සියලු නපුරෙන් මුදවන කැට්ස් අයි

ජුනි 7, 2024

විශ්වකර්මයා විසින් ලොවට දායාද කළ විස්මිත ගුණදෙන මැණික්මය ඛණිජයක් ලෙස පැරැන්නෝ ගෞරව බහුමානයෙන් යුතුව කැට්ස් අයි (Cat’s eye) සලකති. මේ මැණික් විශේෂය අන් කවර මැණික් පලඳනාවකටත් වඩා සුවිශේෂ ගුණාංගවලින් පිරිපුන්ය. මිනිසාගේ ධනය සහ සමෘද්ධිය ඉතා කෙටිකලකින් වර්ධනය කිරීමට ඉවහල් වන ශක්තිමත් පාරභෞතික බලයන් හා ගුණාංග සමුදායක් තිළිණ කිරීමට මේ මැණික් විශේෂය උපයෝගී වෙතැයි මිනිසා තුළ තදබල විශ්වාසයක් ගොඩනැඟී ඇත.

එය අන් කවරකටවත් වඩා අනපේක්ෂිත අනතුරුවලින් ආරක්ෂාවීමටත්, නපුරෙන් මිදීමටත් සතුරු උපද්‍රවවලින් පූර්ණ රැකවරණය සඳහාත් අයෝමය ශක්තියක් ලෙස සලසනු ඇතැයිද මිනිසාගේ විශ්වසනීයත්වය ප්‍රබල ලෙස සහ බිඳිය නොහැකි ලෙසම කාලාන්තරයක් තිස්සේම අඛණ්ඩව ගොඩනැඟී ඇත.

සුප්‍රසිද්ධ, ලෝක ප්‍රසිද්ධ භූවිද්‍යාඥ ඒබ්‍රහම් ගොට්ලොබ් වර්නර් විසින් 1789 දී මෙම කිසොබෙරිල් Cat’s Eye  මුල් මැණික් විශේෂයක් ලෙස හඳුනා ගැනිණි. එකල එය සරලව Cat’s Eye
 ලෙස වෙළෙඳාම් කළ හැකි එකම මැණික් වර්ගය විය.

අනෙකුත් සියලුම වර්ග Cat’s Eye  quartz  හෝ Cat’s Eye  apatite  ලෙස සටහන් කළ යුතුය.

Cat’s Eye  නිර්මාණය වීම පිළිබඳ විවිධ අදහස් ඇතත් එහි වඩාත් ප්‍රබල නිර්වචනය වූයේ රෝම කතුවරයකු, ස්වභාව විද්‍යාඥයකු, ස්වභාවික පාරිසරික දාර්ශනියකු මෙන්ම මුල් රෝම අධිරාජ්‍යයේ හමුදා අණ දෙන නිලධාරියා වන ප්ලිනි මෙයට වසර 2000කට පෙර ලියා ඇති ග්‍රන්ථයක සඳහන් වනුයේ අයිස්බර්ග්වලින් ක්වාර්ට්ස් ස්ඵටික සෑදී ඇත්තේ අඳුරු අවිච්ඡින්න ඉරිතැළීම්වල සහ කඳුකර ගුහා තුළ බවයි. ඒවා Cat’s Eye  quartz  වසර දහස් ගණනක සිටම මැණික් විශේෂයක් ලෙසද, ආගමික වස්තුවක් ලෙසද භාවිත කර ඇත.

Cat’s Eye  මැණික් පැලඳ සිටින්නාට නිරන්තර වාසනාව ගෙන දෙන බව සෑමවිටම විශ්වාස කෙරිණි. Cat’s Eye  ජනපි‍්‍රය වූයේ 19 වැනි ශතවර්ෂයේ අවසානයේ එය කොනාට් ආදිපාදවරයා විසින් විවාහ ගිවිස ගැනීමේ සංකේතයක් ලෙස තම පි‍්‍රයාවියට ලබා දීමත් සමඟය.

ධනය හිමිව තිබූ අයකු ඔහු හෝ ඇය කිසියම් හේතුවක් නිසා ධනය නැතිවී දුප්පතකු බවට පත්වූවද මේ මැණික් විශේෂය පැලඳීමෙන් එම නැතිවූ ධනය නැවත ලබා ගැනීමට මිනිසුන්ට උපකාරයක් වන බව පොදුවේ ඇති බලවත් විශ්වාසයකි.

බළලුන්ගේ ඇසක් වැනි විනිවිද යන ඉරක් එම මැණික තුළ දෝලනය වෙයි. එය එහා මෙහා යනසුලු චලන ස්වභාවයක් ද ඇත. මැණික් ගලෙහි සමාන්තර කෙඳි, ඉදිකටු හෝ සියුම් නාලිකා මඟින් ආලෝකය පරාවර්තනය වීම නිසා ජීවගතියක් පෙන්නුම් කරයි.

මිනිසාගේ අක්ෂි ශල්‍යකර්ම කිරීමේදී එහි සාර්ථකත්වය උදෙසා මේ මැණික් විශේෂය පැලඳ ගනියි. ඇසේ ආබාධ, සැත්කමින් පසුව එන පශ්චාත් කම්පන තත්ත්වයන්ගෙන් ආරක්ෂාවී එය යථා තත්ත්වයට පත්කිරීමටත්, පිළිකා සුව කිරීමටත්, රාත්‍රි පෙනීම වැඩි කිරීමටත් රුධිරයේ සීනි තත්ත්වය පාලනය කිරීමටත් සංචලනය ප්‍රවර්ධනය කිරීමටත් උපකාරි වන බව විශ්වාස කෙරෙයි.

Cat’s Eye  quartz  හොඳ විනිශ්චයක් ගෙන දෙන අතර, ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මහෝපකාරි වන බවත්, බුද්ධිය වැඩිදියුණු කිරීමට සහ කෙනෙකුගේ මානසික හැකියාවන් සහ මානසික චිත්තබලය වර්ධනය කිරීමටත් ඉවහල් වන බවට විශ්වාස කෙරෙයි.

භූ විද්‍යාත්මකව බලන කල ඛ්චබ’ඵ ඥරඥ quartz  යනු පෘථිවියේ බහුලවම ඇති තනි ඛණිජය වන ක්වාර්ට්ස් ඛණිජයේ සාර්ව ස්ඵටික ප්‍රභේදයකි. සමහර ක්වාර්ට්ස්වල පෙනෙන chatoyant  හෝ cat’s eye  ආවරණය සාමාන්‍යයෙන් සිදුවන්නේ ක්වාර්ට්ස් තුළ සමාන්තර දිසානතියේ ඇති තන්තුමය ඛනිජ ඇතුළත් කිරීම් හෝ නළ වැනි කුහර පැවතීමයි.

ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ cat’s eye මැණික් වර්ගය වන්නේ chrysoberyl cat’s eye  වෙයි. මේවා ශ්‍රී ලංකාව, බ්‍රසීලය, ඉන්දියාව, චීනය සහ සිම්බාබ්වේ යන රටවල දක්නට ඇත. තවත් සමහර මැණික් විශේෂයන් ඉන්දියාව, පාකිස්ථානය, රුසියාව, ටැන්සානියාව, මැඩගස්කරය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ද ඇත.

මෙම මැණික් විශේෂය දෘඪතාවය (දැඩි බව) 7 (mons) වෙයි. රසායනික සංයුතිය sioz රිදී - සුදු ඉරි සහිත කළු සිට අළුගල් දක්වා වර්ණ ප්‍රභේද ඇත. නිශ්චිත ගුරුත්වාකර්ෂණය 2.64 -2.71 දක්වා වෙයි. වර්තන දර්ශකය 1.544 - 1.553 දක්වා වෙයි.

අද්භූත සහ අද්විතීය විසිතුරු ආභරණ සැලසුම් කිරීමට Cat’s Eye  ඉතා අගනේය. පිරිමි පාර්ශ්වය සඳහා පලඳන මුදු, මාල, විශේෂිත අත් පලඳනා shint  ස්ටඩ් සහ කෆ්ලින්ක් මෙන්ම ස්ත්‍රී පාර්ශ්වයට ගැළපෙන යුගල කරාබු, පෙන්ඩන්ට්, මාල පලඳනාවලට ද නූතනයේ යොදා ගනී. මෙය වඩාත් අලංකාර වන්නේ අනිකුත් මැණික් වර්ග සම මිශ්‍රකොට ආභරණවල ඔබ්බවා පලඳින විටය.

ශාරීරික උත්තේජකයක් ලෙස ද, අසනීපවලට ඔසුවක් ලෙසද, මානසික ප්‍රබෝධය ඇතිකරන, අනතුරුවලින් වළක්වන, සරලව දක්වතොත් සියලු නපුරෙන් වළකාලීමේ ගුප්තමය බලයක් මේ මැණික් පලඳනාව සමඟ එක්තැන් වී පවතී. එය මානවයාගේ හිතසුව පිණිස, ඉහළ මානසිකත්වය කරා ගෙන යාමට සුවිශේෂ වූ උපකාර ගන්වනු ඇතැයි සමස්ත ලෝකයා තුළ තදබල විශ්වාසයක් ගොඩනැඟී ඇත.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.