වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වාහන කැඩුණු කොණ්ඩදෙණියේ හිමිවරුන්ගේ කතා
මාර්තු 29, 2024
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ නොපැකිළ වූ අවස්ථාද එමටය.
ඒ ‘හාරලක්ෂයේ මංකොල්ලය’ සිදු වූ සමයයි. මංකොල්ලය පසුකාලීනව සියලු දෑ හෙළිදරව් විණි. කතා පුවත හා සම්බන්ධ එක්තරා පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ ආරාධනය මත ගුරුකමක් කිරීමට කොණ්ඩදෙණිය සිට විජේරාමයට වැඩම කිරීමට හිමියන් යොදා ගත්තේ තමන් වහන්සේට පරිත්‍යාගයක් ලෙස ලැබුණු තරමක් පරණ ජීප් රථකයකි.
අතරමඟදී රථයේ දෝෂයක් හට ගන්නට විය. රථයේ රියැදුරුට කාර්මික දෝෂයක් නිවැරදි කර සකසා ගැනීමට එතරම් දැනුම් නොවීය. එනිසා කැඩුණු රථය අවට පිරිසගේ සහායෙන් තල්ලු කොට නුගේගොඩ බෝගහහන්දිය අසල එවකට තිබූ තරමක් ලොකු ගරාජයකට ගෙන ඒමට ඔවුන් සමත් විය.
එදා නුගේගොඩ පැවතියේ ග්‍රාමීය පරිසරයකි. අද මෙන් ජනාකීර්ණද නොවිණි. මෝටර් රථ භාවිතයද අවම ප්‍රමාණයක් විය. එබැවින් ඉඳහිට තමන් වෙත රැගෙන එන වාහන අලුත්වැඩියා කොට අධික මුදලක් සේවාදායකයාගෙන් අය කර ගැනීමට ගරාජ හිමිකරුවා පුරුද්දක් කොට ගෙන තිබිණි. ගරාජයටම අල්ලා ඔහුගේ දෙමහල් නිවසද ඉදිකර තිබිණි.
කෙසේ හෝ හිමිගේ රථය කඩිමුඩියේ අලුත්වැඩියා කරන ලදුව එහි වූ කාර්මික දෝෂය සකසන ලදි.
“ඔන්න මගේ වැඩේ අහවරයි. මගේ ගනුදෙනුව රුපියල් දහසයි. අලුත් කෑල්ලකුත් දාලයි තියෙන්නෙ”
ගරාජය හිමිකරු පැවසීය. එකෙණෙහිම අලුත්වැඩියා කරන තැනම රැඳී සිටි හිමියන්ගේ රියැදුරු හඬ අවදි කළේය.
“අලුත් කෑල්ලක් දානව නම් මම දැක්කේ නැහැ නොවැ”
“කාරි නැහැ. කාරි නැහැ...මහත්තයෝ, මේ හදිසියට මා ළඟ රුපියල් දහසක් නැහැ නොවැ එනිසා හැන්දෑ කොරේ ඒ මුදල් නොවරදවාම ගෙනත් දෙන්නම්. හදිසි ගුරුකම් වැඩකට ආපු ගමනක් නොවැ”
“එහෙනම් හාමුදුරුවනේ ඒ ගුරුකම් වැඩ අහවරකොට ඇවිත් මගේ මේ ගාස්තුව ගෙවල ජීප් එක අරන් යන්න එතකම් මෙතනින් අඩියක් වත් හොල්ලන්න ඉඩ තියන්නෙ නැහැ.”
හාමුදුරුවන්ගේ රියැදුරු ගරාජ හිමියා සමීපයට ගියේය.
“උන්නැහැ දන්නවද? මේ හාමුදුරුවො කවුද කියල?
යන්ත්‍ර මන්ත්රවලට සුප්‍රසිද්ධ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ”
“මම දන්නා දෙණියක් නැහැ අයිසේ”
මම ඔය යන්ත්‍ර මන්ත්‍ර තඹ පිච්චියකට මායිං කරන්නේ නැහැ”
“අපි කවදාවත් ඕව විශ්වාස කරන්නේත් නැහැ හලෝ වාහනය අරන් යන්න ඉඩ නොදුන්නොත් මොකද එයා මගේ ගැරේජ් එකට ගිනි තියන්ඩද? ඔහේ දැනගන්නව මම හොඳ සල්ලිකාරයෙක්. එයා මාව හිඟමනේට ඇද දාන්නද? මම ඕවට බය නැහැ. හාමුදුරුවො කවුරු වුණත් මට කමක් නැහැ. හරි හමං සල්ලිභාගයක්වත් නැතිව මහලොකුවට වාහන පාවිච්චි කරන්නේ”
“හොඳයි ඩ්‍රැයිවර් උන්නැහේ අපි පයින් යමු. හවස් කොරේ කාගෙන් හරි සල්ලියක් ඉල්ලගෙන ඇවිත් වාහනේ අරගෙන යමු.”
දෙදෙනා සැතපුම් කිහිපයක් පයින් ගමන් කොට තම සේවා ලාභියාගේ නිවසට පැමිණියහ. හිමිගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහු බලා සිටියේය.
හිමියෝ තම සේවාදායකයාට අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර කඩිනමින් ජප කරන්නට වූහ. නිවෙසේ හතර කොනින් පස් කුඩා ප්‍රමාණයක් ගෙන තාච්චියකට දමා රත්කොට පුපුරු ගසමින් බැදෙන්නට සැලැස්වීය. ඉන් ඉතා ස්වල්පයක් ගෙන කහදියර ඉහ නිවා සිංහ තෙල් බිඳුවක් සමඟ කුඩා රත්රන් සුරයකට දමා ඔහුගේ ගෙල පැලඳවීය.
“මහත්තයෝ බය නැතිව වැඩේට යන්න. මේ එන ගමනේදී ගැරේජ් කාරයෙක් මට කොලොප්පමක් කළා. එයාටත් පාඩමක් උගන්වලයි මම යන්නේ.”
එක නැට්ටෙ දෙහි ගෙඩි තුනක් ගෙන්වා ගත් හිමියෝ් ඊට මන්ත්‍ර ජප කරන්නට වූහ. ඒ සමඟම දෙහි ගෙඩි තුන රතු පැහැ ගැන්වී තිබිණි.
“ඩ්‍රැයිවර් කොල්ලෝ, මේ දෙහි ගෙඩි තුන අතට ගනිං. මම ගැරේජ්කාරයට සල්ලි දෙන අතරේ ගැරේජ් එකේ පැත්තක දාල තියෙන අබලි ටයර් එකක් ඇතුළට දෙහි ගෙඩි තුන දමාපං”
කාරයේ ඩ්‍රයිවර් හිමිගේ අණට කීකරු විය.
“මෙන්න තමුසෙගේ ගාස්තුව. අපි වාහනේ අරගෙන යනවා”
මාස ගණනාවකට පසු තවත් ගුරුකම් වැඩකට නුගේගොඩට වැඩම කළ හිමියන්ට දැක ගත හැකි වූයේ එදා තිබූ ගරාජයත් දෙමහල් නිවසත් ගින්නකින් දැවී ගොස් තිබූ සුන් බුන් පමණි.
ඒ අසල පිහිටි කුඩා බුලත්විට කඩයකින් හිමියන් ඒ ගැන විමසීය. “හාමුදුරුවනේ, දැන් ඒක වැහිල ගිහින් මාස, දෙක තුනක් වෙනවා නොවැ හදිසි ගින්නකින් ගරාජයේ නවතා තිබූ වාහනත් තට්ටු දෙකේ ගෙයත් සම්පූර්ණයෙන්ම දැවිල ගියා. මිනිසා හතර වටේටම ණයකාරයෙක් වුණා. ඒවා ගෙවලම ගැරේජ්කාරයාගේ මුළු දේපළම ඉවරයි. අන්න මිනිහා අර බෝගහ යටට වෙලා හිඟමන් යදිනවා.”
කොණ්ඩදෙණියේ වත්මන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ මෑතකදී තම වාහනයෙන් අලුයම රාජකාරි කටයුත්තකට කොණ්ඩදෙණිය සිට මහනුවර බලා පිටත් වූහ. කටුගස්තොටට ළඟාවීමත් සමඟම වාහනය ලෙඩ දෙන්නට විය. අවට හොඳ ගැරේජයක්ද පෙනෙන්නට නොතිබිණි. ඒත් ළඟපාත විජාතික කොලුගැටයකුගේ කුඩා ගරාජයක් තිබිණි. එයට වාහනය තල්ලු කරගෙන විත් දැමුවත් එයින් කාරය පණ ගැන්වීමට යමක් කර ගැනීමට ඒ හාදයාට නොහැකි විය. වාහනය අතපත ගෑවා පමණි. ඒත් කිසිදු අලුත්වැඩියාවක් නොකළත් ඔහු එය පරික්ෂා කළ බැවින් තරමක ගාස්තුවක් ගෙවන්නට හිමියන්ට සිදු විය.
මෙවැනි අවස්ථාවක නම ‘කිරිඅප්පච්චි” වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් කළ කී දෑ මතකයට නැංවිණි. කටුගස්තොට හාදයාද හිමියන්ව එතරම් ගණන් ගත්තේම නැත.
“දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ නොවැ.
අපි මේක කාලි මෑණියන්ටවත් කියා බලමු.”
නිමේෂයක් ගතවත්ම අනුරුද්ධ නායක හිමියන් සංසුන්ව තම පිළිවෙත් අනුගමනය කරමින් හෙමින් සීරුවේ මන්ත්‍රයක් ජපකොට තමන් වහන්සේට හදිසියේ සිදුවූ මේ ඇබැද්ධිය කාලිමෑණියන්ට මනසින් පවසන්නට විය. තඩි කළු පූසෙක් ආපදාවට ලක්වූ වාහනය මතට පැන හිමි පාමුල දැවටෙන්නට විය.
ගතවූයේ මොහොතකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මෙයට වසර හතළිස් ගණනකට පෙර හාමුදුරුවන් සමඟ සිටි සමකාලීන මිතුරකු වූ අශෝක මහතා එක්විටම මුණගැසුණි.
ඔහු වෛද්‍ය පරීක්ෂාව උදේම නිමකොට නිවස බලා තම කාරයෙන් පිටත්ව යාමට සූදානම් වුවද හදිසියේම කාලිමෑණියන් සිහිපත් විය. එතුමා කාලිමෑණියන් විශ්වසනීයත්වයෙන් අදහන බැතිමතෙකි. කලකට පසු කාලිමෑණියන් සිහිපත් වුණේ කළ වෛද්‍ය පරීක්ෂණයේ අඩුපාඩුවක්වත් සිදු වුණා දෝ’යි ඔහුට සිත් විණි.
“ආ........හ්........ මට රුධිර පීඩනය බලන්න අමතක වුණා නේන්නම්.”
ආපසු වාහනය පණ ගන්වා කටුගස්තොට නගරයට පිවිසීමත් සමඟ අශෝක මහතාට අනුරුද්ධ හිමියන් මුණගැසුණි.
සිදු වූ ඇබැද්ධිය අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් අශෝක මහතා වහාම ඉදිරිපත්ව තම මුදලින්ම වාහනය අලුත්වැඩියා කොටදී ඉතා ඉක්මනින් උන්වහන්සේගේ ගමන් පහසුව සලසා දුණි.
මෙම කතා පුවත් දෙක කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් විට මගේ සිත කාලවකවානු දෙකකදී ගරාජ තුළ කොණ්ඩදෙණියේ හිමිවරුන් මුහුණු දුන් අභියෝග සහ දෙදෙනා ගත් පියවරවල වෙනස පිළිබඳවය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂ්‍ය විෂය දකුණු ආසියාතික රටවලට පමණක් විශේෂ වූවකැයි බොහෝ දෙනා සිතති. නමුත් එක් එක් රටවල් අරබයා විවිධ වූ ඡ්‍යොතිෂ්‍ය ක්‍රම, අනාගතය පිළිබඳ...
2023-05-18 18:30:00
විවාහ ජීවිත රුවන් මාලිගයේ පිවිසුම් රන් යතුර ඇත්තේ බිරිය අතේ ය.වසො දුස්සරියං ලොකෙ ස්ත්‍රී භණ්ඩාන මුත්තමං (දුස්සරිය සූත්‍රය)(ලොව ඇති ජීවී හා...
2023-05-18 18:30:00
පැරැණි කාලයේ ගැමි ගෙදර දරුවකු ප්‍රසූත කළ මොහොතේ දී දරුවාගේ දෙකකුල්වලින් අල්ලා ඉහළට ඔසවා සෙලවීමේ දී හඬන විටම කෙසෙල් කුරුල්ලකුට මන්නයෙන් හෝ...
2023-05-18 18:30:00
ඔබට ඕනෑම උපන් දිනයකට අදාළව පෞද්ගලික අංකය සහ දෛව අංකය සොයා ගන්නා ආකාරය ගැන අවබෝධයක් ඇතයි සිතමි. එම නිසා පෞද්ගලික අංකය සහ අනිකුත් අංකයන් අපේ...
2023-05-18 18:30:00
මනුෂ්‍යාගේ භෞතික ශරීරයත්, ඒ වටා ඇති ශක්ති ශරීරයත් (Engrgy Body) බලගන්වමින් ජීවිතයේ කායික, මානසික, භාවමය හා ආධ්‍යාත්මික පාර්ශ්වයන් මනා ලෙස ගොඩනැඟිය...
2023-05-11 18:30:00
“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල්...
2023-05-11 18:30:00
මේ වෙසක් දිනවලදී අපට නිරතුරුවම අසන්නට ලැබෙන්නේ සුවපත්වේවා, දීර්ඝායු වේවා යන ආශීර්වාදයන්ය, දීර්ඝායු ලබන්නට පෙර පින් එකතු වී තිබිය යුතු වෙයි. පෙර...
2023-05-11 18:30:00
කලාව කියන්නේ ක්‍රමය කිවොත් හරිනේ. අපි ඕනෑම දෙයක් කරන්නට ඕනෑ කිසියම් ක්රමයකටයි. ඡ්‍යොතිෂයේ කලාව කිව්වේ ඒක නොවෙයි. අහල ඇති ද මන්දා ඡ්‍යොතිෂයේ...
2023-05-11 18:30:00
මෙලොව උපදින ඕනෑම අයෙකුට නිසැකවම හිමිවන එක් දෙයක් වෙයි. ඒ නම සහ උපන් දිනයයි. නමුත් එය මිනිසුන් වන අපට පමණක් පොදු කාරණයක් නොවන බව ඔබට තර්ක කලහැකිය. ඔබ...
2023-05-11 18:30:00
වැඩිදුර අධ්‍යාපන කටයුතු වෘත්තිය කටයුතු හේතුවෙන් ශී‍්‍ර ලාංකික බහුතරයක් මෙම භූමියෙන් ඈත් වුවද ඔවුන් තුළ තවමත් සිංහල අපේ කම ගැබ්ව තිබේ. එනිසා ඔවුහු...
2023-05-11 18:30:00
බුද්ධත්වයට සහය දුන් නොපෙනෙන බලවේගසිවිල් ඉංජිනේරු විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය ,විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ප්...
2023-05-05 18:30:00
රවි මණ්ඩලය මනාව වැඩී ඇත්නම් ඔහුනට ප්රතාපවත් පෙනුමක් ලබා දේ. කාන්තාවක් නම් ඉතාම රූමත් වෙයි. මහජනයා අතර ප්‍රසිද්ධ වන අතර, ආගිය හැම තැනකදීම නායකත්වය...
2023-05-04 18:30:00
කෙනෙක් උපදින අවස්ථාවේ පිහිටි ග්රහයින්ගේ තත්ත්වයත්, එම ග්‍රහයින් තැන්පත්ව පිහිටි ස්ථානයත්, ඔවුන්ගේ බල දුබලතාවන්, ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයන්...
2023-04-20 18:30:00
ඔන්න අදත් ඔයාලාට වටිනා ලිපියක් රැගෙනයි ආවේ. විශේෂයෙන්ම දරු සුරතල් බලන මවට පියාට දරුවා ඉපදිලා මාස 06ක් පමණ ඉක්මයාමත් සමඟ දරුවාට ඉදුල් කට ගෑමේ අවස්ථාව...
2023-04-20 18:30:00
පුහුදුන් අපට පමණක් නොව බුදුපියාණන්ටද සතුරන් සිටි බැව් නොරහසකි. මෙවන් සතුරු බලවේග කල්තබා හඳුනා ගැනීමට හැකි එකම ක්‍රමවේදය ඡ්‍යෝතිෂයේ දක්වා ඇත්තේය....
2023-04-20 18:30:00
දෙවියන් උදෙසා පූජාවක් තබන විටදී තබන්නන් වාලේ තබනවාට වඩා ඔබ බුද්ධිමත්ව නියම ආකාරයෙන් පූජා කිරීම මැනවි. ඒ සඳහා වන දෙවියන්ට විශේෂ වූ පූජා ද්‍රව්‍ය සකස්...
2023-04-13 18:30:00