි මිත්‍රව සඳු සමව කුජ සමව බුධ සමව ගුරු ශනි ස්වක්ෂේත්‍රව සිකුරු මිත්‍රව රාහු කේතු සතුරුව රාශි චක්‍රයේ සැරිසරයි. ජනවාරි 14 වැනිදා පැය 02.27ට කුජ ග්‍රහයා වෘෂභ රාශියේ නිවෘත වන අතර 2023 වසරේ පළමු වන සංක්‍රාන්ති ග්‍රහ මාරුව ජනවාරි 14 වැනිදාට යෙදේ. එදින 20.45 පැයට රවි ග්‍රහයා මකරයට සංක්‍රමණය වෙමින් මකර රවිය ආරම්භ කරන්නේය. ජනවාරි 17 වැනිදා පස්වරු 18.03 ශනි ග්‍රහයා ස්වක්ෂේත්‍රව කුම්භ රාශිගත වන්නේය. 18 වැනිදා පැය 18.43 ට බුධ ධනු රාශියේ නිවෘත වන්නේය. විසිදෙවැනිදා පැය15.55 සිකුරු ග්‍රහයා කුම්භ රාශි ගත වන්නේය. ජනවාරි 23 දා පැය 04.29ට යුරේනස් මේෂයේ නිවෘත වීමෙන් මාසයේ ග්‍රහචාරය නිම කරයි. 2023 ජනවාරි 17 සෙනසුරු කුම්භ රාශියට පැමිණීම සහ වෙනත් ග්‍රහ පිහිටීම් අනුව යහපත, අයහපත, හොඳ නරක මෙන්ම අනතුරු, සතුරු කරදර, පීඩා මෙන්ම නොසිතූ පරිදි පොදු ජනතාවට සුබසෙත, ජයග්‍රහණ ශාන්තිය ද උදාවේ. හොර බොරු, වංචා, කපටි වැඩ කරන ලොකු, පොඩි හැම දෙනාටම එකසේ පල විපාක අත්කර දෙනු ඇත. මෛත්‍රී සහගතව අවංකව කටයුතු කරන අයට කරදර බාධා අඩුය. 
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.