මහා බලැති අන්න පූර්ණ දේවතාවිය හෙවත් පාර්වතී

ජනවාරි 10, 2025

ශිව දෙවියන් තවුස් වෙස්ගෙන පිඬු සිඟා වඩිමින් සිය පවුල රැක්කා. මේ අන්දමට ඉන්නා විට පිඬු සිඟා වැඩීමට අමතක වුණේ ත්‍රිලෝකවිජයම් නමැති කංසාවලින් සැකසුණ බීම වර්ගයක් පානය කිරීම නිසායි. කලින් දින ගෙනැවිත් තිබුණ ආහාරයෙන් එදින දවස ගත කළා. එහෙත් මීයාටත්, මොනරාටත් ආහාර නැතිව ගියා. ඒ සතුන් දෙදෙනාම බඩ ගින්නේ සිටියා.

අනික් දෙවියන්ට ආහාරපාන සියල්ලම ඕනෑතරම් තියෙනවා මට තමයි නැත්තේ යැයි කල්පනා කරන්නට වුණා. එතැනට නාරද ඍෂි තෙමේ වැඩියා. තමාට වී ඇති කරදරය නාරද ඍෂිට කිවුවා. නාරද ඍෂිතුමා මෙහෙම කිව්වා. සිව පාර්වතී ඉතාම සමගියෙන් ඉන්න නිසා කිසියම් කෑදරකමක් නාරද ඍෂිට ඇතිවී මෙසේ පැවසුවා. ඔය ඔක්කොම කරදර ඔය පාර්වතීනෙ. නුඹේ මහ ලොකු බිරිඳ? සීදේවි බිරිය හැමවිටම භාග්‍යය උදාකර දෙනවා. ලක්ෂ්මී විෂ්ණුට එකතු වෙලා දැන් බලන්නකො කිරි උතුරනවා. සැප සම්පත් වැහි වැහැල විෂ්ණුට. ශිව කල්පනා කළා මේ නාරද ඍෂි කියන එකේ ඇත්තක් තියෙනවද මගේ ඔළුව නරක් වෙනවා මේවා අහපුවම. එදා සවස ශිව ගඟට ගියා ඒ වෙලේම නාරද පාර්වතීව හමුවුණා, මොකද ඔයා අද දුකින් වගේ ඉන්නේ ඇයි සැපක් සතුටක් ඔයාට නැද්ද?

එහෙම කියන්න එපා. දක්ෂ සැමියෙක් නම් බිරියට හැම පැත්තෙන්ම සැප දෙනවා. බලන්න සරස්වතී දිහා ඇය මහා බ්‍රහ්මයා එක්ක විවාහ වෙලා ඉන්නේ තුන්ලොව සැප විඳිනවා සුර සැප කියන්නෙ ඕකටයි.

පාර්වතී මේ කතාව අහල ශිව ගැන කලකිරුණා. ඇය එම කතාව පිළිගත්තා. නාරද ඍෂි කිවු විදිහටම ශිව අතහැර මවුපියන් වෙතට පාර්වතී ගියා උරුවිසි සමඟ.

මේ ගැන ආරංචි වුණ නාරද ඍෂි තෙමේ පාර්වතී හමුවන්න ඇගේ මහගෙදරට ගියා.

ශිවගේ වැරදි තියෙනවා තමයි ඒවා හදාගන්න ඕනෑ නරක වගේම ශිවගෙ හොඳ හුඟක්ම වැඩියි.

නාරදගේ උපදෙස් පිළිගත්තා. හැමටම කලින් පිඬු සිඟා වැඩියා ආහාර පාන යහමින් ලැබුණා.

මේ අන්දමට කටයුතු කළ නිසා ශිවට ආපසු එන්න වුණේ හිස් පාත්‍රය අත ඇතිවයි. ඒත් තමා ලද ආහාරවලින් සැමියාත් උරුවිසිත් සැනසුවා. කුසගින්න නිවා දැම්මා.

ශිව පාර්වතී ගැන ඉතාම පැහැදීමක් වුණා. එදා සිට ආදරය කරන්න අලුතින් පටන් ගත්තා. එයින් ශිව පාර්වතී එකම එක් කෙනෙක් වුණා. ඊට පසුව අර්ධ නාරි හෙවත් අන්න පූර්ණාදේවිය යැයි හින්දු බැතිමතුන් පිළිගත්තා. වත්මන්හිද ශිව දෙවියන්ට මෙන්ම පාර්වතී දෙවඟනට අන්න පූර්ණ දෙවඟනට පුද පූජා තබන්ට පටන් ගත්තා. එයින් විශාල සහනයක් වුණා.

හෙළයේ විශේෂයෙන්ම හින්දු බැතිමතුන් අන්න පූර්ණ දේවියට දෙවඟනට පලතුරු, කැවිලි ආදිය පස්ගෝරස, චතුමධුර තබා පුද පූජා පේකර වන්දනාමාන කරන්නේ ආහාරපානවලට අන්න පූර්ණ දෙවඟනගේ බලය ශක්තිය ලැබී තිබෙන නිසාය. නර්තනයට ඈ ඉතාම දක්ෂයි. නැටුමෙන් සියල්ල වශී කරයි. පිඬු සිඟා යමින් කැවිලි ආහාරපාන ලබාගෙන අන්න පූර්ණ දෙවඟන ඉදිරියේ තබා පූජා කිරීමෙන් තමන්ටත් පවුලේ අයටත් කිසිම දිනෙක ආහාර හිඟ නොවන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

පාර්වතී දේවිය අන්න පූර්ණා නමින් ජනයාට සෙතක් සලසන්නීය. මේ දෙවඟනට පූජාව තබන කිසිවකුට කිසිම විටෙක ආහාර පානවල හිඟයක් ඇති නොවේ. සශ්‍රීකත්වයට ආහාර පානවලට අධිපතිනියයි. මේ දෙවඟන උදේ, දහවල් සහ රාත්‍රී තුන්කල්හිම ආහාරපාන, චතුමධුර, පස්ගෝරසය, පලතුරු, කැවිලි ආදිය තබන්නේ නම් ඔහුට හෝ ඔහුගේ මුළු පවුලටත් සිය වරිගයේ අයටත් කෑමබීම කිසිම දිනෙක හිඟ නොවන බැව් හින්දු ජන විශ්වාසයකි.

එපමණක් නොව අන්න පූර්ණ දෙවඟන සිතින් මවාගෙන ඇය බැතිසිතින් නමදින්නේ නම් මුළු දවසම ආහාරපාන කිරිපැණි, චතුමධුර පස්ගෝරස ලැබෙන බැව් ජන විශ්වාසයකි. එලෙසම ලැබෙන බැව්ද ඇත්තකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.