වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
දෙසැම්බර්13-19 අතර උපන් ඔබ
දෙසැම්බර් 13
(පෞද්ගලික අංකය 1/4)
රවි හා ගුරුගේ ශක්තීන් විසින් තමයි ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණය කර තියෙන්නේ. ඔයා ඇත්තෙන්ම ප්‍රබල චරිතයක්. එහෙම වුණත් ප්‍රබල යුරේනස්ගේ බලපෑම නිසා නිතර දෛවයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ පෑමටත් සිදු වෙනවා. ඔයා ඉතා නිර්මාණශීලියි. අවශ්‍යතා ඉටු කර ගන්නත් අවශ්‍ය මිළ මුදල් පවා අවශ්‍ය අවස්ථාවේදී ඔයාට පහළ වෙනවා. එහෙම වුණත් ඔයාව සමාජය ඉදිරියේ වරදවා වටහා ගැනීම්වලට පවා ලක් කරවනවා. මේ නිසා නොකළ වැරදිවලට චෝදනා විතරක් නෙවෙයි දඬුවම් විඳීන්නත් වෙනවා. ඔයා සතු හොඳ ඉව ශක්තිය නිසා කවුරු හරි හැරෙන කොටම මොකාටද එන්න හදන්නේ කියලා දැනෙනවා. ඒ වගේම අනාගත අවදානම් පවා ඔයාට ඉවෙන් වගේ දැනෙන්නේ. රිය අනතුරු, ගිනි අනතුරු හා සතුන්ගෙන් විය හැකි අනතුරු වැනි අනතුරු රැසක් කාන්දම් බලයකින් වගේ ඔයාගේ පැත්තට ඇදිලා එන්නේ. විවිධ අන්තවාදී සංගම් වලට බැඳීමෙන්/බලපෑම් වලට ලක්වීමෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. ඒ වගේම තමයි කුඩා කාලයේදීම පවුලේ සාමාජික සාමාජිකාවන්ගෙන් විවිධ වෙනස්කම්වලට ලක්වෙන්නත් ඔයාට සිදුවෙනවා. එහෙම නැත්නම් පවුලේ අයට මදක් දුරස්ව පරතයක් පවත්වා ගනිමින් ජීවත් වෙන්න වෙනවා. ජන ප්‍රසාදයට උපරිමයෙන් පාත්‍ර ඔස්වල්ඩ් ගෝමිස් (1932) පියතුමන් අතීතයේදී ඔබේ උපන් දිනය විචිත්‍ර වත් කළා.
දෙසැම්බර් 14
(පෞද්ගලික අංකය 5)
රවි හා යුරේනස් විසින් තමයි ඔයාගේ පෞද්ගලික අංකය නියෝජනය කරන්නේ. ඉතා ප්‍රබල හා වේගවත් ස්වභාවයක් මෙයින් නිරූපණය වනවා. ඔයා තුළ ක්රීයාශීලීබවත් හොඳීන් උද්දීපනය වෙනවා. ඔයාට කිසිම මොහොතක යමක් නොකරවත් නොහිතාවත් ඉන්න බෑ. අනවශ්‍ය කඩිමුඩියක් වගේම මානසික කැලඹිලි ස්වභාවයක් ඔයා තුළ තදින්ම පවතිනවා. ඒ නිසා ඔයා රිය පැදවීම් හරිම කල්පනාකාරීව කරනවා නම් තමයි හොඳ. ජීවිත කාලයේදී වරක් හරි ඔයාට රිය අනතුරකට මුහුණ පෑමට සිදුවෙයි. එහෙත් එක තැනක ස්ථාවර වෙලා බුද්ධිය මෙහෙයවලා කරන්න පුළුවන් කටයුත්තකට යොමු වීමෙන් පවා ඔයාට සාර්ථක වෙන්න බැරි කමක් නෑ. වාද කරන වෙලාවට ප්‍රතිවාදී බව පෙන්වුවත් ඒ මිත්‍රයා එක්කලා ආයේ කරට අත දාගෙන සතුටින් ගෙවා දමන නිමේශයන් ඔයාගේ ජීවිතයේ සුලබ දසුන්. ඔයාගේ කලබලයයි, කුකුල් කේන්තියයි නිසා සාර්ථක විවාහ සම්බන්ධතා පෙන්නන්නෙත් මැදිවියෙන් පස්සෙයි. ඔයා සංචාරයටම උපන්ගෙයි කැමැත්තක් ඇති කෙනෙක්. ලෝකේ වටේ යන්න තියෙනවානම් මහන්සියක් දැනෙන්නෙත් නෑ. එකවර කාර්යයන් කිහිපයක් වුවද සාර්ථක ලෙස මෙහෙයවා මුදල් හම්බ කරගන්නත් හිතුවොත් බැරි නෑ. ඒ වගේම රැවටිලිකාරයන්ගෙන් බේරිලා ඉන්න එකත් වැදගත් වෙනවා. අකුණු, විදුලිසැර වගේම වර්ෂාවෙන් සිදු වන අනතුරුවලට මැදි වීමත් ඔයාගේ උපන් දිනයට සුවිශේෂී වෙනවා. ස්නායූ අබාධ ගැන සැලකිලිමත්වීම වැදගත්. හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් (1954) මහත්තයත් ඔයාගේ උපන් දින සගයෙක්.
දෙසැම්බර් 15
(පෞද්ගලික අංකය 6)
ඔයාගේ පෞද්ගලික අංකය රවි හා බුධ යන ග්‍රහ සංයෝග විසින් තමයි පෝෂණ කර තියෙන්නේ. මාස රාශි බලය තුළ ගුරු බලාත්මක වෙනවා. මෙදින උපත ලබන ඔයා තුළ පුදුම වශීකරණ ශක්තියක් තමයි පිහිටන්නේ. දන්නවද? සමාජ ආශ්‍රයට හරිම ප්‍රියජනක ඔයාට ලස්සන නෙතු සඟලක් පවා හිමියි. නිතරම සතුටින් ගත කරන ස්වරූපයක් දැක ගත හැකියි. කලාවට, දේශන සිදුකිරීමට, අනුන්ගේ හිත් නොරිදවා හාස්යජනතක ආකාරයට කරුණු ගෙනහැර පාමින් වාද විවාද කරන්නත් ඔයාලා හරිම සමතුන්. ඕනෑම ගමනකට ජැංඩියට අඳීන්නත් ඔයා හරි කැමතියි. සුරතල් සතුන්ටත් හරිම ආදරෙයි. කාන්තාවන් බොහෝමයකට ස්වාමි පුරුෂයන් දෙදෙනකු වගේම දරුවන් ද දෙදෙනකු හිමි වන බවක් දැක්වෙනවා. තමන්ගේ උපන් ගම් පියසට බොහෝ දුර බැහැර ප්‍රදේශයකින් නැතහොත් විදේශයකින් කලත්‍රයා තෝරා ගන්න ලැබෙනවා නම් ඔයාලගේ විවාහය වඩාත් සාර්ථක වන බව වාර්තා අතර සඳහන්. නිතරම විරුද්ධ පාර්ශවයේ නෑදෑයන් හෝ අනුගාමිකයන් ඇසුරේ වඩාත් සුව පහසු බවක් ඔයාගේ ජීවන සිදුවීම් වලදි හොඳීන් කැපී පෙනේවි. ජීවිත කාලය තුළ ප්‍රබල ආදායම් මාර්ග දෙකක් ඇති බවත් හොඳීන් පෙන්නුම් කරනවා. මුදල් පොදි ගහන්න එතරම් තැකීමක් නැති ඔයාට වයස අවුරුදු 50 දී ආර්ථික දුෂ්කරතා බල පවත්වනවා. වයස 60 දී සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටීම ඇරඹෙනවා. ලිංගාශ්‍රීත රෝග, පියවුරු පිළිකා වගේම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝගාබාධවලින් වැලකීමට කළින්ම දැණුවත් වීම වැදගත් වේවි. හිටපු ජනාධිපතී ආර්යා එලීනා ජයවර්ධන (1913) මහත්මිය මේ අංකයට හොඳ නිදසුනක්.
දෙසැම්බර් 16
(පෞද්ගලික අංකය 2/7)
ඔයාගේ පෞද්ගලික අංකය සමන්විත වන්නේ රවිගේ හා සිකුරුගේ බල සම්මිශ්‍රණයකින්. ඒ වගේම මාසය අනුව ගුරුගේ බල පරාක්‍රමයත් හිමියි. ඔයා අධික චිත්ත ශක්තියකින් හෙබි අයකු වනවා. එකී සුවිශේෂී හැකියාව හොඳීන් වැඩි දියුණු කරගත් විට පුදුම සහගත ආකාරයට ඵල ප්‍රයෝජන නෙලා ගත හැකි වේවි. තමන් සතු කුසලතා හොඳීන් මෙහෙයවා සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. දක්ෂ සාහිත්‍යවේදීන් හා රංගධරයන් ඔයාගේ උපන් දිනයෙන් බොහෝ විට උපත ලබනවා. කුඩා වයසේදීම තම හැකියා තුළින් මහත් ජයග්රහණයන් අත් කරගනිමින් ප්‍රසිද්ධියට පත්වන බොහෝ දෙනෙක් මෙම උපන් දිනයට අයත්. ඒ වගේම මෙදින උපත ලබන තවත් කොට්ඨාශයක් සමාජ විරෝධී ක්‍රියාවලට නායකත්වය දෙන බවත් කැපී පේනවා. අනිසි ආදර පළහිලව් නිසාත් ඔයාගේ හොඳ නම කිළිටි වෙන නැඹුරුවක් පවතිනවා. සිහින මගින් ගුප්ත ආකාරයට හෝ දාර්ශනිකභාවයෙන් මනසට අසාමාන්‍ය ලෙස අදහස් ගලා ඒම මේ දිනයේ උපන් අය තුළ දැකිය හැකියි. ඔයාට සෑම විටම මිළ මුදල් ගලා එන්නේ අසාමාන්‍ය ආකාරයටයි. ඒ කොහොම වුණත් මැදි වියෙන් පස්සේ විශාල පාඩු ඇති විය හැකි වෙනවා. ඒ වගේම වංචනිකයන්ගේ මාර්ගෝපදේශ අනුගමනය නිසාද ඔයා අපහසුතාවයට පත් වෙනවා. අක්‍රමවත් ආහාර පාරිභෝජන රටාව, නිසි නින්දක්, විවේකය හා ව්‍යායාම නොමැති කම වැනි සාදක නිසාත් ඔයාගේ සෞඛ්‍ය තත්වය අඩාල වීමට නියමිතයි. ඒ වගේම හැම විටම කළගුණ මතකයේ රඳවා ගෑනීමට උත්සාහ කිරීමත් යහපත්. විද්‍යා ප්‍රබන්ධ කතා ක්ෂේත්රයේ නම රැන්ඳූ බ්‍රිතාන්‍ය ජාතික, ශ්‍රී ලාංකික පුරවැසිභාවයෙන් පිදුම් ලද සම්මානණීය ලේඛක ශ්‍රීමත් ආතර් සී ක්ලාක් (1917) මහත්තයාත් මෙලොව ජන්මලාභය ලැබුවේ ඔයාගේ උපන් දිනේදීමයි.
දෙසැම්බර් 17
(පෞද්ගලික අංකය 8)
රවි, සඳු හා නෙප්චූන් තමයි ඔයාගේ පෞද්ගලික අංකය තුළ හැංඟිලා ඉන්නේ. ඒ වගේම මාස රාශියෙන් හිමි ගුරුගේ බලයත් සුවිශේෂී වනවා. අසාමාන්‍ය මානසික ශක්තියකින් හෙබි නිසා මුහුණ දෙන කුමන හෝ බාධක බලවේගයන් මැඩගෙන ඉදිරියට යාමේ හැකියාව ඔයා සතු වෙනවා. ජීවිතයේ මුල් කාල පරිච්ඡේදය ඔයාට බොහෝ විට දුෂ්කර වෙන්නැති. කිසිම දෙයක් ඔයාට පහසුවෙන් ලැබෙන්නේ නෑ. කොහොම වුණත් ඔයා සතු කැපවීම හා අධිෂ්ඨානය තමයි දවසක ඔයාව ඉහළට ඔසවා තබන්නේ. කොච්චර මිළ මුදල් හම්බ කළත් තමන්ගේ සුව පහසුව වෙනුවෙන් කියලා නම් එක ශතයක් වැය කරන්න හිත දෙන බවක් පේන්නත් නෑ. ඒත් තමන්ගේ තත්වය රැක ගන්න නම් අත දිග ඇරලා සල්ලි විසි කරන්නේ දෙවරක් නොහිතාමයි. නීති, ව්‍යාපාර වැනි ක්ෂේත්රයන්හිදී ඔයා වැනි අය වඩාත් සාර්ථක වනවා. විශේෂයෙන්ම මිනිසුන් කෙරෙහි සැකයෙන් බලන ස්වභාවය මෙහිදී ඔයාට වඩා වාසිදායකව ඉස්මතු වෙනවා. තමන්ගේ පවුලේ අය වගේම ආර්ථික අපහසුතා ඇති නැදෑ හිතමිතුරන් වෙනුවෙන් නිර්ලෝභීව මුදල් වියදම් කිරීමත් දැකගත හැකියි. කොහොම වුණත් අනාගතය වෙනුවෙන් යම් ඉතිරියක් කිරීම යහපත්. දේපළ අත්පත් කර ගැනීම් වශයෙන් හෝ රාජ්‍ය බැංකුවල ආයෝජන වශයෙන් ඒවා පවත්වා ගත යුතු වේවි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහත්තයත් (1959) ඉපදිලා තියෙන්නේ ඔයාගේ උපන් දිනයෙන්.
දෙසැම්බර් 18
පෞද්ගලික අංකය 9)
ඔයාගේ පෞද්ගලික අංකයේ ගැබ් වෙලා ඉන්නේ රවි හා ශනි යන ග්‍රහ බලයන්. ඊට අමතරව මාස රාශියෙන් ගුරු බලයත් ඔපවත් වෙලා. ඔයාට දවසක අධ්‍යාපනයෙන් උසස් තලයකට ළඟා විය හැකි වනවා. ඒ වගේම සැබෑ යුද නායකයන්ගේ ගුණාංගත් ඔය උපන් දිනයට හිමියි. හැබැයි ඒ තත්ත්වය ළඟා කර ගන්න එක ඔයා හිතන තරමට ලේසි පාසු වන්නෙත් නෑ. මුලින්ම ඔයා මුරණ්ඩු බවින් අත්මිදිය යුතුයි. ඒ වගේම අහංකාරය නිසා ආශ්‍රය කරන අයගේ හිත් රිදවන ස්වභාවයෙන් බැහැර විය යුතු වනවා. නිතර පසුවන ආවේගශීලීභාවයත් විරුද්ධ ලිංගික නැමියාවත් ඔයාගේ සාර්ථකත්වයට බාධාවක්. බය කියන වචනයේ තේරුම වත් ඔයා දන්නේ නෑ. ව්‍යායාම ජීවිතයකට ඉතා ප්‍රිය ඔයා සුරතල් සතුන් කැටුව ඇවිදීමට යාමට ප්‍රිය කරනවා. සාර්ථක විවාහයක් පෙන්නුම් කළත් ඔයාට තියෙන විරුද්ධ ලිංගික ආකර්ෂණය වැඩි නිසාම තවත් කායික සබඳතා ගණනාවක් සමඟම විවාහයත් සමබරව ගෙන යාමට ඔයා සමත් වෙනවා. විවිධ ආයෝජනයන් තමන්ට ලාභදායී ලෙස මුදල් කර ගන්නත් ඔයාට හොඳ ඉවක් තියෙන්නේ. වයස 54 දී ඔයා ගෙවන ජීවිතයේ ඇති අවිවේකී බව නිසාම සෞඛ්‍ය පිරිහීම ආරම්භ විය හැකි බැවින් කල්පනාකාරී වන්න. වෙඩිකෑම්, හිසට වන අනතුරු, ගුවන් අනතුරු හා සතුන්ගේ පහරදීම් නිසාත් ඔයාට අවදානමක් පවතින බව පේනවා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (1950) මහතා අයත් වන්නේ ඔබේ උපන්දිනයට.
දෙසැම්බර් 19
(පෞද්ගලික අංකය 1)
ඔයාගේ පෞද්ගලික අංකය තුළ රවිත් කුජත් අන්තර්ගත වෙනවා. මාස රාශි බලය ගුර විසින් වඩාත් ඔප නංවලා තියෙනවා. ඔයා තුළ දැඩි ප්‍රතිපත්තිගරුක බවක් වගේම හොඳ ආත්ම ශක්තියකුත් තියෙනවා. පෙනුමින් අහිංසක වුණත් කවුරු හරි සීමාව ඉක්මවා කුපිත කරවන ලද විට ඔයා ආවේගශීලී වන්න ගත වෙන්නේ නිමේශයයි. ඔයා ගත් තීරණයක් කිසි ලෙසකින් වත් වෙනස් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ප්‍රබල ස්වාධීන අනන්‍යතාවයක් වගේම විශිෂ්ට පරිපාලන කුසලතා ඔයා තුළින් ඉස්මතු වෙන්නේ මේ නිසාමයි. උසස් නිර්මාණශීලීභාවයක් වගේම ගැඹුරු බුද්ධියක් කෙනෙකුට එකටම පිහිටියම මොනවද කරන්න බැරි නේද? ඔයා වඩාත් කල්පනාකාරී චරිතයක්. පටන් ගන්නා අරමුණක් අවසානය තෙක්ම අත් අරින්නේ නෑ කිසිම හේතුවක් නිසා. භාර ගන්නා සෑම කටයුත්තක්ම වඩාත් කැපවීමකින් යුතුව ඉටු කරනවා. හැබැයි තමන් නිදහසේ කරන වැඩ වලට ඉහළින් බලපෑම්ක් ආවොත් ඉතිං ඕනෙම මොහොතක රස්සාව පවා අතහරින්නේ කොන්ද කෙළින් තියාගෙන. කලා ක්ෂේත්රයෙන් ජනතාවට දැනෙන බලපෑමක් පවා කළ හැකියි. ඒ වගේම ගැඹුරු ආගමික භාවිතයක් ඔයාට තියෙන්නේ. ජීවිතයේ විවිධ කාලවලදී වරින් වර විවිධ අපකීර්තිමත් සිදුවීම් නිසා නමට යම් කැලැල් ඇති විය හැකියි. සුරා සූදුව හා දුසිරිතෙන් තොරවීමෙන් තමයි ඔයා සතු ශක්තීන් වැඩි වශයෙන් අවදි වෙන්නේ. කොහෙම වුණත් ජීවිතයේ දෙවැනි භාගය තෙක් සාර්ථකත්වය මන්දගාමී වෙනවා. හදිසි උණ හා ආත්රරයිටීස් වැනි රෝගාබාධයන් ඇතිවිය හැකියි. වියළි පරිසර ඔයාගේ සෞඛ්‍යයට වඩාත් යෝග්‍යයි. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ (1949) ඉපදිලා තියෙන්නෙත් ඔයාගේ උපන් දිනයේමයි.
පාරවිද්‍යා පර්යේෂක
එස්.පී.එන් සේනානායක
විශේෂ ස්තූතිය -
අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා
හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන