වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
දිවිමඟ හැඳිනා පවසනු මෙලෙසා
යම් ජන්මියකුගේ ජීවනෝපාය මාර්ගය දස වැන්න බලා පැවසිය යුතු බව පූර්ණාචාරීන්ගේ මතය වේ. එය නිවැරැදිය. නමුදු දසවැන්න පමණක් බැලීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජන්මියාගේ ක්‍රියාත්මක බලය (කර්මය) පමණකි. එවිට එය අර්ධ පිළිතුරකි. ජීවනෝපාය යනු තම ජීවිත කාලයේ දී අවශ්‍යතාවන් වෙනුවෙන් කිනම් හෝ දෙයක් උපයාගන්නා අන්දමයි.
එය උපයා ගැනීමට කරන ක්‍රියාව 10 වැන්නෙන් විමසිය යුතු ය. එම කර්මයේ ඵලය 11 වැන්නෙන් (10 වැන්නෙන් දෙවැන්න) විමසිය යුතු ය. කර්මයේ අභිවෘද්ධිය 10 න් 4 වූ ලග්නයෙන් පෙන්නුම් කරවාලයි. එනම් ජන්මියාගේ ජීවිතය ගෙන යාම වේ. මීළඟට දෙවැන්න විමසිය යුතු ය. එය තැන්පත් ධනයයි. ධනෝපාය මාර්ග කීපයක හිමිකරුවන් දැනගත හැක්කේ එවිට ය.
10 වැන්නෙන් රැකියා බලය විමසීමේ දී 10 ට ත්‍රිකෝණ වූ 2 වැන්නෙන් රැකියාවට අවශ්‍ය වන දැනුමත් ඊට ත්‍රිකෝණ වූ 6 වැන්නෙන් රැකියාවට සිදු කරන වෙහෙස මහන්සියත් බැලිය යුතු ය. අනෙක් වැදගත් කරුණ නම් රැකියාවේ තරාතිරම දැන ගැනීමට ලග්නයේ බලය මැන ගත යුතු ය. දුර්වල මිනිසෙකුට හොඳ තරාතිරමක රැකියාවක් නොලැබෙන හෙයිනි. ලග්නයේ (ජන්මියාගේ) බලය මැනීමට ඊට උපකාර වන 5 වැන්න හා 9 වැන්නත් සතර කේන්ද්‍රයත් ( 1 - 4 - 7 - 10) බැලිය යුතු ය. රැකියාව ගැන නිවැරැදි තීරණයකට එළඹීමට 1, 2, 4, 5, 7, 9, 10, 11 යන සියලුම භාව පිළිබඳ බැලිය යුතු බව ඉන්, අදහස් කෙරේ. ග්‍රහ හා භාව කාරකත්වය පිළිබඳ දැනුමක් ද අවැසි වේ. ඒ ගැන ලුහුඬින් පහත වේ.
ලග්නයෙන් හා මේෂයෙන් ස්වයං රැකියා ළමයින්, හිස සම්බන්ධවත්, 2 වැන්න හා වෘෂභයෙන් පවුල් සංවිධාන, ඇස්, ආහාර, මුදල් සම්බන්ධ කතාව, සාහිත්‍ය යනාදී දේ ගැනත්, 3 වැන්න හා මිථුනය කෙටි ගමන් බිමන් පණිවුඩ සම්බන්ධව අත්කම් යනාදී කර්මාන්ත ද 4 වැන්න හා කටකය ඉඩකඩම්, නිවාස, සැප පහසුකම්, හෘදය, පපුව, රථවාහන යනාදී දේ සම්බන්ධ රැකියා ද, 5 වැන්න හා සිංහය දූදරුවන් බුද්ධිය, නැටුම්, සංගීත, චිත්‍ර, ක්‍රීඩා සම්බන්ධ රැකියා ද 6 වැන්න හා කන්‍යාව ණය ගනුදෙනු, ලෙඩ රෝග, ආයුධ, සත්ව, රෙදිපිළි සම්බන්ධ රැකියා ද, 7 වැන්න හා තුලාව විවාහ සහකාරකම් සමාජශීලී අයවළුන් නඩු හබ සම්බන්ධ රැකියාද 8 වැන්න හා වෘශ්චිකය - රහස් කටයුතු මරණ සම්බන්ධ (මළගියවුන් සම්බන්ධ) රැකියා ද 9 හා ධනුවෙන් ධර්මානුකූල හා ඒ ආශි‍්‍රත රැකියා, ගුරුකම්, නීතිමය පියවර විහාර දේවාල සම්බන්ධව ද, 10 හා මකරය නඩුකාරවරු, රාජ්‍ය, රාජ්‍ය නායකවරු ආණ්ඩුව සම්බන්ධව ද 11 හා කුම්භය මුදල් සම්බන්ධ පාද සම්බන්ධව සමාජශීලී රැකියා ද 12 හා මීනය විහාර දේවාල බන්ධනාගාර රෝහල් යනාදී කර්මාන්ත ආශි‍්‍රත රැකියා ගැන කියයි.
රවිගෙන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා පාලනය එළිදැක්වීම, ගින්දර සම්බන්ධ දේ නඩු විභාග බෙහෙත් ද්‍රව්‍ය සම්බන්ධව ද, සඳුගෙන් ලිපි ලේඛන, ආහාරපාන, ඇස්, ස්ත්‍රීන් ගැන, මහජනයා සම්බන්ධව පණිවුඩකාරයන්, වින්නඹුවන් යනාදීන් සම්බන්ධවද, කුජගෙන් භූමිය සම්බන්ධව, හමුදා පොලිස් අංශ සම්බන්ධව, ගින්දර, තරග, ශල්‍ය අංශය, අපද්‍රව්‍ය, යුද්ධ කලකෝලහල සම්බන්ධවද, බුධගෙන් ගණිත මිණිත කටයුතු, නර්ථනය, වාදනය, වෙදකම, කතාව, බ්‍රෝකර් වැඩ, තර්ක ශාස්ත්‍රය, ගුරුවරුන්, ලිපිකරුවන්, ගත්කතුවරුන් ගැන ද ගුරුගෙන් ස්වයං රැකියා, පූජා ද්‍රව්‍ය, වෙහෙර විහාර, ධන ධාන්‍ය, ගෙවල් දොරවල්, නඩුකාරවරු, නීතිඥයන්, ගුරුවරු, වෛද්‍යවරු යන රැකියා ද ශුක්‍රගෙන් ස්ත්‍රීන් සම්බන්ධයෙන්, රෙදිපිළි ගැන, විවාහ මඟුල් සම්බන්ධව චිත්‍ර සංගීතය ගායනය ආභරණ හෝටල් සිනමාශාලා ආශි‍්‍රතව ද ශනිගෙන් සතුන් සම්බන්ධ දේ. වෙදකම සම්බන්ධව රෝහල් ආරෝග්‍යශාලා සම්බන්ධව පීඩිත කම්කරුවන් පොදු ජනතාව සම්බන්ධව ද, රාහුගෙන් රහස් කටයුතු, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ක්‍රියා, ප්‍රසිද්ධ වීම්, බෙහෙත් ද්‍රව්‍ය යනාදී දේ ද, කේතුගෙන් පොත්පත් දැනුම සම්බන්ධ දේ ද, ග්රන්ථකරණය, ගින්දර සම්බන්ධ දේ අමනුෂ්‍යයන් සම්බන්ධ දේවල් ද ලෙස කාරකත්ව දරා සිටී.
තවත් බොහෝ ග්‍රහයන්ගෙන්, භාවයන්ගෙන් රාශිවලින් කියවෙන දේ ඇත. පොත් පත් බලා දැනුම වර්ධනය කරගත යුතු ය.
මේ වන විට රැකියා බලය ගැන ප්‍රමාණවත් දැනුමක්ලැබී ඇත. මීළඟට භාව ඵල විමසීම කරන අයුරු මෙසේ වේ.
පළමු කොට ලග්නයේ ත්‍රිකෝණ බලය විමසිය යුතු ය. 1, 5, 9 අධිපතියන් ඔවුනොවුන් දෘෂ්ඨි සංයෝගවලින් සම්බන්ධ වී නම් ජන්මියාගේ උපත වාසනාවන්ත බවත් ශක්තිමත් එකක් බවත් ඉඟි පල කරයි. පෙර කී ත්රිග්රහයන් සුබ බැලුම්වලින් සංයෝගවීම්වලින් බලවත් වී නම් උපත බලවත් ය. නැතහොත් නිර්බලය. මීළඟට 1, 4, 7,10 අධිපතියන් ද එලෙස දෘෂ්ටි සංයෝගවලින් බලවත් නම් බලවත් කේන්ද්‍රයකි. ජන්මය, ජනතාව අතර, සමාජය අතර, කර්මය බලවත් ය. සිත ශක්තිමත් ය. ඉන් අනතුරු 10, 11, 2 ගැන විමර්ශනය කර පලාපල කිය යුතු ය.
5 අධිපතියා නීචව 9 අධිපති සමඟ ලග්නයේ වෙද්දී ලග්නාධිපති 7 සිට හෙළන බැල්මෙන් සඳුගේ නීචය භංග වී ඇත. ගුරුට (9) සංයෝග නිසා සඳු සුබයෙක් වේ. කුජට ද ගුරු බැල්මෙන් කුජ ද සුබ වේ. 4 අධිපති ශනි 6 ද 7 අධිපති 12 ද සප්තමව සිටී. සුබයෙක් වූ කුජගේ රාශියේ ශනි ද සුබයෙක් වී ඇත. කුජගේ රාශ්‍යාධිපති ලෙස ස්වක්ෂේත්ර කිවිද සුබයෙකි. 10 අධිපති රවි 2 වැන්නේ සිටිනුයේ කුජගෙන් දෘෂ්ටියක් ලැබගෙනය. රවි ද සුබ වී ඇත. බලවත් කේන්ද්‍රයක් බව නිගමනය කළ හැකි ය.
10 අධිපති බුධ සමඟ දෙවැන්නේ වේ. බුධ 8 - 11 අධිපතියා විය. බුධ කතාකාරයාය. එබැවින් කතාවෙන් රැකියාව කරයි. කුජගේ බැල්මෙන් කතාවට හොඳ තරගකාරයක් කර ඇත. එනම් වාද විවාද කරන්නෙකි. බුධ ට 8 හිමි වීමත් රාහුගේ බැල්මත් නිසා අමුතු වේගවත් කතාවක් උරුම කර ඇත. රාහු දකින්නේ 6 වැන්නේ සිට නිසා නඩු කටයුතුවලට සම්බන්ධ වේ. දෙවැන්නාධිපති සඳුට සංයෝගව ලග්න ගත වූ නිසා 9 වැන්නෙන් හා ගුරුගෙන් කියවෙන නීති රීති අංශයට ලග්නය නැඹුරු කර ඇත. ලග්නාධිපති ද, තුලා රාශියේ උන් සිකුරුගේ රාශියක වීම නිසා යුක්තිය පසිඳලීමට ලග්නය නැඹුරු කරවාලයි.
ඡ්යොතිශ්ශාස්ත්රඥ සෙත්කවි රචක,
ආර්. පි‍්‍රයංකර