වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඇතැම් ගැහැනු දරුවන් වැඩිවියට පත්වීම ප්‍රමාද වන්නේ ඇයි?
අප්‍රේල් 29, 2022
සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනුයේ, ප්‍රථම ආර්තවය සිදුවීම වශයෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙය වෛද්‍ය විද්‍යාවට අනූව නම් ඊට හාත්පසින් වෙනස්, සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහිදී, අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා පළමු ආර්තවය යනු සම්පූර්ණ ආර්තව ක්‍රියාවලියේ එක් අවස්ථාවක් වන අතර, එය තවත් ක්‍රියාවලි ගණනාවක් සමඟ බැඳී පවතී.
වයස් සීමාවන්වල බලපෑම
සාමාන්‍යයෙන් දැරියක් වැඩිවියට පත්වෙතැයි අපේක්ෂා කරන වයස් සීමාව අවුරුදු 12 – 14 දක්වා කාල පරාසයක පවතී. පසුගිය වසර සියයක පමණ කාලය සලකා බැලුවහොත් ලෝකයේ ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමේ වයස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පැහැදිලි කරුණකි. මෙයට හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආහාර රටාවේ ඇති වූ ප්‍රබල වෙනස්කම් නිසා පෝෂණයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවයි. අධිපෝෂණයෙන් යුතු සකස් කළ ආහාර පාන හා කුකුල් මස් වලින් ද, කෘත්‍රිම වර්ධක හෝමෝන භාවිතයෙන්,වෙළඳපොළට එන ආහාර බහුලව ආහරයට ගැනීම මීට එක් හේතුවකි.
ශරීරයේ සිදුවන වෙනස්වීම්
වැඩිවියට පත්වීමේදී දැරියකගේ ශරීරය විවිධ වෙනස්කම් රැසකට භාජනය වෙයි. මේ නිසා මෙය එක් අතකින් සංක්‍රාන්ති සමයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මුල් අවස්ථාවේ දරුවාගේ උස වැඩිවීම සිදුවන අතර ඒ සමඟම පියයුරු වර්ධනය, ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව හා අත්යට රෝම වර්ධනය, ශරීරය මනාව පිරුණු ස්වභාවයක් ගැනීම ද සිදුවේ. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස ආර්තවය (මාසික ඔසප්වීම) සිදුවේ. දැරියකට සිදුවන මෙම පළමු “ රුධිරය පිටවීම ” ගැමි සමාජය විසින් වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි.
වැඩිවිය පැමිණීම ප්‍රමාද කරවන හේතු
සමහර දැරියන් කිසිදු රෝගාබාධයක් නොමැතිව, ස්වාභාවිකව අන් දැරියන්ට වඩා මඳක් පසු වී වැඩිවියට පත්වනු දැකිය හැකිය. සාමාන්‍යයෙන් එම දැරියගේ මව, සහෝදරිය ආදී වශයෙන් වූ පවුලේ සමීප ඥාතීන් වැඩිවියට පත්ව ඇත්තේ තරමක් ප්‍රමාද වී නම් බොහෝ විට එවැනි ගැහැනු දරුවන් ද තරමක් ප්‍රමාද වී වැඩිවියට පැමිණීම සිදුවීම දැක ගත හැකියි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂිත කාරණය වන්නේ දරුවාගේ සිරුරේ පියයුරු වර්ධනය, රෝම වර්ධනය, උස යෑම නිසිලෙස සිදුවේ නම් වයස අවුරුදු 16 පමණ වනතෙක් ආර්තවය ප්‍රමාද වීම ගැන එතරම් කලබල වීම අවශ්‍ය නොවන බවයි.
හෝමෝන
අසමතුලිතතාවය
දැරියක් වැඩිවියට පත් වීමට ශරීරයේ යම්කිසි ප්රශස්ත බරක් තිබීම ඉතා වැදගත් වේ. නමුත් යම්කිසි දරුවකු බෙහෙවින් කෙට්ටු නම්, එසේම ක්‍රීඩාවල නිතර යෙදෙනවා නම් එවැනි දැරියන්ගේ ද පළමු ආර්තවය මඳක් ප්‍රමාද වීම සුලබව සිදුවිය හැකිය. එමෙන්ම දැරියකගේ වැඩිවිය පැමිණීමට හයිපොතැලමස, පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බකෝෂ යන අවයවයන්ගෙන් ස්රාවය වන හෝර්මෝන අතිශයින් වැදගත් වේ. මෙම හෝර්මෝනවල යම්කිසි අසමතුලිතතාවක් පැවතීම ද දැරියකගේ වැඩිවිය ප්‍රමාද වීමට බලපායි. ඊට අමතරව කාන්තා ප්‍රජනක පද්ධතියේ පවතින අසාමාන්‍යතා හා සංකූලතා නිසාත්, පළමු ආර්තවය සිදුවීම ප්‍රමාද වීමට ඉඩ ඇත. එමෙන්ම සමහර රෝගාබාධ එනම්, අධික ස්ථූලතාව, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග තත්ත්ව සහ ශරීරයේ පවතින වෙනත් රෝගී තත්ත්ව ද දරුවකු වැඩිවියට පත්වීම ප්‍රමාද කළ හැකි සාධක වේ.
වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
මේ සාධක හැරුණු විට බොහෝ දැරියන් වැඩිවියට පත්වීම ප්‍රමාද වීමට තහවුරු කරගත නොහැකි හේතු සාධක ද බලපෑ හැකිය. හඳුනා නොගත්, මඳක් අසාමාන්‍ය මෙවැනි තත්ත්වයන් වලදී සමවයසේ අනිකුත් ගැහැනු දරුවන් වැඩිවියට පත්වී තමා පමණක් වැඩිවියට පත් නොවීම පිළිබඳව දැරියක තුළ විශාල මානසික කම්පනයක් ඇති කළ හැකි වේ. එනිසා මෙවැනි පසුබිමක් තුළ සිටින දරුවන්ට මවුපියන්ගේ නොමඳ අවධානය හා සහාය නිරතුරුවම අවශ්‍ය වනු ඇත.
දියණියට වඩාත් සමීප වී කටයුතු කිරීම මෙන්ම අවබෝධයෙන් මේ අවධියේදී කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් දැරියක වයස අවුරුදු 14ක් පමණ පසුවීත් වැඩිවිය පැමිණීම සිදුවී නැත්නම් හෝ එම දැරිය වැඩිවිය පැමිණීම මේ කාලවකවානුව තුළ සිදු නොවන බවක් පෙනී යනවා නම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකු හමුවීමෙන් ඒ පිළිබඳ ඊට බලපාන හේතු සහ ඒ සඳහා කළහැකි පිළියම් ගැන සාකච්ඡා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි.
(ඩ්ඥපචතඤ ර්‍ණජ් ඩ්ඥචතබඩ ඇසුරිණි) කීර්ති එස්. කුමාර
෴ සබැඳි ලිපි ෴
බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ නවීන විද්‍යාව බටහිර රටවල්වලින් ලොවට ලැබුණු දායාදයක් බවයි. එහෙත් නවීන විද්‍යාව බිහිවීමට තැනූ අඩිතාලමේ මුල් පඩිය...
2024-08-01 18:30:00
ඇසළ සමයේ එක් සති අන්තයක හිමිදිරියෙන් අවදි වූ කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව සහ පන්සල් භූමිය ඇමද සියලු වත්පිළිවෙත් අවසන් කර හීල්දානය ද...
2024-08-01 18:30:00
එක් රෝගියකු සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකුගේ සායනය වෙත පැමිණ සිටියේ ඔහු නින්දෙන් අවදි වීමට හෝරාවකටත් පෙරය.“මට තව එක මිනිත්තුවක්වත් පරක්කු වෙන්න බැහැ කියල...
2024-08-01 18:30:00
පහන දල්වා අතේ තබාගෙන පහත සඳහන් ගාථා තුන්වර බැගින් පහනට පිරිත් කරන්න. දිනපතා දල්වන බුදු පහනට අමතරව මේ පහනත් පූජා කරන්න.1. සබ්බේ සත්තා සුඛප්පත්තාඅවේරා...
2024-08-01 18:30:00
කාන්තාව යනු ඕනෑම ජන සමාජයක එහි පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන්නාවූ අයෙකි. අපේ පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම බෞද්ධ...
2024-07-25 18:30:00
“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මෙවර මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සැබෑම “ජයපිරිත” පිළිබදවයි....
2024-07-25 18:30:00
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි මස 06 වැනිදා ආරම්භ විය. ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමෙනි. පෙරහර පැවැත්වීමට දින හතළිස්...
2024-07-18 18:30:00
වෙසක්, පොසොන් මාස දෙකට ඉක්බිතිව එළැඹෙන ඇසළ මාසය දෙව් සැණකෙළි මාසය ලෙසින් ප්‍රචලිතය. බෞද්ධ පුද පූජා, වත්පිළිවෙත් පැවැත්වෙන අතර දෙවියන්...
2024-07-18 18:30:00
කතරගම පූජා භූමිය වසරේ දවස් තුන්සිය හැටපස් දවස පුරාම සැදැහැවතුන්ගෙන් පිරී පවතින පින් බිමකි. නිවාඩු දිනයක් වේවා පොහොය දිනයක් වේවා සතියේ රාජකාරී දිනයන්...
2024-07-18 18:30:00
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අද දින ලබා දෙන්නේ දිනපතා භාවිත කිරීමෙන් අපමණ ප්‍රතිඵල ලබා ගත හැකි මෙවන් මොහොතක භාවිතා කළයුතු මහානුභාව සම්පන්න රතන...
2024-07-18 18:30:00
මේ ලිපිය කියවන ඔබ කුමන තරාතිරමක වුවත් ජීවන ගැටලුවලට මුහුණපා සිටින කෙනෙක් විය හැකි ය. කේන්ද්‍රය පරීක්ෂා කර අපලවලට විවිධ අන්දමේ ශාන්ති කර්ම මෙන්ම ගුප්ත...
2024-07-18 18:30:00
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සඳහා දෙවියන්ගේ වෙලේ වීි සහල් රැගෙන පැමිණීම ජූලි 05 වැනි දින සිදු විය. අතීතයේ මං මාවත් දියුණු වී...
2024-07-18 18:30:00
‘වෙඩි නොවදින සුරවල බල බිඳීන්න ක්ලබ් වසන්ත මරා දැමුවේ රන් ආලේපිත උණ්ඩවලින්‘ යනුවෙන් පසුගිය 09 වැනිදා අඟහරුවාදා ‘දිනමිණ‘ පුවත්පතේ ප්‍රවෘත්තියක්...
2024-07-18 18:30:00
දුටුගැමුණු කුමරු රජවිමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරු හා යුද වැදුණේය. බුත්තල යුදඟනාව පිහිටි බිමට යුද වැදිම සඳහා සද්ධාතිස්ස කුමරුවන් පැමිණියේ...
2024-07-18 18:30:00
ලවණ රස මුසු කරදිය සුළඟ අනවසරයෙන් ඔකඳ දෙවොල් බිමට එබෙන නිස්කලංක බැතිබර හැන්දෑවකි. සැඳෑ අහසේ කෙළවර වලා වියනෙහි පඬු පැහැයෙන් දෙවොල් බිමම කලඑළිව ඇත....
2024-07-18 18:30:00
ඊජිප්තුව දැවැන්ත පිරමිඩ ඇතුළු පුරා විද්‍යාත්මක ස්ථාන හේතුවෙන් ලොව පුරා ප්‍රකට වුවද, ඊජිප්තුවට ඒ සා ප්‍රසිද්ධියක් ගෙන ඒමට වසර 5000ක් වයසැති...
2024-07-18 18:30:00