තක්කාලි යුෂ කල්තබා ගන්නා ක්‍රමය

ජුනි 14, 2024

 

තක්කාලි යුෂ ගෙදරදී මේ ලෙස සදා ගනිමු. එසේ සාදාගතහොත් කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවී තක්කාලි කල් තබාගත හැකිය. මිල අඩු කාලයට ඔබට තක්කාලි යුෂ බෝතල් කළ හැකිය. ශීතකරණයේ නොතබා කල්තබා ගෙන මිල අධික කාලයට භාවිත කළ හැකිය.

අවශ්‍ය ද්‍රව්‍යය- තක්කාලි

ලොකු සාස්පනක්

විදුරු බෝතල්

සාදන ක්‍රමය -

සාස්පනක් ගෙන එහි අඩියේ රෙදි කැබැල්ලක් අතුරන්න. ඒමත විදුරු බෝතල් අසුරා වතුර පුරවා විනාඩි 30 බෝතල් තම්බගන්න. රෙදි කැබැල්ල බෝතල් නොබිදී සිටීමට උපකාර වේ.

විනාඩි 30 පසු ලිපෙන් බා නිවෙන්න තබන්න. වතුර රස්නය අඩු වුණ විට බෝතල් ඉවත් කර බෝතලේ කට යට අතට නමා වේලෙන්න තියන්න.

තක්කාලි ගෙඩියේ උඩ පිහියෙන් කතිරයක් ලෙස යන්තම් කපා ගන්න.

1 වැනි ක්‍රමය- සාස්පානක් ගෙන වතුර දමා උතුරා ගන්න. වතුර උතුරන විට තක්කාලි දමා විනාඩි 5ක් පමණ තක්කාලි තම්බන්න. ගෙඩිවල ප්‍රමාණය අනුව තැම්බිමේදී පොත්ත කපපු තැනින් ඉවත් වී ගෙඩිය එළියට එන විට ලිපෙන් ඉවත් කර වතුර පෙරා ගන්න. එවිට පොත්ත ඉවත් කරගන්න ලෙහෙසි වෙයිි. අවශ්‍ය නම් ඇට ද ඉවත් කර ගන්න. බ්ලෙන්ඩර් කර බෝතල්වල අසුරන්න. මේ ආකාරයට සදා ගත හොත් යුෂ පුරවා ගත් බෝතල් නැවත උනුවතුරේ තම්බා ගත යුතු නැත .

2 වැනි ක්‍රමය-තක්කාලි සෝදා කපා ඇට ඉවත් කර ළිප තබන්න. තැම්බුණ පසු බ්ලෙන්ඩ් කර ජිවනුහරණය කළ බෝතල් වලට තක්කාලි සෝස් උණුවෙන්ම දමා හොඳින් මුඩිය වසන්න. බෝතලේ කට ළගටම පුරවන්න එපා. පොත්ත ඉවත් කරගත් තක්කාලි බ්ලෙන්ඩ්කර හෝ ගෙඩි පිටින් හෝ කැබලි කපා තම්බා වියළාගත් බෝතලවල වාතය නොරැඳෙන සේ හොඳින් තදකර පුරවා ගන්න. පුරවගත් බෝතල් පියන් හොඳින් වසා ගන්න. වසාගත් බෝතල් නැවත කට පහළට සිටිනසේ තබා ගන්න.

නැවත බෝතල් තම්බාගත් සාස්පානට වතුර දමා ඒ මත රෙදි කැබැල්ලක් දමා පුරවා වසාගත් තක්කාලි බෝතල් සාස්පානෙහි බස්සවා විනාඩි 30ක් පමණ ළිප මත තබා ගන්න. පසුව බෝතල් එළියට ගෙන අඳුරු තැනක තබන්න. මෙලෙස සාදා ගන්නා තක්කාලි යුෂවියළි අඳුරු ස්ථානයක වසරක පමණ කාලයක් කල් තබා ගත හැකිය.

 

උපදෙස්

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.