වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බහිරව පූජාවකට නිවැරැදිව සැරසෙමු
බහිරව පූජාව කියූ පමණින් ඔබගේ සිතට එන්නේ පොළොවට කරන පූජාවයි. එනම් පාතාල පූජාවයි. එහෙත් බහිරවයෝ දස දෙනකු සිටින බව ගුප්ත විද්‍යාවේ පැහැදිලි වනවා.
එනම් නික්ඛංඩ - ථූල -උග්‍ර උච්චාටන, කාලරාක්ෂ ආධි, අහාසි, සංඛ, සන්නි සහ අෂ්ඨ යන්නයි. ඒ දිශා අටට හා අහස-පොළොවටයි. පොළොව භාර බහිරවයා “අෂ්ඨ” නමින් හැඳින්වෙනවා. බහිරව පූජාවේ සියලු විස්තර දීර්ඝව පැවසීම පසෙකලා අෂ්ඨ බහිරව පූජාව ගැන පමණක් කාලීනව දැන ගනිමු.
සාමාන්‍යයෙන් බහිරවයාට දෙනවා හෝ බහිරවයා ගන්නවා කියන්නේ ගැමි භාෂාවෙන් අතුරුදන් වනවා කියන එකනේ. ඔය ගෙවල්වලදි යමක් නැති වුණාම එය සොයා ගන්න අපහසු වුණාම අහන්නෙ බහිරවය ගිල්ලද නැත්නම් ගත්තද කියලා. ඒකෙත් අරුතක් නැත්තේම නොවේ. අපට යමක් ලැබුණාම ඒකේ අතීතය පොළොව. පොළොවෙන් ලැබෙන සියලුම දේ අවසානයේදී අයිති වන්නෙත් පොළොවටමයි. ඒක ලෝක ස්වභාවධර්මය. මූලික වශයෙන් පාතාල බහිරව නැතහොත් අෂ්ඨ බහිරව නැතහොත් භූමි බහිරව සහ නිදන් බහිරව යනුවෙන් දෙවර්ගයකි. කෙසේ වෙතත් බහිරවයෝ අධිගෘහිත වන්නේ භූමියට නොඑසේ නම් පොළොවටය.
මේ විශ්වයේ උපන් සෑම දෙනා ගස්වැල් වැවිය යුතුමය. ඒ විශ්වයේ පැවැත්ම සඳහා ය. එසේ නොකළ හොත් විශ්වය කාන්තාරයක් වී ජීවියා මරණයට පත්වේ. මෙසේ ගස්වැල් නොවැවීමෙන් උත්තර ධ්‍රැවයේ හා දක්ෂිණ ධ්‍රැවයේ ඝණත්වය අඩුවී මනුෂ්‍යාගේ ජීවත්වීමට දැනටමත් මහත් තර්ජනයක් වී ඇති බව හරිත විද්‍යාඥයන්ගේ මතයයි. විශ්වය රැක ගැනීම ඉදිරි පරම්පරාවේ පැවැත්ම සඳහාම වේ. පොළොව මනුෂ්‍යයාට මෙන්ම සතුන්ට ද, ඇසට නොපෙනෙන පේ‍්‍රත, භූත, යක්ෂ යනාදීන්ටද එක සමාන අයිතියක් ඇත. පොළොව වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ ද මනුෂ්‍යයායි.
සාමාන්‍යයෙන් මනුෂ්‍යයා මේ පොළොව මත කිසියම් ව්‍යාපාරයක් හෝ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම වැනි දෙයක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා කිසියම් ක්‍රියාවලියක් පොළොව සඳහා කළ යුතුමය.
බහිරව පූජා කුමන නාමයකින් හැඳින්වුවත් කුමන අයුරකින් සිදු කළත් ඒ පාතාල බහිරවයා වෙනුවෙන් කරනු ලබන ක්‍රියාවලියයි. පොළොව ඇතුළු සියලුම දේ ඇති කරන්නේ මහ බඹාය. එය රකින්නේ විෂ්ණුය. විනාශ කරන්නේ ඊශ්වරයයා. ඡ්‍යොතිෂයට අනුව එසේ පැවසුවත් සිදුවන්නේ එකම දේය. ඕනෑම බහිරව තටුවක් දීමේදී ඊශ්වර තටුව මුලින්ම සාදන්නේ විනාශයකින් තොරව කාර්යය සම්පූර්ණ කිරීමටයි. දෙවනුව අෂ්ට මහා බහිරවයන්ට තටු සාදා නිම කළ අවසානයේදී පේ‍්‍රත තටුව සාදා නිම කිරීම කරනවා ඇත. මේ පේ‍්‍රත තටුව සෑදිමේදි අනුගමනය කළ යුතු ක්‍රමයකි. එනම් අහිකුණ්ඨික ක්‍රමයට සෑදිය යුතු වේ. එනම් දණහිසෙන් පහළ උසට සාදා ඉඩමේ නැත්නම් නිවෙසේ ඕනැම ස්ථානයකට ගෙන යා හැකි අයුරින් සැකැසිය යුතුය. ඒ පේ‍්‍රතයා වෙනුවෙනි. මේ පේ‍්‍රත තටුව මෙසේ තැනින් තැනට ගෙන යා හැකි අයුරින් සෑදිය යුත්තේ මන්ද? පේ‍්‍රතයෝ වර්ග කීපයක්ම මේ විශ්වයේ වාසය කරන බව පේ‍්‍රත වස්තුවේ සඳහන් වේ. සමහර පේ‍්‍රත-පේ‍්‍රතීන්ට අවශ්‍ය ස්ථානවලට ගමන් කිරීමට හැකියාවක් නැත. සමහර අයට ආහාරයක් දුන් විට ආග්‍රහණය කරනු මිස කිසිදු ප්‍රමාණයක්වත් ආහාරයට ගත නොහැකිය. වස්ත්‍රයක් දුන්විටද එය පිළිගැනීමටද නොහැකි අය සිටින බව බුදු දහමේද පෙන්නුම් කරයි. බුදුහිමියන් ජීවමාන කාලයේදි ඉන්දියාවේ වජිර නදිය අසලදී ආනන්ද හාමුදුරුවන් විසින් එක් පේ‍්‍රතියෙකුට දුන් රෙදි කැබැල්ල භාරගැනීමට නොහැකි වුණේ එවැනි පේ‍්‍රතීන් එකලද ජීවත්වූ නිසා බව පැහැදිලිය. ඒ පින් මදි කම නිසාම විය යුතුය. බහිරව තටුවක් දීමේදී පේ‍්‍රතයා අමතක කළ නොහැකිය. බහිරවයා කිසියම් හෝ හානියක් කිරීමට මත්තෙන් ඒ බව පේ‍්‍රතයා යම්කිසි පූර්ව හැඟවීමේ යාඥා කිරීමක් කරයි. සමහර විට පේ‍්‍රත තටුවක් දීමෙන් එම ස්ථානයේ කරදර නිමා කළ හැකි අවස්ථාද නැතිව නොවේ. එහෙත් බහිරව පූජාවක් දීමෙන් පොළොව සම්බන්ධ සෑම කරදරයක්ම නිමා කරගත හැකිය. නිවැරැදි බහිරව පූජාවක් දීමෙන් බහිරවයා ද පේ‍්‍රතයා ද එකවර සතුටු කිරීම කළ හැකි බව බොහෝ අය නොදන්නා කරුණකි. එවැනි බහිරව පූජා කළ යුතු වන්නේ කිසියම් ඉඩමක කිසියම් ව්‍යාපාරයක් හෝ ස්ථිර ගොඩනැඟිල්ලක් ඉදි කරන අවස්ථාව දීය. විශේෂයෙන් වාසස්ථානය සඳහා නිවෙසක් ඉදිකරන අවස්ථාවන්වල දීය. විශේෂ කරුණකි. මේ බහිරව පූජාව කිසියම් හේතුවකින් ප්‍රමාද වුවහොත් නියමිත බහිරවයා එම ප්‍රමාදය ගැන කෝප නොවේ. අවශ්‍ය කාරණය සපුරා අඩුම තරමින් මාස 3ක් නැතහොත් දින 90 ක කාලයක් තුළ මේ බහිරව පූජාව ප්‍රමාද කළ හැකිය. තම අවශ්‍යතාවය සපුරා අවසන් වුවත් නොසැලකිලිමත්කමින් මේ පූජාව නොකළ හැරියහොත් බහිරවයාගෙන් කරදර ක්‍රමයෙන් ඉස්මතුවන බවක්, ක්‍රමයෙන් එම කරදර නිවැසි හිමියාට හෝ ව්‍යාපාර හිමියාට සිදුවන බවත් ස්ථානීය දියුණුව ක්‍රමයෙන් කඩාවැටෙන බවත් සඳහන් කළ යුතුම ය. එම අවස්ථාවට පූර්ණ බහිරව පූජාවක් සිදු කළ යුතුම වේ. සාමාන්‍යයෙන් මේ කාර්යය සඳහා එක්දින රාත්‍රී කාලයක්ම ගතවන බවත් දැනගත යුතුමය. පේ‍්‍රත තටුව සැකසීමේදී පුද වශයෙන් නොඉඳුලෙන් බතක්, කැවිලි, පලතුරු යනාදිය තැබිය යුතු අතර විශේෂයෙන් බැඳුම්, රා, අරක්කු, දිය-ගොඩ මස්, අඳුන්, ගම් බිත්තරයක් වැනි දේ තැබීම අත්‍යවශ්‍යය. ඉහත සඳහන් දේවල් ඉතා සුළු වශයෙන් තබන නිසා වැඩි වියදමක් නොවන බවද කිවයුතු වන්නේය. යාගය, අවසානයේ පේ‍්‍රත තටුව ස්ථානයෙන් පිටත කිසියම් ස්ථානයක රැඳවීමේදී එම තටුවට අරක්ගත් නියමිත පේ‍්‍රතයා එම ස්ථානයේ රැඳවීම නම් අත්‍යාවශ්‍යම කරුණකි. මේ කර්තව්‍යය ගුප්තශාස්ත්‍රයේ දිෂ්ටිය හිරකිරීම යනුවෙන් සඳහන් වේ. මේ සඳහා දිෂ්ටි හිරකිරීමේ මන්ත්‍රය පාවිච්චි කළ යුතුමය.
නිදන් බහිරවයා සඳහා අනුගමනය කරන ක්‍රමය මීට වඩා හාත්පසින්ම වෙනස් එකකි. නිදන් බහිරවයා ඇති වන්නේ මෙසේය.
එකල රාජ භාණ්ඩාගාරයේ රන්රිදී, මුතු මැණික් ඇතුළු වටිනා භාණ්ඩ ගබඩා කර තිබූ බව නොරහසකි. ඒවා කලින් සඳහන් කළ පරිදි පොලෝ තලයෙන් මතුවු දේවල්ය. එම සියලුම වටිනා භාණ්ඩවලින් කොටසක් අලුතින් සාදන ලද දාගැබ් වෙහෙර විහාර ගර්භයේ හෝ පිළිම තුළ හෝ කිසියම් රහස් ස්ථානයක ඉතා ආරක්ෂිත වන සේ තැන්පත් කිරීම රජතුමාගේ රාජකාරියක්ව පැවතිණ. වර්තමානයේදී ද එසේම කරන බව පැහැදිලි කරුණකි. ධාතු නිදන් කිරීම යනුවෙන් කරන්නේද එයමය.
පුරාණ රජ කාලයේ මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයා සතියක් මාසයක් හෝ රජතුමා නියම කරන පරිදි එම දිනයට හිස ගසා මරණය සිදුකර දමනු ලැබීය. විධානය දුන් දිනයේ සිට මරණය සිදුකරන දිනය දක්වා මේ මරණකරු කැමැති රජ බොජුන් දීම කරනු ඇත. මරණය සිදුකරන දිනයේ සුපුරුදු ආකාරයට වදමල් එල්ලා මිනිගෙඩි සොලවා මිනි අභරණ අන්දවා අවශ්‍ය තැනට කැඳවා ගෙන යනු ලැබේ. එය වර්තමානය දක්වා පැවතීගෙන ආ ක්‍රමයයි.
නිදන් කිරීමට අවශ්‍ය වටිනා භාණ්ඩ නියමිත ස්ථානයේ තබා මේ මරණකරුට පෙන්වා ඒවා ඔහුට භාර ගැනීමට ආශාව ඇති කරයි. එය යම් දිනයකදී කාට හෝ භාර දිය යුතු නම් ඒ ක්‍රමයද දන්වා සිටියි. එවිට මේ රන්රිදී වටිනා භාණ්ඩ ගැන දැඩි තෘෂ්ණාව උපද්දවා ඔහුගේ චුති චින්තයේ මේ ආශාව ඇතිකරවා එනම් සදාකාලිකව මේ වස්තුව රැකීමට ඔහුට ආශාව ඇතිකර සිටියදී ඔහුව මරා දමනු ඇත. චුති චින්තය ඇතිවු හෙයින් නැවත උත්පත්තිය ලැබුවේ නම් නිදන් බහිරවයෙක් ලෙස ඔහු මේ ස්ථානයේ උපත ලබන බව නිදන් වදුලේ සඳහන් වන අතර මේ සියලුම විස්තර එම රාජභාණ්ඩාගාරයට අයත් නිදන් වදුලේ සඳහන් කරයි. එහි සඳහන් වන ආකාරයට මිස වෙනත් කිසිම ආකාරයට මේ නිදන් ගොඩ දැමීමෙන් සිදුවන්නේ මරණයයි. එය නිදන් බහිරවයාගේ එකම කාර්යය වන්නේය.
කිසියම් කෙනකු මේ නිධානය ගැනීමට නිදන් වදුලේ සඳහන් පරිදිම පුද පූජා දී එසේ සඳහන් වූ ආකාරයටම ගත යුතු බවද දත යුතු වන්නේය. නිදන් බහිරව පූජාව යනු එයම වන බව ද දැනගත යුතු වන්නේය. පොළොවට අයිති සියලුම දේ පවතින රජයට අයත් බව ප්‍රායෝගිකව දැනගත යුතුය. එය නිදන් වදුලේ සඳහන් නීතියයි.
පාරම්පරික ගුප්තවිද්‍යාධර / ඡ්‍යොතිෂවේදී
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න