රුද්‍රාක්ෂ වර්ග සහ භාවිතය

ජුනි 7, 2024

 

රුද්‍රාක්ෂයේ විවිධ ගුණ පිළිබඳ පසුගිය සතිවල අපි කතා කළෙමු. සුබසෙත පාඨකයන් වෙනුවෙන් ඒවා හඳුනාගැනීමේ ක්‍රම පිළිබඳ මෙසේ පැහැදිලි කරන්නෙමු.

රුද්‍රාක්ෂයක සැකැස්ම පරීක්ෂා කිරීමේ දී එහි ලෙල්ල ඉවත් කළ විට දක්නට ලැබෙන්නේ පොල්කටුවක මෙන් තද බවකි. එය කැටයම් සහිතය. කානු දෙකක් මැදින් තීරුවකි. එය මුහුණ හෙවත් මුඛී යනුවෙන් හැඳින්වේ. හිස කඳ පාදම වශයෙන් කොටස් 3කට බෙදේ. උඩ කොටස බ්‍රහ්ම පාදය ලෙසද, මැද කොටස විෂ්ණු පාදය ලෙසද පහළ කොටස ශිව පාදය ලෙසද හැඳින්වේ. ඇතැම් රුද්‍රාක්ෂවල කැටයම් සහිත මූණෙහි ස්වස්ථිකය, ශංකය, ත්‍රිෂූලය දක්නට ලැබේ.

රුද්‍රාක්ෂ ගසෙන් ගෙඩි වර්ග 30ක් වැටෙන අතර ඉන් භාවිතයට ගනුයේ 21ක් වර්ගයකි. රුද්‍රාකෂ පිළිබඳ වගුවක් පිළියෙල කිරීමේ දී ශරීරයේ ඉන්ද්‍රියයන් හා ස්ථාන නියෝජනය, විශේෂ අවශ්‍යතා නිර්දේශිත රුද්‍රාක්ෂ වර්ග දැක්විය හැකිය.

1.ඒක මුඛී, ශිව, රවි - හෘදය, අස්ථි, චර්ම, මුත්‍රා, ආශ්මරී, ජීරණ ආබාධ

2.ද්විමුඛී අධිනාරිශ්වර, සඳු - හෘදය, පෙණහලු ආබාධ, වම් ඇස, ලියුකේමියා, අක්මාව, මුත්‍රාශය, මානසික ආබාධ

3.ත්‍රි මුඛී, අග්නි දේව, කුජ - රුධිර පීඩනය, කොළරාව ජනන ඉන්ද්‍රිය

4. චතුර්මුඛී, බ්‍රහ්ම, බුධ - කර්ණාබාධ, උගුර, ආඝාතය, පෙණහළු, අත්

5. පංච මුඛී, කාලාග්නිරුද්‍රා, ගුරු - අක්මාව, අම්ලපිත්ත, රුධිරවාහිනී, කලවා ආබාධ, කශේරු ආබාධ, හෘද ආබාධ

6. සයමුඛී, කාර්තිකේය සහ ගනේෂ, සිකුරු - උගුර, ගෙල, වකුගඩු, ජනන ඉන්ද්‍රිය, ස්නායු, නහර

7.සප්තමුඛී, ශ්‍රී ලක්ෂ්මී, අනංග, ශනි - ආමාශ ආබාධ, ආඝාත, ගර්භාෂ ආබාධ.

8. අෂ්ටමුඛී, කාර්තිකේය, ගණ දෙවි, විෂ්ණු, රාහු - ස්නායු ආබාධ, මුත්‍රාශය, ස්වසන ආබාධ, වෘෂණ කෝෂ ආබාධ

9. නවමුඛී, දුර්ගා භෛරව, කේතු - මොළේ ආබාධ, පෙණහලු, ජනන ඉන්ද්‍රිය, අක්ෂි රෝග, ගබ්සාව, සංසේචන දුර්වලතා

10. දසමුඛී, විෂ්ණු, යමරාජ, කාර්තිකේය - පීනස, කර්ණාබාධ, සංසේචන දුර්වලතා

11. එකොළොස් මුඛී, හනුමන් ඉන්ද්‍ර - රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව

12. දොළොස් මුඛී, විෂ්ණු සූර්යදේව - චර්මාබාධ, නාසික්‍ය දෝෂා, රුධිර පීඩනය.

13. තෙළෙස් මුඛී, ඉන්ද්‍රා කාමදේව - උගුරේ ආබාධ, වකුගඩු ආබාධ, මුත්‍රා ආබාධ, සන්ධිස්‍රෝත, ස්නායු හා මානසික දුර්වලතා.

14. තුදුස් මුඛී, හනුමන්, මහා ලක්ෂ්මී, විෂ්ණු - ආමවාත, ආඝාත, ගබ්සා, සන්ධිස්‍රෝත, හෝමෝන දුර්වලතා

15. පහළොස් මුඛී, ශිව - හෘදයාබාධ, අක්ෂි ආබාධ, උගුරේ ආබාධ

16. සෙළොස් මුඛී, රාමා, මහා කාල ඍෂි - මානසික ආබාධ, උපදංශ ආවම

17. දාහත් මුඛී, විශ්වකර්ම, කන්‍යායනී - චර්ම රෝග, ආමවාත, උපදංශ

18. අටළොස් මුඛී, පොළව මහීකාන්තා - ගබ්සාවීම්, නීරෝගි දරු ප්‍රසූති

19. දහනව මුඛී, විෂ්ණු - ගබ්සාවීම්, ලිංගාශි‍්‍රත රෝග, වෙනත් අසාධ්‍ය රෝග

20. විසි මුඛී, මහාබ්‍රහ්ම - දියවැඩියාව, බිහිරි බව, ග්‍රහ දෝෂ, අක්ෂි දුර්වලතා

21. විසි එක් මුඛී, ශිව කුවේර - මිනිස් සිරුරේ පුරුෂ ශක්ති වර්ධනය, සමෘද්ධිය

විශේෂ අවශ්‍යතා සඳහා

රුද්‍රාක්ෂ

පවුලේ සමඟිය, බාහිරව එන ප්‍රශ්නවලින් වැළකීම - ද්වි මුඛී රුද්‍රාක්ෂය

ජීවිතය පුරා දියුණුව - මුඛී, 11 මුඛී, 19 මුඛී රුද්‍රාක්ෂයක් පැළඳීම

මානසික දුර්වලතා දුරුවීම - 4 මුඛී, 6 මුඛී, 11 මුඛී එකක්

වෘත්තීය දියුණුවට, කලාත්මක නිර්මාණ කරුවන්ට, චිත්‍රපට, ටෙලිනාට්‍ය, රඟපෑම ආදී - 6 මුඛී හෝ කෙලෙස් මුඛී රුද්‍රාක්ෂය

නින්ද නොයෑම සහ කාංසාව - 10 මුඛී රුද්‍රාක්ෂය

පරිපාලන ශක්‍යතාව, අධිකාරිත්වය, පෞරුෂ බලය -

12 මුඛී රුද්‍රාක්ෂයක්

අමනුෂ්‍ය දෝෂ, ඇස්වහ දුරුවීමට, ඊර්ෂ්‍යාකාරයන්ගෙන් ආරක්ෂාවට -

9 මුඛී, 10 මුඛී, 11 මුඛී රුද්‍රාක්ෂයක්

තර්ජන, ගර්ජන, හතුරු බිය වැළැකීමට - 9, 10, 11 රුදාක්ෂ 3ක ප

විවාහ ජීවිතයේ සතුට සමාදානයට - ද්වි මුඛී රුද්‍රාක්ෂයක් සමඟ ගෞර ශංකර රුද්‍රාක්ෂයක්

සෑම දෙයකින්ම ජයග්‍රහණයට සහ හතුරු බල මර්දනයට - 16 මුඛී රුද්‍රාක්ෂය

ව්‍යාපාර සාර්ථකත්වයට ලොතරැයි හා අශ්ව රේස්වලින් ජයග්‍රහණයට - 14 මුඛී හෝ 17 මුඛී රුද්‍රාක්ෂයක්

ධාරණය, අධ්‍යාපනික දියුණුව, අධිරුධිර පීඩනය හා දියවැඩියාව වැළැක්වීමට -

4 මුඛී සහ 6 මුඛී රුද්‍රාක්ෂයක්

ආමවාත, අජීර්ණ, ආමාශගත ආබාධ -

3 මුඛී, 5 මුඛී සමඟ 12 මුඛී රුද්‍රාක්ෂයක්

මහජන සම්බන්ධතා සහ නව ව්‍යාපෘති -

18 මුඛී රුද්‍රාක්ෂයක්

දරුවන්ගේ ප්‍රශ්න සහ රෝගාබාධ විසඳීමට -

12 මුඛී හෝ 18 මුඛී රුද්‍රාක්ෂයක්

ධනයෙන් බලයෙන් උසස් වීමට - 15 මුඛී රුද්‍රාක්ෂයක්

වෘත්තීය හා ව්‍යාපාරික දියුණුවට, භාවනාවෙන් උසස් තලයකට ඒමට - 1, 3, 5, 9, 11 මුඛී රුද්‍රාක්ෂ සහ ගෞරී ශංකර් රුද්‍රාක්ෂයක්

එතෙර ජීවත්වීමට, ආරක්ෂාවට හා දියුණුවට -

1 මුඛී සිට 14 මුඛී සිද්ධමාලයක් හෝ 11 මුඛී හෝ ත්‍රි එකක්.

භෞතික දියුණුවට ආධ්‍යාත්මික දියුණුවට සෑම අතින්ම ආරක්ෂාවට - 1 මුඛී, 21 මුඛී ත්‍රිපුජ්‍ය රුද්‍රාක්ෂයක්

මෙසේ අවශ්‍යතාවට අනුව භාවිත කළ යුතු රුද්‍රාක්ෂ ගැන පැහැදිලි කළද අධික වියදමද දැරීමට සිදුවන්නේ නම් පංච මුඛී රුදාක්ෂයකින් අවශ්‍යතාව ඉටුකරගත හැකි ය.

අදාළ බීජ මන්ත්‍ර ගයත්‍රි මන්ත්‍ර සහ බල වර්ධන මන්ත්‍රද භාවිත කරමින් අෂ්ටෝත්තර නාම පූජා ද කළ යුතුය. තමා විසින් ද සති 3 හෝ 4 කට වරක් රුද්‍රාක්ෂ ජීවම් කිරීමෙන් අපේක්ෂිත ගුණය ළඟා කරගත හැකිය.

 

අංක විද්‍යා ඡ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.